නගරාසන්න නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණ ආවේ නිවැසියන් රූපවාහිනිය නරඹන මොහොතේය.
”සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි ආවේ,” ඔවුහූ කීහ. නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ එබඳු වරදක් නොකළ නිසාය. ”පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි” කී ඔවුහූ නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී අඳුරේ බලා සිටියහ.
කුඩා විදුලි පන්දමකින් මිනිත්තු ගණනක් මීටරය පරීක්ෂාකළ එක් අයෙක් ”කිසි වරදක් නෑ. සමාවෙන්න දැන් ලයිට් දාගන්න” කියා සිය යතුරු පැදිය පණ ගැන්වීය.
නොගැලපෙන පෙම් සබඳතාවක් නිසා නිවාස අඩස්සියේ සිටි බාල දුව නිවසේ නැති බව මොහෙතකට පසුව පෙනුණෙන් ඔවුන්ට දෙවියන් සිහිවිය.
පසුවදා ඔවුන්ට දැනගන්නට ලැබුණේ පෙරදා පැමිණියේ විදුලි බල මණ්ඩල සේවකයන් නොව ඇගේ පෙම්වතා සහ යහළුවකු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ ගියදා පටන් ඉහිල කුරුළු කුඩුවෙන් සංතෝෂයක් නෑ හිතේ ...// සංතෝෂයක් නෑ හිතේ ...// ගියදා පටන් ඉහිල කුරුළු කුඩුවෙන් සංතෝෂයක් නෑ හිතේ ... ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන් ඔබත් කුඩුවක් තනන්නනේ ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ...// නැවත එන්න පියඹලා දුවේ...// ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ... හනික එන්න පියඹලා දුවේ ... ඈවිත් යන්න එන්න සුදු දුවේ ... (අ)
පව් අහිංසක කොල්ලා.(නදී)
ඔලුවෙන් වැඩ කරලා තියනවා (ත)
මේ කාලේ වෙන දේවල් වල හැටියට, හරි විදියට නම් ඔතන අතුරුදහන්වෙන්න තිබුනේ දුගේ අම්මව තමයි. (නදී)
ඔන්න මාමෙ කෙල්ල පැනපි.(නදී)
අයියෝ මම හිතුවේ මායා බන්දන වගේ රූපවාහිනී නාටක මාලාවක් වගේ එකක් කියලා.(නදී)
මේක වංචාවක්. කෙල්ල කැමැත්තෙන් ගියා නම් මොනා කරන්නද ? (නදී)
අනේ අම්මේ තාත්තේ අලුත් ජෝඩුවට ආශීර්වාද කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (නදී)
අදහස් ප්‍රකාශ කලාට , වේදනාව තියෙන්නේ දෙමාපියන්ට. නමුත් කොල්ල කරලා තියෙන්නේ 1980 ගණන් වල කරපු සරල සෙල්ලමක්.(නදී)
පින හා පවා පල දීම නවත්වන්න බැහැ.දෙමව්පියන් අකමැති වෙන්න මොකක් හරි හේතු ඇති. දැන් ළමයින් නීතිය අතට ගන්න කාලයක්. මානව හිමිකම් කියල මෝඩ වැඩ කරනවා. හොදින් හිටියොත් හොඳ වේවි. (දිල්)
ළමයෙක් ලොකු මහත් කරන්න දෙමාපියන් විඳින දුක දන්නේ එයාලා විතරයි. කවදාහරි ඒ ළමයි දෙමව්පියන් උනු දවසක ඒක තේරෙයි.(නදී)
දරුවෝ අනවශ්‍ය සබදතා හදා ගත්තම දෙමවුපියෝ අසරණ වෙනවා...දෙමවුපියන් උත්සහකරන්නේ කොහොමින් හරි දරුවන්ට යහපතක් කරන්නයි. නමුත් දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ.....(අ)
ළමයට අවුරුදු 18 නැති නම් 21 පැනලා නම් ඒ කියන්නේ නීතියෙන් වැඩිහිටියෙක් නම් මොනවට හිරකරගෙන ඉන්නවද? කැමති කෙනෙක් එක්කල යන්න අරිනවා මිසක්.(නදී)
කොහොමද සමාජයට මුහුණ දෙන්නේ ? අනේ මන්දා (අ)
දරුවෝ නිවාස අඩස්සියේ තියල ප්‍රශ්න විසදන කාලයක් නෙවෙයි දැන්. මේකෙන් ගත යුත්ත වන්නේ, පොලිසිය හමුදාව ඇතුළු සෑම නිලදරියෙකුම , කාර්යාලයෙන් පිටත ඕනෙම රාජකරියකදී තමන්ගේ හැදුනුම්පත පෙන්වා අනන්‍යතාවය තහවුරු කලයුතු බව. එයට පැකිලීම නුසුදුසුයි. අපරාධ කරුවනුත් මෙලෙස කිසිම බාධාවකින් තොරව නිවෙස් වලට එන්න ගනීවි මෙහෙම ගියොත්.(නදී)
තේරෙනකොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි(දිල්)
මේ වගේ අයට දඩුවම් කරන්න(දිල්)
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.... (ස)
නිවාස අඩස්සියේ දරුවා තබා ගැනීම වැරදියි කීවට, ඒ ළමයා මඟ නොමඟ නොදත් කෙනෙකු එක්ක නම් ගියේ දෙමාපියන් වැරදි නෑ නේද? ළමයින්ට තේරෙන්නේ නෑ. තේරෙන කොට නැවත හැරෙන්නත් බෑ. (ස)
වෙලාවට කෙල්ල අරන් ගියේ ? සල්ලි ටිකත් අරන් පැන්න නම් ඉවරයි.(නදී)
ලොව කෙටිම කාලයකදී සිදුවූ ගැහැණු සොරකම. ගිනිස් පොතට වාර්තා කරමු. (නදී)
මේක බැලුව ඔයාල හිතුවද ලංකාවේ සුපිරිම මොලකාරයෝ ඉන්නේ කියලා. පැනල ගිහින් හොඳින් පවුල් ජිවිතයක් ගත කරද්දී දෙමාපියන්ගේත් ආශීර්වාදය ලැබෙද්දී මේ වෙච්ච සිද්දිය මතක් කරලා කොච්චරවත් ඒ දෙපලට සතුටු වෙන්න පුළුවන්. පැනල ගියත් ඔබ දෙපලට සුබම අනාගතයක් ! ආදරණිය හදවත් තේරුම් ගනී, ආදරේ සුවය විඳලා ,වැඩිහිටි වෙලා ඉන්න සමහරක් උදවිය මට බනියි. දෙමාපියන්ගේ සිත් රිදවීම අනුමත නොකරමි. (නදී)
මොනවා උනත් නියම කොල්ල මන් මොළකාරය (අ)
නිසි වයසට ආ තම දියණියක් උනත් මෙහෙම නිවාස අඩස්සියේ තබා ගැනීම වරදියි.(නදී)
මහ රෑ විදුලි මීටර බලන්න දෙන්නේ ඇයි. (ත)
මිනිසුන් දනගන්න ඕන නොහඳුනන පුද්ගලයන් සවස 6න් පසු ගෙවල් වලට එනවනම් ඒ ගැන කල්පනාවෙන් ඉන්න . පොලිසියට වුණත් අනන්‍යතාවය තහවුරු නොකර නිවසකට එන්න නීතිමය අවසරයක් නැහැ. (ත)
තම නිවසට එන ඕනෙම කෙනෙකුගේ හැදුනුම්පත බැලීමට නිවැසියන්ට අයිතියක් ඇත. (ත)