(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
විදුලි මීටරය පරීක්ෂා කිරීමට විදුලි බල මණ්ඩලයෙන් පැමිණි බවට පවසා නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු ගෙහිමි කාන්තාවගේ ජංගම දුරකථනය සහ රුපියල් තුන් දහසක් රැගෙන පලාගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ.
මුහුණ දුන් කාන්තාව පවසන පරිදි සිද්ධිය මෙසේය.
දියණිය සහ බෑණා රැකියා සඳහා පිටත්ව ගිය පසු නිවසේ සිට ඇත්තේ ඇය පමණකි. උදේ දහයට පමණ පැමිණි පුද්ගලයකු ඉදිරිපස ගේට්ටුවට තට්ටු කරන හඬ ඇසී ඈ ඒ දෙසට ගොස් ගේට්ටුව ඇරියාය.
හොඳින් ඇඳපැළඳ ගත් මැදි වියේ පුද්ගලයෙකු ‘මම විදුලි බල මණ්ඩලෙන්, මට පොඩ්ඩක් මීටර් එක චෙක් කරන්න ඕන’ කියාගෙන පැමිණ නිවෙසට ඇතුළුවී ප්‍රථමයෙන්ම ගෙහිමි කතගේ දුවට කතා කරන බව අඟවමින් රඟපෑමක් කර ඇත.
“ඔව් මැඩම් මම ආව මීටර් එක චෙක් කරන්න, මම ඒක බලන්නම් තෑන්ක්ස් මැඩම්” කියා ඇමතුම විසන්ධි කර තම දුරකථනය සාක්කුවේ දමාගෙන “මිස් කියල තිබුණා මීටර එක වැඩියෙන් දුවනව වගේ කියල, ඒක බලන්නයි ආවෙ” කියමින් ගේ පුරා සෑම කාමරයකටම යමින් විදුලි බුබුළු දල්වමින් නිවමින් ගොස් ප්‍රධාන විදුලි ස්වීචය ද මීටරය ද පරීක්ෂා කර බලා “අම්මෙ, මට පොඩ්ඩක් ඔයාගෙ ෆෝන් එක දෙන්න, පිංතූර දෙක තුනක් ගන්න, මගේ ෆෝන් එකෙන් ෆොටෝ ගන්න බෑ” කියා ඇයගෙන් දුරකථනය ඉල්ලා ගෙන මීටර පෙට්ටියේ පින්තූර කීපයක් ගෙන පසුව එම දුරකථනයෙන්ම ගෙහිමි කාන්තාවගේ බෑණාට ඇමතුමක් ගෙන යමක් පවසා දුරකතනය ඔහුගේ අතේ තියාගෙනම “අම්මෙ මේකට මීටර් පෙට්ටියක් සහ තව කෑලි වගයක් දාන්න වෙලා, රුපියල් පන්දාහක් විතර යනවා පුතා කිව්ව සල්ලි ඉල්ල ගන්න කියල” යැයි කියා ඇත.
මේ අතර ඇය කීප විටක්ම තම දුරකතනය ඉල්ලා ඇතත් එය ගණනකට නොගත් ඔහු තම කමිස සාක්කුවට අත යවමින් හැඳුනුම්පතක් පෙන්වීමට මෙන් රඟපා “මේ ගත්ත ෆොටෝස් ටික යවා ගන්නත් ඕනෑ, බය වෙන්න එපා මම ඒක දෙන්නම්, අපි මේ නිතර යන එන මණ්ඩලේ කට්ටිය නේ” කියමින් නැවතත් වරක් මුදල් ඉල්ලා ඇත.
ඒ අනුව තමා ළඟ එතරම් මුදලක් නැතැයි කියා ඇය මුදල් පසුම්බිය විවෘත කරන විටම “ආ... ඔය තියෙන්නෙ සල්ලි” කියා එහි තිබූ රුපියල් තුන් දහස බලෙන් මෙන් රැගෙන දුරකථනය ද නොදී ඉක්මනින්ම නිවසෙන් පිටව ගොස් ඇත්තේ අසල්වැසියකුට කතා කරන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි මණ්ඩලේ නමින් හොර නළුවෙක් ඇවිත්