කොළඹට ආසන්න ප‍්‍රදේශයක ජීවත්වූ යුවළක් සිය දරු දෙදෙනාත් සමඟ සෙනෙහසින් කාලය ගෙවනු ලැබුවේ අගහිඟකම් මැද්දේය.
මෙම කාන්තාවගේ සැමියා සේවයේ යෙදී සිටියදී විදුලි සැර වැදී ඇති බවට ලැබුණ පණිවිඩයෙන් දරාගත නොහැකි වේදනාවට පත්වූ අය සිය සැමියා සොයා රෝහල වෙත දිව ගියේ සිහිවිකල් වූ ලෙසය.
සැමියාගේ නෑ හිතවතුන්ටද මෙම අනතුර පිළිබඳව දැනුම් දුන් බිරිය රෝහලට ගොස් සැමියා පිළිබඳව සොයා බැලීමේදී ඔහු මියගොස් ඇති බව දැනගන්නට ලැබීමත් සමග අසල සිටි සියලූම නෑ හිතවතුන් වැළපෙන්නට වූයේ මියගිය පුද්ගලයාගේ ගුණවත්කම ගැන මෙනෙහි කරමිනි.
හදිසියේම බිරියගේ දුරකථනය නාදවූයේ සැමියාගේ දුරකථන අංකය ජංගම දුරකථන තිරයේ සටහන් කරමිනි.
මියගිය සැමියාගෙන් ලැබුණ දුරකථන ඇමතුමෙන් බියට පත් බිරිය තව තවත් හැඬුවා පමණය.
මම මැරිලා නෑ ගෙදර එනවා ඉක්මනට යයි සැමියා ඇමතුම් ගනිමින් පැවසුවද සිය සැමියාගේ නමත් හරි නම් මැරුණු පුද්ගලයා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීනම් සැමියාගෙන් දුරකතන ඇමතුම ඔස්සේ තමා අමතන්නේ කෙසේදැයි සිතාගත නොහැකි විය.
බිරියගේ සහ නෑයන්ගේ ඇස් ඇරුණේ මියගියා යැයි පැවසූ සැමියා රෝහලට සිනාසෙමින් පැමිණි විටය. පසුව සියල්ල පැහැදිලි විය. සැමියාගේ නම ඇති පුද්ගලයකු විදුලිසැර වැදී මියගොස් ඇත.
සිද්ධියෙන් පසුව මියගියා යැයි සිතූ සැමියාගේ හිතවතුන් ඔහුට හොල්මනක් යයි උසුලූ විසුලූ කරන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි සැර නිසා අක්‍රිය වුණ හදවත නැවත සක්‍රිය වී යලි යලි උපදින අය ඉන්නවා (ම)
ස්වාමි පුරුෂයාට තිබෙන ආදරය දැන් කවුරුත් දන්නවා නේද? (නි)
මේක මහා පුදුම ලෝකයක්නේ බොලේ! හොයන්නේ බලන්නේ නැතුව වැඩ කරනවට හොඳ වැඩේ (නි)
තාත්ත කෙනෙක් නැතිවෙලා දුර ඉන්න පුතෙකුට දැන් මේක කියන්න ඕනේ කලබල නොවන විදිහට .එක මාම කෙනෙක් විදුලි පණිවිඩයක් අරියාලු "තාත්ත ට අන්තිමයි ආදාහනය අනිද්දා කියල ." (ම)
නියමයි (බ)
මට මතකයි පහන් කලින් දවසකත් ඔය කතාව ලියලා තිබුනා. ස්තුතියි පහන් (නි)
පහන්, වෙන කතාවක් කියන්නකෝ. (නි)
අලුත්ම ක්‍රමේ...පැමිණීම අනවශ්‍යි මල්වඩම් අවශ්යි කියලත් බොරල්ල් පැත්තේ කියනවලු නේද පහන්...අර මල් වඩම්...නැවතත් කඩවලටම..අඩු ගානට එනවලු....කුලියට අඩන්නන්ද ඕනෑකර තිබේ.කියල දැන්වීම්ද තියනවලු.....ඇත්තද මන්දා ...(ස)
මේ විහිළුවේ අනෙක් කොණ තිබෙන්නේ දුකහිතෙන කතාවක් නේද? (නි)
ඕක පුදුම වෙන්න කාරණයක් නොවෙයි. (නි)
තරින්දිගේ කතාව හරි (බ)
අනේ මන්දා! (නි)