(වියලූව වාර්තාකරු)
තමා සේවය කරන ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් නිරතුරුවම තම පෞද්ගලික කටයුතු ඉටුකරගන්නට පුරුදු වී සිටි එක්තරා ඉහළ නිලධාරිනියකට අපූරු පාඩමක් ඉගැන්වූ එම ආයතනයේම කනිෂ්ඨ සේවකයකු පිළිබඳ පුවතක් වාර්තා වේ.
එම ආයතනයේ සේවකයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඇය ඉහළ නිලධාරිනියකි. ආයතනයට යාබද නිල නිවෙසකම පදිංචිව සිටියාය.
උදෑසන කාර්යාලයට පැමිණි මොහොතේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ට ඇයගෙන් ගැලවුමක් නොවුණි.
අනේ...... ටවුමට ගිහින් බබාට බිස්කට් එකක් ගෙනත් දෙන්න. ......අනේ මට බෝංචි 250ක් ගෙනත් දෙන්න....... ආදි වශයෙන් තමන්ට අවශ්‍ය දෑ මතක් වන වාරයක් පාසා ඇය සිය සේවකයන් නගරයට යැවීමට පුරුදු වූවාය. ඇයට ඇති ඇල්මට වඩා රස්සාවට ඇති ආදරය නිසා පහළ මට්ටමේ සේවකයෝ ද අකමැත්තෙන් වුවද ඇගේ ඉල්ලීම ඉටුකළේ කරන්නට අන් යමක් නොවූ නිසාය.
පසුගිය දිනක ද නිල නිවසේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයකු ඇමැතූ ඇය අනේ මට ටවුමට ගිහින් රතු කැකුළු හාල් කිලෝ පහක් ගෙනත් දෙන්න යැයි පවසමින් සේවකයා අත රුපියල් දහසේ කොළයක් තැබුවාය.
මේ කරච්චලයෙන් බේරුමක් නැති බව දත් සේවකයා ද දාහේ කොළය රැගෙන නගරයට ගියේ අද නම් ඇයට හොඳ පාඩමක් උගන්වනවා යනුවෙන් තම හිතවතුන්ට ද පවසමිනි.
රතු සහල් වෙනුවට හිතාමතාම රතු සීනි කිලෝග‍්‍රෑම් පහක් මිලට ගත් හෙතෙම අනතුරුව සීනි ටිකත් රැුගෙන ආපසු ආයතනය වෙත ආවේ නගරයේ නවතා තිබූ කුලී රථයකිනි.
සීනි මල්ල නිලධාරිනිය අත තැබූ හෙතෙම එතනින් පිටව ගියේ ”මැඩම් ත‍්‍රීවිලර් එකටත් සීයක් දුන්නා මෙන්න ඉතිරි සල්ලි” යැයි ඇඟ පතට නොදැනීම පවසමිනි.
දැන් ඇය, ඔහුගේ තබා ආයතනයේ කිසිවකුගේවත් මුහුණක් බලන්නේ නැතිලූ. සේවකයන් කඬේ යවන්නේත් නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍යම දෙයකට යවලා කීයක් හරි අතට දුන්නානම් ඒ මිනිස්සු කැමැත්තෙන් කරයි.(දිල්)
ඕකට විමල්ව අල්ලා ගත්තා නම් පන තියනකන් කඩේ යවන්න තිබුනා (නදී)
මෙය මානසික රෝග ලක්ෂණයකි . (අ)
ඇයි මෙයා මහත්තයා නැති නෝනා කෙනෙක්ද? (නදී)
ඔය කඩේ යවන එකට හොඳ කට්ටිය තමා දේශපාලන බංකොලොත් කාරයන් ළඟ තබා ගැනීම , කියන්න කලින් කඩේ යනවා ඔවුන් (නදී)
තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරිද? (නි)
මේ වගේ ලොක්කෝ නිසා කාර්යාල සේවකයෝ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ. මේවගේ වැඩ නිසා කාර්යාල විනය පිරිහෙනවා (නි)
මේ නෝනාගේ මහත්තයා නැද්ද දන්නෙ නැහැ (නි)
නෝනා ලස්සන නම් පෝලිමට කඩේ යන්න ලැහැස්ති වෙයි (නදී)