දකුණු පළාතේ වෙරළබඩ පිහිටි ඇඟලූම් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ කර්මාන්තායතනයකි. එහි සේවා කළමනාකරු මැදිවියේ වුවද තරුණකම පෙන්වූ සෙල්ලක්කාරයෙකි. වැඩි බිමේ යොවුන් තරුණියක සමග රහස් සබඳතාවක් පැවැත්වුවද සෙස්සෝ එය දැන නොසිටියහ. ඇය ද බලයට අවනත වූවා මිස ඔහු කෙරේ සැබෑ ආදරයකින් පසු නොවූවාය. පසුගිය දා ආයතනය සංවිධානය කළ පස් දිනක විනෝද චාරිකාවකට ඇය නොයන බව දැනගත් ඔහු ඇය වෙනුවෙන් ද මුදල් බැඳ නොවරදවාම එන ලෙස ඉල්ලීමක් කළේය. නියමිත දින ගමනට සූදානම් වී පැමිණි ඔහු චාරිකා බසයට නැඟ ඇයට නියමිත ආසනය දෙස බැලූ විට එහි වාඩි වී සිටියේ වියපත් කාන්තාවකි. වහාම ඇගේ ජංගම දුරකථනයට කතා කළ ඔහු ඒ ගැන විමසූ විට ”අනේ සර් එන්න හිටියේ. මට සනීප මදි. ඒකයි අම්මා එවුවේ” ඇය කීවෙන් ඔහුට දෙවියන් සිහි වුණා ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ගාමන්ට් එකෙන්ද අප්පේ දවස් 5ක චාරිකා යන්නේ? (නි)
අනේ සජී, මේ ඇත්තමයි කියන්නේ. ඔයා ගැන මට හරි දුකයි. (නි)
මේ සිද්ධියෙන් පසු කළමනාකරු නිතරම තරුණියට අම්මා මතක් කරාවි නේද? (නි)
බලන අයට තමයි දෙයියෝ සාක්කි! (නි)
මෙහෙමත් අම්මලා... (නි)
අනේ මට තවම බැරිවුණානේ අපේ නෝනව තනියම ගමනක් යවාගන්න (නි)
පස්සේ ආරංචි වෙයිද දන්නෙ නැහැ දුවව අස්කරලා අම්මව වැඩට ගත්තා කියලා (නි)
මේක වුණේ ඔය හැමෝම අතේ මොබයිල් පෝන් නැති කාලේ. දවසක් කොල්ලා කෙල්ලට ෆිල්ම් එකක් බලන්න එන්න කියලා ලියුමක් ඇරියා. මේ කියන දවසේ කොල්ල ජැන්ඩියට ඇදලා කුරුල්ලා වගේ බලා හිටියා හෝල් එකට හැරෙන තැන. ඉන්නකොට ආවේ නැද්ද කෙල්ලගේ අම්මා. ඇවිත් කිව්වා අනේ පුතේ මගේ කෙල්ල තවම ඉගෙනගන්න එකීනේ. ඒකිට මේවාට එන්න වෙලාවක් නැනේ. ඔන්න ඉතින් මම ආවා ඒ වෙනුවට. පුතාට තනියම යන්න බැරිනම් යමු ඔය කියන එක බලන්න කියලා. කොල්ල පන කඩාගෙන දිව්වා. කෙල්ලට ඇරපු ලියුම අම්මට අහුවෙලා. කෙල්ලට නොකියා අම්මා ඇවිත්. ලව් එක එතැනින්ම ඉවරයි. (නි)
අම්මා ගෙදර ආවද දන්නෙ නැහැ? (නි)
මේක බොරුවක්.. එයාගේ අම්මා ආවෙ දුවට අසනීපයි කියන්න විතරයි.. චාරිකාව යන්න නෙමෙයි.. (නු)
බොසාගේ සරුවන්ගෙම ගැහෙන්න පටන් ගන්නඇති (අ)
අම්මලා තමයි ළමයින්ව නරක් කරන්නේ. (නි)
මරු කතාව පණයන්න හිනා (ස)
මරු කතාව. පණ යනකල් හිනා අපිට. (නි)
දැන් මේ පුද්ගලයාගෙන් අම්මට බේරෙන්න බැරුව ඇති 'ට්‍රිප්' යන්න කතා කරලා (නි)
කරන්න ගිය වැඩෙ හරි ගියේ නෑ නේද? (ස)
දුව කරලා තියෙන වැඩේ නම් අපූරුයි. (නි)
නංගි, ඔයා ආදරය හදුනන්නෙ නැහැ. (නි)
නියම වැඩක් අක්කා. ඒත් ඔයාට ඉස්සරහට පරෙස්සම් වෙන්න වෙයි. (නි)
එයාගෙ ක්‍රියාවෙ ගන්න දෙයක් තියෙනවා..!(නු)
මේ කතාවනම් සිරා. ඇත්තටම දෙයියො සාක්කි කියන්න ඇති (ස)
නොම්මර එකයි (ස)
මේකනම් ඇත්ත වෙන්න පුලුවන් (ස)
බුද්ධිමත් තරුණියක්, ඔබ තැනට ඔබින නුවන පාච්චි කර ඇත (ස)
මේ කතාව ඇත්ත තමයි..අපේ නැන්දම්මා තමයි මේ ට්‍රිප් එක ගියේ (ස)
හොඳ කතාවක් (ස)
ගාමන්ට් එකෙන් දවස් 5 ක ට්‍රිප් එකක් ..මම මේ ඇහුවමයි (ස)
මට එන අදහස් මෙතනදි කියාගන්න බෑ (ස)
අනිවාර්යයෙන්ම අම්මව මේ විනෝද චාරිකාව යවලා දුව ඇත්තටම ආදරය කරන කෙනා එක්ක යන්න ඇති..!(නු)
අද කතාව නම් හොදයි බලු නකුටට වැඩිය..!(නු)
මේවා හොඳයි මරණගෙදරක නිදිවරද්දි අහන්න ?? (ස)
අම්මා වුණත් මොකෝ, කවුරුහරි එන්නනේ ඕනෑ (නි)
ඒකට මොකද මේ දෙන්නම පාවිච්චි කරන්නේ එකම වර්ගයේ සබන්ලුනේ (ස)
මම දන්න ගෑනු ළමයෙක් 1 දවසින් රැකියාව දාලා ආවා...බොස් අයුතු යෝජනාවක් කරලා (ස)
නංගී පෙන්නා අක්කා දුන්නා වගේ වැඩක් (ස)
සජී....නෝනාව පරිස්සම් කර ගන්න (ස)
සජී.. ඔයාගේි නොනව ගාමන්ට් එකෙන් අස් කරගන්න..!(නු)
කවුද දැන් කපටි? අම්මද? (නි)