වන්දනාවේ ගොස් එමින් සිටි බිරියගේ මතක් කිරීමකට අනුව අත්‍යවශ්‍ය ඖෂධයක් ලබා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසලකට ගොඩවූ සැමියා සුපිරි වෙළෙඳසලේ මත්පැන් අලෙවි කුටියට අදාළ පෝලිමේ රැඳී සිටි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මහනුවර ප්‍රදේශයේ ඥාති හිතමිතුරන් පිරිසක් සංවිධානය කරනු ලැබූ වන්දනා ගමනකට රජයේ විශ්‍රාමික ප්‍රධාන පෙළේ නිලතල දැරූ අඹුසැමි යුවළක්ද එක්ව සිටියහ. බිරිය වයස අවුරුදු අසූවක් පමණ වන අතර, සැමියාට වයස අසූපහක් පමණ වේ.
මහනුවර බලා ගමන් ගන්නා අතරතුර නගරයට ආසන්න සුපිරි වෙළෙඳසලක් අසල බස් රථය නවත්වන ලෙස ඉල්ලා සිටි වයෝවෘද්ධ බිරිය තම සැමියා අමතා ‘ඔයාට ගන්න ඕනෑ බෙහෙත මෙතනින් අරන් එන්න’ යැයි පැවසුවාය.
ඒ අනුව බස් රථයෙන් බැස සුපිරි වෙළෙඳසල වෙත ගිය සැමියා සැලකිය යුතු වේලාවක් ගියද නොපැමිණීම නිසා බස්රථයේ සිටි අයෙක් ඔහු සොයා ගියේය. වෙළෙඳසල තුළට ගියත් ඔහු එහි ෆාමසියට අදාළ කවුන්ටරයේ නොසිටි බැවින් වෙළෙඳසල අවට විපරම් කර බැලුවේය. එවිට අදාළ අය මත්පැන් අලෙවි කුටියට අදාළ දිගු පෝලිමේ රැඳී සිටිනු දැක ඇත. එහෙත් ඔහු කිසිවක් නොදැක්කා මෙන් බස්රථයට පැමිණියේය.
ටික වේලාවකින් පසු මත්පැන් බෝතලයක් සාක්කුවේ දමාගෙන පැමිණි ඔහු බසයේ සිටි අයට ඇසෙන ලෙස ‘ෆාමසියේ ලොකු පෝලිමක්’ යැයි පැවසුවේය. පසුව සොයා බැලීමේදී මෙම නිලධාරියා බිරියගේ කැමැත්ත මත දිනපතා රාත්‍රියට මත්පැන් පානය කරන අයෙකු බව කියැවිණි
පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වන්දනාවේ ගිහින් එද්දී බිරිඳ සැමියාගේ ‘රෑ බේත’ මතක් කරලා