දකුණේ ජනතාවගේ ඉමහත් අනුහස් ඇති ඉතා බලසම්පන්න ස්ථානයක් බවට පොදුවේ දකුණේ ජනතාව සලකන දේවාලයකි. හොඳට හා නරකට දෙකටම මේ දේවාලය ප‍්‍රසිද්ධය. හොරකමක් කළද, ආශිර්වාදයක් ඉල්ලීමට වුවද සැතපුම් ගණනින් දුර ගෙවා මෙම දේවාලයට ජනතාව එති.
එමෙන්ම කිසියම් සිද්ධියක දී අවලාද කරනවා යැයි යමෙකු කීවොත් සිද්ධියට සම්බන්ධ වැරදි කළ පුද්ගලයන් බියෙන් සලිත වීම සාමාන්‍ය දෙයකි.
එමෙන්ම වැරදිවලට දඬුවම් දී ඇති හා දුකට පිහිටවී ඇති අවස්ථා බොහෝ තිබෙන බව ජනතාව පවසති. පසුගිය දිනෙක එම දේවාලයේ දෙවියන්ට ලියූ ලිපියක් එහි පඬුරු පෙට්ටියේ තිබී හමුවී ඇත.
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙම දරුවා තමාගේ දුක් ගැනවිල්ල ලියා විභාගය උසස් ලෙස සමත් කර දෙන ලෙස ඉල්ලා තම විභාග අංකය, විභාග මධ්‍යස්ථානය, නම, ලිපිනය, විදුහල ආදී සියල්ල සඳහන් කර තිබූ බවත් මෙය රහසක් සේ රකින ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇති බව එහි කපුමහතෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ වගේ අනුහස් ගැන අහලා තියෙනවා. (හේ)
ඊමේල් ලිපින නැහැනේ. ඒකනේ එහෙම කරලා තියෙන්නේ (නි)
නම ගම ඔක්කොම ලියපු මෙයාට නම් ඉස්සරහටත් දෙවියන්ගේ උදවු ඕනෑමවෙයි විභාග පාස්කර ගන්න (නි)
අනේ මෙහෙමත් ළමයි! (නි)
අජිත් මට හිතෙනවා මම ඉන්දිකගෙන් අහපු ප්‍රශ්නයම අප්පුහාමිගෙනුත් අහන්න (නි)
අපේ අනාගත හරක් පරම්පරාවේ එකෙක්! (අ)
චන්දි නියම ප්‍රශ්නයක් ඉන්දිකගෙන් අහලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් ඔය කියන කවුරුත් ඕවා (බාර හාර) කරනවා. (නි)
ඉන්දික, ඔයාගේ හිතට එකඟව කියන්න ඔයා කවදාවත් මැණික් ගඟෙන් නාලා, සුදු ඇඳුම් ඇඳලා, පුජා වට්ටියක් අරගෙන කතරගම පුදබිමට ගිහින්ම නැද්ද....? (නි)
මේ වගේ හිතන අය ඉන්නකම් කපුවන්ගේ අනාගත අදායම සුරක්ෂිතයි.(ම)
ඔය දේ කවුරුත් කරනවා .විභාගේ පාස් වෙන්න විතරක් නෙමේ.රට යන්න කෙල්ල එක්ක හෝ කොල්ලගේ හිත ගන්න පුළුවන් වෙන්න තව එක එක ජාතියේ දේවල් ලියුම් ලියලා පන්සලේ පල්ලියේ කෝවිලේ ලියුම් පෙට්ටියට දානවා.හිතු දේ ඉෂ්ට උනාම එක්කෝ රත්තරන් මාලයක් වගේ දෙයක් දෙන්න බාර වෙනවා.අපි ඉන්න මේ රටෙත් එහෙමයි.ලුර්දු පල්ලියටත් එහෙම ලියුම් ලියලා දානවා (බ)
පවු පුංචි හිතක පැතුම්! (නි)
විභාගයට පාඩම් නොකර ඔය මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ (නි)
චන්දි හරි. කවුරු මොනවා කිව්වත් දෙවියන් ගැන විශ්වාසයක් අප සැමට තිබෙනවා. හොඳම උදාහරණය කාලෙකින් මුණගැහුණු කෙනෙක් තමන්ගේ සමිපතමයෙක්ට කොහොමද කියලා ඇහුවොත් 'දෙවියන්ගේ පිහිටෙන් හොඳින් ඉන්නවා' කියලා කියවෙන්නේ ඉබේටමනේ. හොඳයි නැද්ද. (නි)
දැන් කවුද ලියුම් ලියන්නේ. ඊමේල් එකක් හරි, එස් එම් එස් හරි යවන්නේ නැතිව බලන්න මේ ළමයා කල වැඩේ මේ දියුණු ලෝකේ. (ම)
හොඳින් පාඩම් කර,විභාගයට සැලැස්මක් ඇතුව සුදානම් වී, ආත්ම විශ්වාසයෙන් යුතුව, දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබාගෙන විභාගය ලියන ළමයිට කවදාවත් වරදින්නේ නැහැ.හැම දෙයක්ම දෙවියන් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව උත්සාහයෙන් ලබාගන්නෝ ජීවිතය ජය ගනිති. (හේ)
අනේ අම්මපා මෙහෙමත් පැහිච්ච ළමයි (නි)
මාත් චන්දි එක්ක එකඟ වෙනවා. ගැටබරු දේවාලය සහ සීනිගම බොහොම අනුහස් තියෙනවා. හැබැයි ඉතින් විභාගයට පාඩම් නොකර දෙවියන්ට බාරවුණාට දෙවියන්ට කරන්න හැකි දෙයක් නම් නැහැ (නි)
එක එක්කෙනාගේ විශ්වාසය තමයි මැටිපහන. දේවාල වලට නොගියත් ඒ ගැන විශ්වාසයක් මගේ හිතේත් තිබෙනවා. (නි)
කොයි ළමයත් බලන්නේ මේ විභාගය කියන කඩඉමෙන් කොහොමහරි පැනගන්න. ඇයි සමහර ළමයි පොත් ඇතුළේ දේව රූප,සායි බාබා දෙවිඳුන්ගේ රූප එහෙම තියාගෙන විභාග වලට යන්නේ?මට නම් මේ දරුවාගේ, අහිංසක විශ්වාසයනේ කියලා හිතෙනවා. (නි)
මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. මට පෙනෙන විදියට දෙමාපියන්ගේ බලකිරීමට දේවාලෙට යන්න ඇති.(ම)
අන්ධ විස්වාස පස්සේ ගිහිල්ල විභාග පාස් වෙන්නේ නැහැ හොදට උනන්දු වෙන්න ඕන පාඩම් කරන්න ඕන අනේ මන්ද අපේ ළමයා පවා අපේ මෝඩ වැඩිහිටියන්ගේ පිළිවෙත් කරන්නයනවා (බ)
ගඟෙන් එහා පැත්තේ මෝඩයෝ තමයි මේවා කෙරෙහි විශ්වාසය තබන්නේ. (බ)
ළමයා සමහරවිට හොඳට විබාගයට සුදානම් වුණත්,ආත්ම විශ්වාසය අඩු නිසා මෙහම දෙයක් කළා වෙන්න බැරිද.....? (අ)
ළමයා කළ වැඩෙන් ළමයා ඉතාමත්ම බුද්ධිමත් බව පෙනෙනවා වගේම චන්දිගේ අදහසින් චන්දිත් ඉතාමත්ම බුද්ධිමත් බව පෙනෙනවා (නි)
චන්දී, මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ. මෙච්චර දියුණු කාලෙකදිවත් මේවා තේරුම්ගන්න බැරිද? (නි)
කපු මහත්තයට තියෙන්නේ ඒ ළමය විභාගයෙන් සමත් වේවිද කියා විමසිල්ලෙන් ඉන්න,මෙම දේවාලය ගැටබරු දේවාලය හෝ සීනිගම දේවාලය විය යුතුයි දෙකම හරි අනුහස් (ම)