විදේශීය රටක පුහුණුවක් සඳහා යාමට දුන් ගමන් වියදම් වලින් දකින දකින සෙල්ලම් බඩු මිලට ගෙන ඉන් භාගයක් පමණ ඒ රටේ දමා ඒමට සිදුවූ පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. ඔහු සිංගප්පූරුවට ආයතනයෙන් යැව්වේ විශේෂ පුහුණුවක් දීමටය.
ඒ ක්‍ෂේත‍්‍රයේ ඔහු ප‍්‍රවීණයකු කිරීමටය. ඒ සඳහා එම ආයතනයෙන් ඔහුට ගමන් වියදම් සඳහා සැලකිය යුතු මුදලක් ද දුන්නේය. සිංගප්පූරුවට පුහුණුව සඳහා ගිය ඔහු ඒ රටේ දකින දකින අරුමෝසම් සෙල්ලම් බඩු මිලදී ගත්තේ සිය දරුවන්ටය. තමන්ට ආයතනයෙන් දුන්නු ගමන් වියදම් අවසන්වන තෙක් සෙල්ලම් බඩු මිලදී ගෙන තමන් සිටි කාමරයේ ගොඩ ගසා ගත්තේය. ඔහු මෙසේ කිලෝග‍්‍රෑම් සියයකට වැඩි බඩුතොගයක් රැස්කර ගත්තේය.
පුහුණුව නිමවී යළි ලංකාවට ඒමට ඔහු කාමරයේ තිබූ බඩු ගමන් මළු තුළ ගබඩා කිරීමට සිංගප්පූරුවේදී හඳුනාගත් තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේම සහයෝගය ලබා ගත්තේය. කාමරයේ තිබු මේ සෙල්ලම් බඩු තොගය දුටු පිරිස මේ තරම් බඩු තොගයක් ගෙනයාමට නම් නැවක් අවශ්‍ය බව කියමින් සිනාසුනා. බදු නොගෙවා ගෙනයාමට හැක්කේ කිලෝග‍්‍රෑම් තිහක බරක් බවද ඔවුහු ඔහුට කීහ.
කිලෝ ග‍්‍රෑම් තිහට වැඩියෙන් ගෙන යන බඩුවලට බදු අයකරන බවත් මේ වැඩි බඩු තොගයට ගෙවන බදුවලින් ශ්‍රී ලංකාවේදී මේ බඩු වාගේ තුන් ගුණයක් ගත හැකි බවත් ඒ අය කී විට ඔහුට තරු පෙණුනේය.
අවසානයේදී සිදුවූයේ තමන් එක් රැස්කළ සෙල්ලම් බඩු වලින් තුනෙන් දෙකක්ම කාමරයේ දමා කිලෝ ග‍්‍රෑම් තිහට සෑහෙන බඩු තොගයක් පමණක් ගමන් මලූවල දමා ඒමටය.
ඔහු සිංගප්පුරුවේදී මිලදී ගන්න ගන්න හැම සෙල්ලම් බඩුවක් ගැන දරුවන්ට පවසා තිබූ බැවින් ලංකාවට එවැනි සෙල්ලම් බඩු නොගෙනාවේ මන්දැයි දරුවන් විමසූවිට ඔහු එහිදී සිදුවූ අලි ඇබැද්දිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන ශෝචනීයම තත්වය තමා, තමන්ගේ දරුවන් වෙනුවෙන් පිට රටකදී අශාවෙන් ගත් දෙයක්වත් ගෙදර ගෙන්න බැරි තරම් අපේ රටේ නීතිය හා ආර්ථික ප්‍රතිපත්ති හොඳ වීම. (අ)
අවුරුදු ගණන් ඉන්න අපිටත් ඕක වෙනව. පුහුණු වකට ගියාම ඔය ගැන කවුරු හරි දැනුවත් කළා නම් හරිනේ. (අ)
අමතර භාණ්ඩ ප්‍රමාණයක් තිබුනේනම් එම භාණ්ඩ එයාර් කාර්ගෝ එකෙන් හරි ෂිප් කාර්ගෝ එකෙන් හරි එවන්න තිබුනා. ඒවාට වැඩි අය කිරීමක් නැහැ. එහිදී ඔහුගේ මිතුරන් ඔහුට සිනාසුනා මිස ඔහු දැනුවත් කරන්න කවුරුවත් ඉඳල නැහැ. (අ)
දරුවන්ට ආදරේ කරන එ්ත් පිටරට ගමන්බිමන් නොදන්නා ආදරණීය තාත්ත කෙනෙක්..(බ)
අපි, සිංගප්පුරුවට නිවාඩුවට ගියාම දැනගන්නට ලැබුනේ එහි චුවින්ගම් විකලා වීදිවල දාලා අහු වුනොත් සිංගප්පුරු ඩොලර් 500ක් දඩ ගහනවා කියලයි.එවන් නීති රීති දැඩි රටක මෙහි කතා නායකයා නැවතී සිටි කාමරයේ ඉතිරි සෙල්ලම් බඩු තොගය දමා ආවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි,අර ඉහතින් අදහස් දක්වලා තියන චමිල කීවා වගේ (බ)
නුවරඑළියේ වසන්ත ; ඔබ නොදන්නවා උනාට ජාත්‍යන්තර ගුවන්තොටුපල පනතේ ලෝකයේ ගුවන් ගමන් සම්බන්ධයෙන් එකම නීතියයි පවතින්නේ, ඒ ගුවන් යානයක රැගෙන එන්න පුළුවන් සහ ගුවන් යානයක රැගෙන යන්න පුළුවන් සාමාන්‍ය මගියෙකුට කිලෝ 30 සහ අතේ කිලෝ 7ක් පමණයි, එ්ක මේ එක රටක නීතියකින් සම්මත කරගත්ත එකක් නෙවෙයි, එ්ක ජාත්‍යන්තරව හැම රටකටම සම්මත වූ දෙයක්, තමන්ගේ දරුවා වෙනුවෙන් භාර්යාව වෙනුවෙන් විතරක් නෙවෙයි අඩුම ගානේ තමන් වෙනුවෙනුත් ගත්ත දේවල් ගේන්න පුළුවන් ඉහත ප්‍රමාණයන් විතරයි, ඒ බර තීරණය කරලා තියෙන්නේ ගුවන් යානයේ ස්වභාවය අනුව, මේ සෑම විස්තරයක්ම ගුවන් ප්‍රවේශ පත්‍රයේ අඩංගු වෙලා තියෙනව. (බ)
මේ පුද්ගලයා තමන්ට ලැබුන මුදල නිරපරාදේ කෑමට බීමට වියදම් නොකර දරුවන් ගැන හිතා කරපු දෙය ගොඩක් උතුම්. අද කාලේ බොහොමයක් දෙමව්පියෝ දරුවන් ගැන හිතන්නේ නෑ (හේ)
දකුණු පළාතේ කිව්ව නිසා නිකමට අහන්නේ, ඒ මහත්තය ගාල්ලේද? (ම)
කිලෝ තිහට පස්සේ බදු ගහනවා? එහෙම බද්දක් ගැන ඇහුවමයි. (හේ)
ගම තුම්පනේද..? (බ)
කෙසේ වෙතත් හොඳ පියෙක් (ඔය සල්ලිවලට වෙන දේවල් කරන්න ගියේ නෑනේ ) (බ)
අහිංසක තණ්හාව (හේ)
ගාල්ලේ කෙනෙක් (අ)
පව්! අහිංසක මනුස්සයා.(නදී)
සිංගප්පුරුවේ කාමරයක එහෙම බදු නිකම් දාල අවා නම් ගෙදර එන්න වෙන්නේ කස පාරකුත් කාල තමයි. අපි දාල එන බඩු තියෙනවා නම් ඒවා බැහැර කිරීමටත් ගානක් ගෙවන්න වෙනවා අපිට. මුන්දල බොරුමයි කියන්නේ. අනික කිලෝ 30 ට වැඩි නම් නැවට දැම්ම හැකි පොඩි ගානක් ගෙවල. බඩු ගෙවන්න වෙන්නේ බරට නෙවෙයි, බඩු වල වටිනාකමට. (අ)
දරුවන් වෙනුවෙන්නේ මේ දේ කරන්නේ පවු මේ තාත්තා.(හේ)
අපේ සමහර රට යන මිනිස්සු ගිහින් ගෙවල් ගැන සම්පුර්ණයෙන්ම අමතක කරලා තියන ජරා වැඩ ඔක්කොම කරලා තමයි එන්නේ. එ්ත් අතින් මේ මනුස්සයා අගය කල යුතු කෙනෙක්.(නදී)
මෙයා මිලදී, ගන්න,ගන්න හැම සෙල්ලම් බඩුවක් ගැනම ළමයින්ට කියලා තිබුනානම් ඉතිරි වෙච්ච සෙල්ලම් බඩු වලින් හොඳම ටිකක් තෝරාගෙන, පෙට්ටියකට අසුරාගෙන නැවට හරි දාලා ලංකාවට ගේන්න තිබුනානේ.පොඩි ළමයින්ට මොනවා හරි පොරොන්දු වුණා නම් එයාලා ඒවා ගැන ලොකු බලාපොරෝතුවකින් බලා ඉන්නේ. එයාලට මුදල් ගැන ප්‍රශ්නයක් නැහැ. (අ)
පව් අහිංසකය පළවෙනි පර වෙන්න ඇති ජීවිතේට රට ගියේ (අ)
කිලෝ 30 ට වඩා ගමන් මලු වලට ගෙවිය යුත්තේ බදු නොව ගුවන් සමාගම අයකරන අමතර ගමන් මලු ගාස්තුවය. ලංකාවට පැමිණි පසු වටිනාකම් සිමාව ඉක්මවා ආනයනය කරන බඩු සඳහා රේගු බදු අය කරනු ලැබේ (අ)
මෙයාගේ ගම කොහෙද දන්නේ නැහැ ඕනෑම කෙනෙක් දන්නවා තමන්ට ගෙනියන්න පුළුවන් බර තොගය පව් නේද අර පොඩි අය (අ)
පිටරටවල එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ (අ)
සිංගප්පුරුවේ කෙසේවෙතත් ලංකාවේ නම් ගුවන් තොටුපොළේ සේවය කරන දේශපාලන පත්වීම් වලින් රිංගපු උදවියගේ පිහිටෙන් ගොඩක් දන්නකරන මගීන්ට හිතේ හැටියට බඩු අරගෙන යන්න පුළුවන් පහසුකමක් උදාවී ඇතිබව කියන්නත් ආඩම්බරයි.(ම)
කොහෙද දන්නේ නැහැ දාල ආපු තැන (නදී)
තණ්හාව නිසා ශෝකය උපදී (ම)