රුවන්වැල්ල -විමලරත්න සමරක්කොඩි
වයස්ගත මවකගේ කන් ඇසීම පහසුවන ලෙසට පෞද්ගලික සමාජ සේවා ආයතනයකින් නොමිලේ ලබාදී තිබූ ශ්‍රවණ උපකරණයක් ඇගේ පුතු ඇසුරු කරන ශ්‍රවණාබාධිත අනියම් බිරියට ගෙනගොස් දීමේ පුවතක් රුවන්වැල්ල ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබිණි .
වයස අවුරුදු 70 ක් පමණ වූ මෙම වයස්ගත මාතාවට ශ්‍රවණ උපකරණයක් ලබාදීමට ඉදිරිපත් වී ඇත්තේ එම ගමේ ස්වෙච්ඡා සංවිධානයක තනතුරක් දරන තැනැත්තියකි.
එවැනි උපකරණයක් ලබාගැනීමට තරම් යමක් කමක් නොමැති අසරණ පවුලක මාතාවක වූ බැවින් ඇය එම කාර්යය කිරීමට පෙළැඹී ඇත. මෙම මාතාවගේ සැමියාද වයස්ගතව සිටි අතර නිවසේ සිටි එකම පුතාද අවිවාහකව සිටියේය. හරිහැටි රැකියාවක්ද නොතිබූ ඔහු මව්පියන්ටද බරක් වී තිබිණි .එසේම ඔහු ගමේම පදිංචි ඔහුගේ මිතුරකුගේ බිරිඳ සමග අනියම් හාදකමක් පවත්වාගෙන යන බවද ගමේ කවුරුත් දැනසිටි කරුණක් විය.
මේ අතරවාරයේ ස්වෙච්ඡා සංවිධානයේ නිලධාරිනිය ඇය සම්බන්ධතා පවත්වන සමාජ සේවා ආයතනයට කරුණු දැක්වීමෙන් පසු ශ්‍රවණ උපකරණය ලබාගැනීමට සමත්වූවාය.
එය තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් සේ සැලකූ නිලධාරිනිය වයස්ගත මාතාවට ගෙනවිත් දෙන ලද්දේ ඉමහත් සතුටකිනි.වයස්ගත මාතාවද එයින් නොමඳ සතුටක් ලැබු අතර රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර එය ගලවා ආරක්ෂිතව තැබීමද සිරිතක් කර ගත්තාය.
කාලය එලෙස ගෙවී යමින් තිබියදී දින හතරකට පසු ශ්‍රවණ උපකරණය අස්ථානගතවී තිබිණි. කොතෙක් සොයා බැලීම් කළද එය හමු නොවීය.මේ අතර ඇගේ පුතා ඇසුරු කරන තැනැත්තියට වෙනදාට වඩා හොදින් කන් ඇසෙන බවක්ද ගමේ පැතිර ගිය කතාවක් විය.එසේම එය එසේවී ඇත්තේ මවට ලැබුණ උපකරණය ඔහු සොරාගෙන ගොස් එම තැනැත්තියට දී ඇති නිසා බවද ඒ සමගම ගමේ පැතිර ගිය අනෙක් කතාවද විය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වියපත් අම්මාට දුන් තෑග්ග පුතුගේ අනියම් බිරිය අතට ගිහින්