දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ පුවතක් වාර්තා විය.
සිද්ධිය දැනගත් ආකාරයට මෙසේය.
හෙම්මාතගම නගරයේ ඇති පරිගණක අලූත්වැඩියා කරන ස්ථානයට තම දියණියගේ පරිගණකය රැුගෙන ගිය අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු එහි ගොස් එම නඩත්තු ස්ථානයට රුපියල් 1000ක මුදලක් දී පවසා ඇත්තේ තම දියණිය මෙම කොම්පියුටරයට වෛරස් ගාඞ් එකක් දමා දෙන ලෙස පැවසූ බවය.
”එහෙමනම් අංකල් දැම්ම බැරි වෙයි. මට විනාඩි 20ක් විතර දෙන්න.” යැයි අදාළ අලූත්වැඩියා කරන ස්ථානයේ පුද්ගලයා පවසා ඇත.
”හා කමක් නැහැ. මම පැය භාගයකින් එන්නම් පොළට යන්නත් ඕනෑ එහේ ගොහින් බඩු අරන් එනකොට ගමු. කියා යන්නට ගියේය. පසුව පැයකින් පමණ නැවත පැමිණි ඔහු ”පුතා හරිද වැඬේ.”යි විමසීය.
”හරි අංකල් සල්ලි එපා” කියා ඔහු එම මුදල ආපසු දී ඇත්තේ එම පරිගණකයද තම ආයතනයෙන් මිලදී ගත් එකක්වීම නිසාය. එහෙත් කීයක් හෝ ගන්නා ලෙස මැසිවිලි නැගුවද එය ප‍්‍රතික්‍ෂේප කර පරිගණකය ඔසවා අදාළ වයස්ගත පුද්ගලයා අත තැබීය.
”අපෝ මේක දැම්මාට පස්සේ බරයි” කියන්නට වූයේ වෛරස් ගාඞ් එක යනු පරිගණකයට සවි කරන ලද උපාංගයක් යයි සිතාගෙනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන දරුවාගේ පියා අහිංසකයෙක්. නොදන්නා කමට වෙච්ච වැඩක්. අපේ අය ඉතින් අනිත් මිනිසුන්ට හිනාවෙන්න ඉතින් රුසියෝනේ. (ර)
නියම කතාව! (නි)
ඉනෝකා,දැන් ඇති නේද? (නි)
ලංකාවේ ඉන්න අය ගැන හොඳට තේරෙනවා නේද? (නි)
මටත් ඔහු ගැන දුක හිතුණා (නි)
පරිගණකය ගෙන නොදැනුවත් කම නිසා කියපු කතාවක්. වින්ඩෝස් දාල දෙන්න කීවාම, ජනේල දාල දෙන්න ගෙදරට වඩු බාස් කෙනෙක් එවලා වගේ දෙයක් (නදී)
මේක 1990 ගණන් වල සිදු උන දෙයක් එතකොට පරිගණක ඉතාම අඩුයි. ගම්බද පාසලකින් අධ්‍යාපන චාරිකාවක් ගොස් පාසල් දරුවන්ට පරිගණකයක් දැකීමේ අවස්ථාව ලැබුනා. ළමයින්ගෙන් ප්‍රශ්න ගොඩයි , සර් හාඩ් වෙයා කියන්නේ මොනවාද ?මේ තියෙන්නේ කියල පරිගණකයට තට්ටුවක් දාල තද දේවල් ඔක්කොම හාඩ්වෙයා. එතකොට සර් සොෆ්ට් වෙයා කියන්නේ ඉතාම අපහසුතාවයට පත් ගුරුතුමා පරිගණකය බහාලු පෙට්ටියේ තිබු රිජුෆෝම් පෙන්වා මේ තියෙන්නේ සොෆ්ට් වෙයා කියල කිව්වා. (නදී)
මේක විහිළුවක්. (ර)
අනේ නාලක නිකන් බොරු කියන්න එපා... මේක වැදගත් අදහස් දක්වන තැනක්. පොතක් පතක් කියව ගන්න, වැඩක් නැත්නම්. (ර)
මෙතන ඒ මනුස්සයාගේ වැරැද්දක් නැහැ. එයා එ්ක දන්නේ නැහැනේ. අනික නොදන්නා කම හිනාවට ලක් නොකර සල්ලි එපා කිව්වා. ඒ පරිගණක ආයතනයේ මනුස්සයා හොඳ කෙනෙක් වෙන්න ඕනි. අපි මෙව්වා නොදන්නා කාලේ අපෙන් සැහෙන්න මුදල් ගත්තා. පස්සේ පස්සේ ඉගෙන ගන්නකොට තමයි තේරුනේ. (නදී)
බොහෝ පරිගණකයන් මිලදී ගන්නාවිටම" ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර්"කියලා ප්‍රෝග්‍රෑම් එක නොමිලේම එන්ටර් කරලයි දෙන්නේ.පව්,මේ කියන වයස්ගත පුද්ගලයාට නවීන තාක්ෂණය ගැන දැනුමක් නැති නිසයි පටලැවිල්ල වෙලා තියෙන්නේ. (නි)
මේක හිනාවෙන්න දෙයක් නොවෙයි. වර්තමාන සමාජයේ පරිගණක අතගාන පිරිස අතර ඕනෑතරම් ඉන්නවා මීමැස්සෙක් මීහරකෙක් හඳුනන්නේ නැති අය. (නි)
එක නම් නියම කතාව එන්නද මහත්තයෝ. අපේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ පරිගණකයෙන් වැඩක් කරනවා කියන්නේ නිකන් ලෝකෙම දන්නවා කියලා. (හේ)
දවසක්, අපේ ගෙදර බෝයිලේරුව කැඩිලා අවා එක්කෙනෙක් හදන්න. හදලා ඉවරවෙලා දුන්නා කියමුකෝ ලොකු බිලක්. දුරක වැඩට ගිය මහත්තයා ඇවිල්ලා බැලින්නම් තත්පරයකින් හදන්න පුළුවන් සුළු වැඩක්. පරිගණකය නොවයි, ඕනෑම දෙයක් ගැන දන්නේ නැති උනාම රවටන්නයි බලන්නේ. දැන්නම් එයාලා ගාව තියන ලුණු ගොරකා මදියි අපිව තම්බන්න. දැන් ඉතින් කව්රු හරි කොමෙන්ට් එකක් දායිද දන්නේ නැහැ ගැණුන්ගේ මොළේ හැඳි මිටේ දිගයි කියලා. (ර)
අපි මෙතැනදී ආඩම්බර විය යුත්තේ එම පියා පරිඝනක ගැන එතරම් අනවභෝදයකින් සිටියත් තම දුවට පරිගණකයක් මිලදීගෙන ඇයට පරිඝනක දැනුම ලබාදීමට ගන්න උත්සහයයි. පරිඝනකයේ ආරක්ෂාව සහ එහි ක්‍රියාවලියන් පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යම දෙයක්. ඇමෙරිකාවේ තවමත් පරිඝනකය පිළිබඳව කිසිම දැනුමක් නැති වැඩිහිටියන් බොහොමයක් සිටිනවා. මෙම සිදුවීම ගැන අප කිසිසේත්ම ලජ්ජා වීමට හෝ අවමානයට ලක්කිරීමට හෝ උසුළු විසුළු කිරීමට අවශ්‍ය නැහැ. (ර)
සමහරු පරිගණකයේ වයිරස් තිබෙනවා කියා සිතා , නහයට ලේන්සුවක් තබා අත්වැසුම් දමා පාවිච්චි කරනවලු. (නි)
ඔන්න ඔය විදිහට අපේ යාලුවෙකෙගේ තාත්තෙක් කොළඹ ආවිට හරිම හදිසියේ, කරගත් රාජකාරියත් කරගෙන ගෙදර දුවන්න හදිසියේ බඩගිනිත් නිසා ගමනටත් සෑහෙන කාලයක් ගතවන නිසා හෝටලයකට ගොඩවෙලා ළමයා, කන්න මොනවද තියෙන්නේ කියල ඇහුවා.බත් තියනවා ,කොත්තු රොටි තියනවා ..ඔන්න ඔය විදියට කියලා. හා හා ...ඔය කොත්තු රොටි 4, 5 ගෙනෙන්න කියලා. වේටර් ළමයා උඩ බිම බැලුවා. මේ තාත්තා හිතලා තියෙන්නේ අර පොඩි පොල් රොටි වගේ කියලා (නි)
පව් අනේ මෙයා (නදී)
සේරම අදහස් ටික කියෙව්වා ගොඩක් හිනා උනා (නදී)
අනවශ්‍ය විදියට තම තමන්ගේ ඇති නැති දේවල් සහ බුද්ධියේ අඩු වැඩි තැන් පෙන්නන්නේ නැතුව ප්‍රතිචාර දක්වනවා නම් වඩා වටිනවා. ස්තුති. (ම)
ඊ මේල් ආවහම බෙල් ගහන්නේ කවුද කියලා කිව්වෙත් මේ පැත්තේ කෙනෙක් නේද? (නි)
අහිංසක ගැමියෙක් වගෙයි (නි)
ඒ මහත්මයා තමන්ගේ කාලේ හැටියට එහෙම සිතීම ස්වාභාවිකයි. ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන්. දැන් ඉන්න පරිගණක අතගාන තරුණයන් හිතන්නේ ඉන් එහා ලෝකයක් නැහැ කියලා. ඔය නිකන් දුන් වයිරස් ගාර්ඩ් එකට ලයිසන් එකක් තිබෙනවද, හැමදාම අප්ඩේට් වෙනවද කියලාත් හිතන්න. (නි)
අනේ පවු නේද? (නි)
අහිංසක මිනිසෙක්! (නි)
58 කියන්නේ වයසක්ද? වයස නෙමෙයි ප්‍රශ්නය. තරුණ කාලේ දැනුම ලබාගන්න අවස්ථාවක් ඇවිල්ලා නැහැ. (නි)
චින්තක මට තාම 39යි. මම දන්නේ නැහැ පරිගණක ගැන. එ්ක දැනුම ලබාගන්න අවස්ථාවක් නොලැබීම. නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා. (නදී)
වැඩිහිටියෝ, තම දරුවන්ගෙන්, සුළු දැනුමක් හෝ පරිගණකය ගැන දැන ගන්න වටිනවා. දැන් කාලේ බොහෝ වැඩිහිටියන් දරුවන්ගෙන්, පරිගණක දැනුම ලබා ගන්න එක රහසක් නොවෙයි. මම උනත් බොහෝ දේවල් මේ පිළිබඳව ඉගෙන ගත්තේ මගේ බාල පුතාගෙන්. (නදී)
ඕක හිනා වෙන්න දෙයක් නෙමෙයි (නදී)
මම උනත් බොහෝ දේවල් මේ පිළිබඳව ඉගෙන ගත්තේ මගේ බාල පුතාගෙන්. එතකොට ලෝකු පුතා මොනවද කළේ? (නදී)
ලොකු පුතා සහ දුව ඇමරිකාවේ ඉගෙන ගන්නේ. නිකම් ගොන් ප්‍රශ්න අහන්න එපා. මාතෘකාවට අදාලව අදහස් දාන දන්නේ නැතිනම් කාගෙන් හරි අහලා දැනගන්න. (නදී)
මේ, බමුණු කියලා නූගත් කෙනෙක් බමුණු මතයක් ඉදිරි පත් කරලා. මගේ ව්‍යාපාරික කටයුතු වලදී හුඟක් පැටලිලි තැන් මගේ පුතාට කියල තමයි මම විසදා ගන්නේ. එයාලා නව පරපුරේ නිසා දැනුමෙන් බොහෝ ඉදිරියෙන් ඉන්නේ. අපි ලැජ්ජා වෙන්න ඕන නැහැ බාලයෙකුගෙන් උනත් යමක් නොතේරෙන දෙයක් ඉගෙන ගන්න. (නදී)
ප්‍රතිචාර දමන කිසියම් බවලතියකගේ අදහස් අල්ලාගෙන අපහාස කිරීම සමහර පිරිමි, කියා ගන්නා පිරිසකගේ පහත් ක්‍රියාවක් වී ඇත. මෙය දේශපාලන සබාවෙදී පැහැදිලිවම දැක ගත හැකිය. මෙවැනි හීන මානයෙන් පෙලෙන මිනිසුන් සිටින තෙක් අපේ මව්බිම,ඉදිරියට යා නොදී තුන් වෙනි ලෝකයේම රැදෙනු ඇත. (නදී)
අනේ මේක ලොකු ප්‍රස්නයක් කරගෙන ඔයාල දඟලන්න එපා. ඒ මනුස්සයා පොඩි විහිළුවක් කලේ . කොම්පියුටර් හදන මල්ලිටත් ස්තුතියි අවංකව වැඩේ කරලා දුන්නට (නදී)
ඇල්බා,බමුණු කියලා ජුතක බමුනෙකුත් මේ සභාවට පහත් වෙලා වගෙයි. එ්කනේ ලොකු පුත්තු මොනාද කළේ කියලා අහන්නේ. (නදී)
මා ජීවත් වෙන බටහිර රටේ,ඉතා මහලු උදවිය පවා පරිගණකය ඉතා හොදින් හසුරවන අකාරය මා දැක තිබෙනවා.තනිව ජීවත් වෙන බොහෝ දෙනාට එය බොහෝ ප්‍රයෝජවත් වෙනවා ඇති.ලංකාවෙත් වැඩිහිටියනට පරිගණකය ගැන කිසියම් දැනුමක් ලබාදෙන ක්‍රම වේදයක් ක්‍රියාමක වෙනවානම් බොහෝ දෙනාගේ සතුටට හේතු වෙනවා ඇති සිතමි. (බ)
ජානක,ඔබේ අදහස ඉතා අගය කරමි.නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ,පරිගණකය ගැන ඉගෙනගැනීමට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා නොවේද?දියුණු රටවල නම් ඕනෑම කෙනෙකුට ඉංගීසි නොමිලේ ඉගෙනගැනීමට පහසුකම් තිබෙනවා.නමුත් ලංකාවේ.....? (නි)
මේ මනුස්සයා කොම්පියුටර් ගැන දන්නැති නිසා තමයි...