විදේශිකයෙක් කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලකට පැමිණෙනු දුටු එහි සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරියා ‘‘ගුඞ් මෝනින් සර්’’ යැයි කීය. ‘‘ගුඞ් මෝර්නින්’’ විදේශිකයා පිළිතුරු දී ‘‘අයි වෝන්ට් ටූ ගෙට් සම් ඉන්ෆොමේෂන්’’ (මට විස්තර ටිකක් දැන ගන්න ඕනෑ) යැයි පැවසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා, ”සර් ප්ලීස් ගෝටු රිපෙස්ෂන්’’ යැයි කීය.
විදේශිකයාට එය තේරුම් ගත නොහැකි විය. ‘වට්’ (මොකක්* විදේශිකයා විමසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා ‘‘රිපෙස්ෂන්’’ යනුවෙන් නැවතත් කීය. ආරක්‍ෂක නිලධාරියා වචනය වැරැුදියි උච්චාරණය කරන බව දැනගත් විදේශිකයා ‘‘යුවර් ප‍්‍රනවුන්ශියේෂන් ඉස් රෝන්’’ (ඔබගේ උච්චාරණය වැරදියි.) R_E_C_E_P_T_I_O_N රිසෙප්ෂන් යනුවෙන් අකුරුද කියා දෙමින් පැවසීය. පසුව ‘වට් ඉස් ද වර්ඞ්’ ? (වචනය මොකක්ද) යනුවෙන් නැවතත් ඇසීය. ආරක්‍ෂක නිලධාරියා ‘‘රිසෙප්ෂන්’’ යනුවෙන් සෙමින් නිවැරැුදිව උච්චාරණය කළේය.
‘‘කරෙක්ට් වෙරිගුඞ්’’ (නිවැරදියි බොහොම හොඳයි) යැයි පැවසූ විදේශිකයා අමුත්තන් පිළිගන්නා ස්ථානයට ගොස් විස්තර ලබාගෙන නැවත පැමිණියේය. ‘‘නව් ටෙල්මී වට් ඉස් ද වර්ඞ්’’ (දැන් මට කියන්න මොකක්ද වචනේ කියලා) විදේශිකයා විමසීය. ආරක්‍ෂක නිලධාරියා ‘රිසෙප්ෂන්’ යැයි කීය. ”වෙරි ගුඞ් අයෑම් වෙරි හැපී” (බොහොම හොඳයි මට හරි සතුටුයි.) පැවසූ විදේශිකයා තම පොකට්ටුවෙන් ඩොලර් දහයේ නෝට්ටුවක් ගෙන ආරක්‍ෂක නිලධාරියාට දී පිටව ගියේය. ඩොලර් දහයක් යනු රුපියල් 1330ක් පමණ වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් සුදු මහත්වරු ලංකාවේ මහත්වරුන්ට වැඩිය ගොඩක් හොඳයි. ලංකාවේ මහත්වරු අපිට වචනයක් වැරදුනොත් ඩොලර් 10ක් අපෙන් ගන්නවා. සුදු මහත්වරු ඩොලර් 10ක් ගෙවලා වැරැද්ද නිවැරදි කරනවා. ඒක තමයි වෙනස. (නි)
"ඔබේ භාෂාවේ වචනයක් මට කියා දුන්නාට ස්තුතියි. නමුත් ඔබේ මුදල් මට අවශ්‍ය නැහැ" යැයි මේ පුද්ගලයා කිවුවා නම් කොතරම් අලංකාරද? (නි)
සිල්වා මහත්තය ඒ ගමන මොකාටද එන්න හදන්නේ.(ස)
බන්දුල මහතාගේ වයස කියක් විතර වෙනවද? (ස)
ජෙහාන් මහත්තය මාවත් හිනැස්සුව..ඔය ටික කියාගන්න පුළුවන් උනා නම් සුද්ද ආයේ එංගලන්තේ යන්න වෙන්නේ නැහැ..මහ ඉස්පිරිතාලේ මාසයක් දෙකක ඉන්න වේවි සුද්දට. ඇදුනු ඉල ඇට ටික හදව ගන්න..චම්පිකා නිවාඩුවටවත් ඇවිල්ල ලංකාවෙ නම් ඉන්නේ හෙළ ඇදුමින් සැරසිලා එන්න තිබුණ චම්පිකාව බලල යන්න..හැබැයි ඉතින් සුද්දට වඩා හයියෙන් චම්පිකා එංගලන්තෙට දුවනවා එහෙම උනොත්..(ස)
ඔහොම බැලුවොතින් නම්,සිංහලයන් කාටවත් හරියට ඉංග්‍රීසි උච්ඡාරනය කරන්න බැහැ නේද? වචන දාහක් විතර ඔහේ කියාගෙන කියාගෙන ගිහිල්ල,හොඳ ගානක් හම්බකර ගන්න. (ස)
ඔය ඇත්තො මට මුලිච්චි උනා නම් මම උන්දැව එතනින්ම කරකවල බ්‍රිතාන්‍යට යවන්නෙ හිගන්නෙක් කරල ඕං.. එන්නකො මේ බණ්ඩියා එක්ක ඉංග්‍රීසි කතා කරන්න. (ස)
රත්තරන් සමදරා අක්කේ අපට සමාවෙලා ඉන්න තැනකින් එන්න. (ස)
ඒක තමයි පිටරට ඉන්න අයට ඔච්චර සල්ලි තියෙන්නේ. එයාලා ඉංග්‍රීසි වරද්දන වරද්දන ගානට සල්ලි දෙනවා ඇතිනේ. (නි)
ලන්ඩන් වල ඉන්න අපේ අය සිංහල වරද්දන විදියට සල්ලි දෙන්න ගියොත් සුද්දන්ට අන්තිමට සල්ලි පොළියට ගන්න තමයි වෙන්නේ. (නි)
ෂෙරිෆ්, මම බන්දුලගේ කතාවට හිනාවෙලා ඉවර වෙනකොට ඔයාගේ කතාව දැක්කේ. අද නම් නියමයි (නි)
අවංකවමයි මේ කියන්නේ, වටිනාම අදහස පවන්ගේ. (නි)
අපේ යසේ අයියා සෞදියේ රියාද් නගරයට ආවේ රියදුරෙකු වශයෙන් මෙරට ප්‍රධාන පෙලේ සමාගමකට, ඒ මීට මාස අටකට පෙර, ඔහු පැමිණ දිනට පසු දින සේවයට වාර්තාකිරීමට සඳහා ඔහුගේ ප්‍රධානියා වන මිසර ජාතිකයකු වෙත යසේ අයියාව යොමු කලේ එම සමාගමේම සේවකයෙකි, සමාගමේ ප්‍රධානියා යසේ අයියිගෙන් විමසුවේ වට් ඉස් යුවර් නේම් ? යනුවෙනි එවිට යසේ අයියා කීවේ මයි නේම් ඉස් යසරත්න අලහකෝන් ප්‍රේමසිරිවර්ධන යනුවෙනි, එවිට සමාගමේ ප්‍රධානියා කියා සිටියේ යුවර් නේම් ඉස් වෙරි බිග් ටෙල්මි යුවර් ඩිස්කවුන්ට් නේම් යනුවෙනි, (අ)
සංජය ඔයා හොදට හොයල බලන්න (අ)
බොහොම හොඳ සුදු මහත්මයෙක් (නි)
මම ඉන්නේ පිටරට.මෙහෙ සිංහල අය අඩුයි. හිටියත් මගේ ගනුදෙනුවක් නැත. සිංහල කතා කරන්නේ කලාතුරකිනි. මට ඇත්තටම දැන් සිංහල කතා කරන්න අමාරුයි. (නි)
හැබැයි සමහර සුද්දන්ගේ ඉංග්‍රීසි උච්චාරණය වැරදියි. (නි)
සමහර අයට සුද්දන්ව විතරක් නෙමෙයි පිටරට ඉන්න ලංකාවේ අයවත් පෙනෙන්න බැහැ. හැබැයි එංගලන්තේ සුද්දෙක් හමුවුණොත් සිංහල වෙනුවට සුද්දාට ඉංග්‍රීසි උගන්වන්න උත්සාහ කරයි. (නි)
සුද්දන්ට සිංහල නම් කවදාවත් උගන්වන්න හොඳ නැහැ. එතකොට අපේ සමහර අයට ලංකාවේ ඉඳගෙන, ලෝකෙටම ඇහෙන ලෙස , සුද්දන්ට සිංහලෙන් බනින්න බැරි වෙනවා. (නි)
බන්දුල පෙරේරාට උත්තර ලියන්න එපා. බන්දුල බොරුවක් ලියලා කට්ටියව අවුස්සලා හිනාවෙනවා.සුද්දන්ට විරුද්ධව කතාකරන අය තමයි සුද්දන්ගේ පස්සෙන් යන්නෙත්. (නි)
අපේ අය නම් හිනාවෙලා යයි (නි)
නරකද බන්දුල ඔබේ ඉංග්‍රීසි දැනුම මේ පාඨක සභාවේ බවලතුන්ට බෙදා දුන්නොත්? ඔබ නිතරම ඒ උදවිය ගැන කරදර වෙනවානේ. (නි)
පහන්දි නංගි, ආදරණිය සමදරා අක්කාව මේ තීරයෙන් එළවලා දාන්න ඔයත් මුල්වුණා හින්දා වෙන්න ඇති (නි)
මේ දේ ආදායම් මාර්ගයක් කර ගන්න බැරිද (දී)
වචනයකට ඒ තරම් ගෙවනවද (දී)
අපේ රටේ අයත් එක්ක බලද්දී සුද්දන් කොච්චර වෙනස්ද? (නි)
මම ඉන්දියාවේ වැඩ කරන්නේ. පළමු දිනයේම මැනේජර්ට මාව අදුන්නලා දුන්නේ මගේ මිතුරෙක්. මා ගැන සම්පුර්ණ විස්තරය අහලා මැනේජර් කීව නවූ අයි නෝ යුවර් බැක් සයිඩ් කියලා. (නදී)
මේ පුද්ගලයා ඉංග්‍රීසි ඉගෙනගත්තේ කොහෙන්ද දන්නෙ නැහැ (නි)
මට ඒ සුද්දාව මුණගැහුනා නම්, මම වචන 10ක් විතර වරද්දලා කියනවා (නි)
ලංකාවෙන් ඉංග්‍රීසිකාරයෝ 1948 දී අපේ රට අතහැර යනකොට සිංහල අපිට හූනියමක් කරලා ගිහින්ද කොහෙද? එදා ඉඳලා අපිට ඉංග්‍රීසි තේරෙනවා. ඒත් කතා කරන්න බැහැ. මේ වෙලා තියෙන්නේත් ඒකමයි (නි)
මේක විදේශ කුමන්ත්‍රණයක්. මේවට අහුවෙන්න නරකයි. (නි)
මේක තමයි බටහිර රටවල් අපේ රටට කරන්නේ. එයාලගේ විදියට හැඩ ගැහුණහම පොඩි ආධාරයක් කරනවා. අපේ අයත් රැවටෙනවා (නි)
මගේ නමින් මේ අදහස් ලියා තිබෙන්නේ කවුද දන්නෙ නැහැ (නි)
ජෙහාන් ,චම්පිකා , අද රැකියාවෙන් පසු ගෙදර ඇවිල්ලා ඔබේ පාඨක අදහස් කියවලා බොහොම විනෝද වුණා. බන්දුලටත් සුද්දන්ට ඉංග්‍රීසි උගන්වන්න ගිහින් බකිම්හැම් මාළිගාවේ දේශපාලන රැකවරණ ඉල්ලන්න වෙන වැඩක්නේ වුණේ (නි)
අයියෝ බන්දුල හිතවතාට මම කොච්චර කියනවද කුඹි ගොඩවල් අවුස්සන්න එපා කියලා. (නදී)
කරුණාකර මගේ නමින් ලියන්න එපා කිසිවෙකුටත් කරදරයක් නොකර ඉන්න මාව ඕවට හවුල් කර ගන්න එපා., සමදරා කියන කෙනා ඕන නම් ඔයාගේම නමින් ලියා සමදරා ගෙන්වා ගන්න.,ඇයි මේ අනුන්ගේ නම් වලින් ලියන්නේ ලජ්ජා නැද්ද..?(දී)
බුදු සමදාර අක්කේ දැන් හිටියා ඇති එන්න (දී)
අන්තර්ජාතික භාෂාවක් වුවමනා වන්නේ කුමටද යන්න සුද්දාටවත්, ආරක්‍ෂක නිලධාරියාටවත්, අදහස් දාන අයටවත් නොතේරෙනවා වගෙයි මට නම් පෙනෙන්නේ. ආරක්‍ෂක නිලධාරියා කියූ දේ සුද්දාට තේරුනා නම්, අන්තර්ජාතික භාෂාවක ඇති වුවමනාව පිරිමැහෙනවා. (නි)
අපේ ලංකාවේ වගේ නෙවේ පිටරටවල අපේ රටේ කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන කොට වැරදුනොත් ඉන්න සේරම දෙනා හිනාවෙලා ඔහුව සමච්චලයට ලක් කරනවා කවදාවත් එම වරද කියාදීලා ඒ පුද්ගලයව නිවැරදි කරන්න නැ. බලපුවම 100%හොදට කතා කරන්න දන්නා කෙනෙකුත් නැ අනෙක් අය දියුණුවෙනවට කැමතිත් නැ අපි කණගාටු වෙන්න ඕනේ නැ ඉංග්‍රීසි බැරි උනාට මොකද අපේ මව් බාසාව ඒක නොවෙයිනේ. අපේ රටේ මිනිස්සුන්ගේ මන්ද මානසික තත්වය නිසා තමය් අපට දියුණු වෙන්න බැරි. තමන්ගේ කාරිය හරියට නොදෙන නොකර අනුන්ව පාගන පිළිවෙත තමා තියෙන්නේ (ස)
අපට වඩා හොඳට අපේ භාෂාව ඉගෙනගත් සුද්දන් ඕනෑතරම් අදත් ඉන්නවා. අපට අද ඉන්නේ සිංහලවත් ඉංග්‍රීසිවත් හරියට දන්නේ නැති උගතුන් පිරිසක්. (නි)
අද නම් නියමයි. සුද්දාගේ වැඩෙත් ලස්සනයි.අදහස් ටිකත් නියමයි. අනේ හැමදාම මෙහෙම ඉන්නවා නම්.....?ගොඩක් හිනා වුණා. හැමෝටම ගොඩක් ස්තූතියි (නි)
කමෝන් බන්දුල, අද නියමයි.හොඳට හිනා වුණා. (නි)
පවන්, ඉතින් කොහොමද ඒක එයා ඉංග්‍රීසියෙන් කියන්නේ? (නි)
බන්දුල කියන දේ අහගන්න සුද්දෙක් තියා ලංකාවෙන් වත් තාම කවුරුවත් හොයා ගත්තේ නැහැ නේද ? (දී)
කට්ටියක් පිටරට ඉන්න සුද්දන්ට කඹුරනවා කියමුකෝ. එතකොට සමහරු කරන්නේ මෙහෙ ඉන්න අසවලුන්ට කඹුරන එකමනේ. කඩේ යනවා, සුදු හුණු ගානවා, අපුල්ලනවා, ආවඩනවා, ප්‍රශස්ති ගීත ගයනවා වැඩ ඉවරයක් නැහැ. බලන කොට පිටරටයි මෙහෙයි එකම වැඩේ තමා කරන්නේ. (ස)
මේ රටේ මිනිස්සුන්ගේ තරම, මේකේ ආදර්ශය ගන්නෙ නැතිව වල්පල් කියවන හැටි. (ස)
එහෙනම් ඉතින් පිටරට ඉන්න කළු සුද්දන් වන අපිටත් එක්ක ආදර්ශමත් වෙන්න , බන්දුලතුමා ට බැරිය හෙටම නියම භුමි පුත්‍රයෙක් වගේ ඇඳුමින් ම හෙළ ගතිය පෙන්නන්න . බහින්නකෝ අමුඩ කෙටියකටම. මොකටද කළු සුද්දන් වගේ කලිසම් කමිස අඳින්නේ ? (ස)
හොඳ මනුස්සයෙක්. (ස)
බන්දුල මහතා මට කරුණාකර කියා දෙන්නකෝ... නයිට් රේස් අපේ ජාතික ක්‍රීඩාවද එහෙම නැති නම් ඔය පිටරට වල රැකියාවල් කරන ලංකාවේ කළු සුද්දන් ටික නිවාඩුවට ලංකාවට ආවාම මෙහෙ බෝ කරලා ගිය සුද්දන් ගේ ක්‍රීඩාවක් ද ? හරියටම දන්නේ නැති හින්දා අහන්නේ . (දී)
බන්දුල , රටේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ගැන බහුතරයක් දන්නවා. මේ දවස් වල ඒක අධිවේගී මාර්ගවල, විශ්ව විද්‍යාල අසල, බස් නැවතුමේ ඔන්න හෝ ගාලා උතුරනවා. ! (දී)
බන්දුල කඩේ යනවාට වඩා මම හිතන්නේ පිටරට ගිහින් හරි දාඩිය මහන්සියෙන් හම්බු කරගෙන අනුන්ටත් විහිළුවක් නොවී ඉන්න එක නම්බුයි. කළු සුද්දන් ලංකාවෙත් ඉන්න බව බන්දුල දන්නේ නැද්ද ? සමහරුන් ගේ දරුවන් ඉගෙන ගන්න පිටරට ගිහින් ලංකාවට ඇවිත් කරන වැඩ සුද්දන් වත් කරන්නේ නැහැ. (දී)
අපේ කාට හරි ඔහොම කියලා වැරදුනා නම් බලන්න තිබ්බා ... අපේ උදවිය පශ්තාත් බාගයෙනුත් වරද්දුපු කෙනාට හිනාවෙයි...... අනිත් අතට අපේ කෙනෙක්ම වැරද්දක් පෙන්නලා දුන්නමත් පිළිගන්න අදිමදි කරනවනේ ...... කොහොම නමුත් නිහතමානී වීම උතුම් (දී)
ජයන්ත මහත්තය දන්නා තරම..මම කියනදේ අහන්නේ මොකටද ප්‍රජාතන්ත්‍රවාදී බහුතරය ඔක්කොම කියන්නේ ඒ දේම නම්.ජයන්ත මහත්තයල කියන දේනම් අහන්නේ ඉතින් ඔය වගේ පිටරටවල් වල සුද්දන්ට කබුරන කළු සුද්දෝ විතරයි. (දී)
සුද්දා - බන්දුල වට් ඉස් යුවර් ජොබ් ? බන්දුල පෙරේරා - ලෝන්ඩරි ඩියුටි , වයිට් වොෂින් ඇන්ඩ් ග්‍රොසරි රනින් ! සුද්දා පසු නොබලා දුවයි. (දී)
අපේ කළු සුද්දෙක් වගෙ වුනා නම් මේ මනුස්සයට හිනා වෙයි. (ස)
වරදක් දුටුතැන එය කියාදීම හා උන වැරැද්ද තේරුම් ගැනීම තමයි මහත්මා ගතිය. (දී)
මොනවා වුණත් සුද්දන්ගෙන් අපිට ගොඩක් වටිනා දේවල් ගන්න තිබෙනවා. කොහොම වුණත් හොඳ මනුස්සයෙක් (නි)
සිංහල වචන එහෙම දන්නවද දන්නෙ නෑහෙ ඒ සුදුමහත්තයා...ඩොලර් ලක්ශයක් දෙනවා එක සිංහල වචනයක් හරියට කිව්වොත්...මොනව උනත් වෑරද්ද පෙන්නලා දුන්නට "තෑන්ක්ස්...." (දී)
සිංහල පුද්ගලයෙක් ඉංග්‍රීසි වැරද්දුවට කාටවත් කිසිවක් කියන්නබැහැ. අපේ මව්භාෂාව සිංහල. වෙනත් භාෂාවක් වරද්දව,වරද්දව හෝ කතාකිරීම හිනාවීමට,අවමන් කිරීමට හේතුවක් නොවේ. (දී)
වචන.වැරදියට.හරි.කතාකර.එම.අවස්තාවටනොබියව. මුහුණ දීම තමයි ශ්‍රී ලන්කන් අපගේ නිර්බිත කම එම ආරක්ෂක නිලධරියට මගේ.සුබ පැතුම් (දී)
හරිදේ මිලකරන්න බැහැනේ. (දී)
ඒ සුද්දට එක සිංහල වචනයක් වත් බැහැ සිකුරුයි (දී)
අම්මප මේ සුද්ද මාත් එක්ක කතා කලානම් සුද්ද ආපිට හැරිලා එංගලන්තෙටම දුවනවා.. (දී)
ප්‍රසන්න ,ඒ මනුස්සය වචන 3ක් 4ක් වැරද්දුවනම් සුද්ද ඔය මනුස්ය දිහා පැත්තක්වත් හැරිලා බලන්නේ නැතිව යන්න යයි. (දී)
මනුස්ස ගතිගුණ ඇති විදේශික මහත්මයෙක් වගෙයි පෙනෙන්නේ. (දී)
රුවන් ලා වගේ අය මේ රටට වාසනාවන්...වරද්ද හරි කියන එක හොදයි ඒ නිසානෙ සුද්දා තෑගිත් දුන්නෙ ..තෑග්ග නොගත්තා නම් මීට වඩා හොඳයි ..රටට කීර්තියක් (දී)
අද නම් තව ටිකෙන් හිනා වෙලා පන යනවා. බන්දුල තුමාගේ හෙළ ඇඳුම නිසා. (දී)
ජෙහාන් මහත්තයා,ඔය ටික සුද්දට කියන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද? (නි)
වැඩි දෙනෙක් සිටින්නේ මිනිසෙකුට වරදිනතුරුය. තවත් මිනිසුන් බලාගෙන සිටින්නේ මිනිසෙකුට ලැජ්ජා කරන්නේ මොන වේලාවේද කියාය. ඒ අතින් ඉංග්‍රීසි ජාතිකයෙකු වුවත් මොහු නම් සැබෑ මිනිසෙක්ය. (නි)
ජෙහාන්,අද ඇතිවෙන්න හිනා වුණා. විදේශිකයෙක් වුණත් මහත්මා ගතිගුණ ඇති කෙනෙක්. එය නිහතමානීව පිළිගත් ආරක්ෂක නිලධාරියාත් අගය කරමි. (නි)
මට මැවිලා පේනවා බන්දුල හෙළ ඇඳුමින් සැරසිලා මේ කියන සුද්දා සමග කතා කරන ප්‍රතාපවත් ලීලාව. ! පාඨක සභාවටත් ඒ ඇඳුමින් සැරසිලාම සැපත් වේවි ද දන්නේ නැහැ. (දී)
බන්දුල පෙරේරා සුද්දා එක්ක කතා කළොත් සුද්දා පස්ස නොබලා දුවයි. (නි)
ඕක පුරුද්දට යයිද දන්නෙ නෑ. (ස)
මේ පුවතින් දැක්වුණ සුද්දාව ඉංග්‍රීසියෙන් කතා කර එලවන්න බන්දුල මහතා ගියේ එහෙනම් සභාව යෝජනා කල හෙළ ඇඳුමින් සැරසිලා වෙන්න ඇති. ඒකනේ විදේශිකයා පසු නොබලා එංගලන්තයටම දිව්වේ. (ස)
අපිත් අත්හදා බලන්න ඕනේ (දී)
බන්දුල තුමා කළු සුද්දන්ට බැට දෙන්න ගිහින් එහෙනම් හෙළ ඇඳුමටම බැස්සා එහෙනම්. හොඳයි හොඳයි ! ආදර්ශය අවවාදයට වඩා උතුම් කියනවනේ. (දී)
වචන 3ක් 4ක් විතර වැරැද්දුව නම් ලොකු ගානක් හොයාගන්න තිබුණා. (ස)
ගොඩක් අය හිතන්නේ සුද්දෝ කියන්නේ නරකම නරක මිනිස්සු කියලා. හැබයි ඕන තරම් 'හිත සුදු' සුද්දෝ ඉන්නවා. (ස)
මට චම්පිකා ලියපු දෙය කියවලා තවමත් හිනා. ඇත්තම තමා කතාව. (ස)
රුවන් මොනවද මේ කියවන්නේ. වැරද්දක් හරි ගස්සුවාම එක පිළිගන්න ඕනේ. ඔයා කියන්නේ පලි ගැනීමක් වශයෙන් සුද්දාට සිංහල කතා කරවන්න තිබුන කියලාද (දී)
මේ පුවතින් කියවුන දෙදෙනාම ආදර්ශමත්. නිහතමානිව තමන්ගේ ඉංග්‍රීසි භාෂා කථනයේ වැරැද්ද නිවැරදි කරගෙන අන්‍යන් ගේ සිත් දිනා ගත් ආරක්ෂක නිලධාරියා . ඒ සමගම අනෙක් කෙනාගේ අවංක උත්සාහය අගය කල විදේශිකයා. (දී)
හරියට හරි නිශේන් . කඩේ යන එකත් කඹුරන වැඩක් කියලා තමන් දන්නේ නැහැ. ඒ වැඩේ කරන්නෙත් පිටරට ගිය මිනිස්සුන්ටයි තුන් ලෝකෙම ඉන්න බවලතුන්ටයි උපහාස අපහාස කරමින්. ! (දී)
මේ පුවතින් බොහොම දේවල් අපිට පේනවා. නිහතමානීව තමන්ගේ ඉංග්‍රීසි භාෂා කථනය නිවැරදි කරගත් ආරක්ෂක නිලධාරියාගේ යහගුණය .ඒ සමගම පළවූ පුවතට අදාලව අදහස් ලියනවා වෙනුවට සුපුරුදු පරිදි පිටරට ඉන්න ලාංකිකයන් එක්ක පරණ තරහක් පිරිමසා ගන්න අදහස් ලියන උදවිය. තමන්ගේ භුමි පුත්‍රකම තමන්ට කියා අනුන්ගේ පුරවැසිකම් ගැන හොයන පුරුද්ද අත හැර ගන්නම බැහැ වගේ. (දී)
අනේ ලන්ඩන් වල කවුරුවත් නැහැනේ උවමනාවෙන්ම සිංහල බැරි බව පෙන්නන්න උත්සහ කරන සුද්දන්ටත් වඩා සුද්දෝ වෙන්න දඟලන කළු සුද්දන් බොරුවට සිංහල වරද්දන කොට කීයක්හරි දීල ඒක හරිගස්සන්න. (දී)
ප්‍රසන්න - ඔබේ වචන වල කිසිම ප්‍රසන්නතාවයක් නෑ.කෙටියෙන්ම කිව්වොත් ඔබ වගේ මිනිසුන් නිසා තමයි පිටරට මිනිස්සු ලංකාවට එන්න කැමති නැත්තේ.. (දී)
ජෙහාන්ගේ අදහස් නම් බන්දුලට නියමෙට ගැලපෙනවා. මට තවමත් හිනා!(දිල්)