(උණවටුන ඩී.ජී. සුගතපාල)
නගරාසන්නයේ මිතුරන් දෙදෙනෙකි. මිතුරෝ දෙදෙනාම තදින්ම මතට ඇබ්බැහිවූවෝ වෙති. නිරෝධායන ඇඳිරිනීතිය නිසා ඔවුන්ගේ අවශ්‍යතාවට වුවමනා හෙරොයින් පානයට මුදල් සොයා ගැනීම තරමක් දුෂ්කර විය.
එහෙත් උත්සාහය අතහැරියේ නැත. කොළඹ පදිංචි වෘත්තිකයකුගේ ගාල්ලේ නිවෙස බලාගත් මුරකරු සමග ඔවුහු මිතුරු වූහ. පසුගිය සතියේ කොළඹ සිටින නිවෙස් හිමිකරු මුරකරුට වැටුප් එව්වේය. ඒ බව දැනගත් මිතුරන් දෙදෙනා පස්වනක් ප්‍රීතියට පත් වූහ.
බලාපොරොත්තු නැති අවස්ථාවේ මිතුරන් දෙදෙනා බංගලාවට ඇතුළු වූහ. එකෙකුගේ අත පිහියකි. ක්ෂණයකින් එම පිහිය මුරකරුගේ බෙල්ලට එල්ල විය. “කෝ පඩි සල්ලි, දීපන්... නැති නම් මරණවා.” තර්ජනය හමුවේ මුරකරු අසරණය.
කොල්ලකාර මිතුරන් දෙදෙනා ඔහු සතුව තිබූ රුපියල් තිස්දහසක මුදලක් ද ජංගම දුරකතනය ද පැහැර ගත්තේය.
“අනේ මම තවම දවල්ට කෑවෙත් නැහැ. දැන් මට කන්න සල්ලිත් නැහැ” මුරකරුගේ දුක්බර අඳෝනාව කොල්ලකරුවන් වුණත් ඔවුන්ගේ හදවත් ද සසල කළේය. එහෙත් වැඩි වේලාවක් රැඳී සිටීම නුසුදුසු නිසා වහාම එම ස්ථානයෙන් පිට වූ කොල්ලකරුවන් දෙදෙනා යම් කිසි තීරණයකට එළැඹියහ.
“අපි මිනිහට කෑම පාර්සලයක් ගිහින් දෙමු” ඒ අනුව කෑම පාර්සලයක් සාදාගත් කොල්ලකරුවන් දෙදෙනා ගොස් ගේට්ටුවේ කෑම පාර්සලය එල්ලා ආපසු පැමිණෙන්නට හැදුවා පමණි. කොහෙදෝ සිට පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ඔවුන් කොටු කරගත්හ. ඔවුන් කළ දෙය පිළිබඳව සැක කළ පොලිසිය දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. අන්තිමේදී ඔවුන්ට සියලු තතු හෙළි කරන්නට සිදු වූයේ, මේ අලකලංචිය අස්සේ මුරකරු ද එළියට පැමිණ සිද්ධියේ සුලමුල හෙළි කළ බැවිනි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වරදක් හදන්න ගිහින් අතේ මාට්ටු වෙලා
fairoos Tuesday, 28 September 2021 01:43 PM
ලංකාවේ ආණ්ඩුව වගේමයි මිනිස්සුත් දැන් .එකට ඉඳලා පස්සෙන් අනිනවා