ඉදිරියේ දී පැමිණෙන වැසි සමය සඳහා තම ඉඩමේ වගා කිරීමට තීරණය කළ තරුණ ගොවි මහතෙක් ඉඩමේ වැවී තිබූ තණකොළ සහ වල් පැළ මර්දනය කිරීම සඳහා වල් නාශකයක් යෙදීමට කල්පනා කළේය. පසුවදා නගරයට පැමිණි හෙතම වල් පැළෑටි නාශක බෝතලයක් මිළදී ගෙන යළි නිවසට පැමිණියේය.
පසුදින ඉඩමට පැමිණි හෙතම බෝතලයේ ඇති උපදෙස් පිළිපදිමින් වල් පැළෑටි නාශකය තම ඉඩමට ඉසීමට කටයුතු කළේය දින කිහිපයක් ගතවිය. ඔහු නැවත තම ඉඩමට පිවිසියේ මැරී ඇති වල් පැලෑටි පරීක්‍ෂා කිරීමටය. ඉඩමට පිවිසි ඔහු පුදුමයට පත්විය. තම ඉඩමේ වල් පැළෑටි මැරී තිබෙනු දැකීමට ඔහු බලාපොරොත්තු වූවත් වල් පැළ තිබුණාටත් වඩා සශ්‍රීකව වැඞී තිබෙනු ඔහුට දැකගන්නට ලැබුණි. ”මම ගැහුව වල් පැළෑටි නාශකය වල්පැළ පොහොර වුණේ කොහොමද” ඔහුට ඉබේටම කියැවුණි. වල් පැළෑටි නාශක හිස් බෝතලය අතට ගත් තරුණ ගොවි මහතා එයද රැගෙන නගරයට පිවිසියේ එය අලෙවි කළ වෙළෙන්දා හමුවීමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම දෙයක් මටත් වුණා. වල් නාශක ගැහැව්වට පස්සේ සේරම වල් ගස් මරුන. එත් මාසෙකට පස්සේ වැවුනේ කවදාවත් හැදිලා නැති වල් ගස්. අපේ ප්‍රදේශයෙන් හොයා ගන්න නැහැ ඒ වගේ වල් ගස්. ඔය වල්නාශක වල මොකක් හරි ලෙඩක් තියෙනවා.. (ස)
අනේ තම ගෙවත්තෙවත් වස,විස නැතිව වගාකරන්නකෝ.එවිට පාරිබෝගිකයට පිළිකාවත්,ගොවියාට වකුගඩු රෝගයත් නැතිවේවි. (ස)
මගේ පුංචි ඉඩමේ මම වගාකරලා තියනවා එළවලු[ඉඩම හා නිවස පර්චස් 10]මිරිස්,තක්කාලි,දෙහි,වම්බටු,බණ්ඩක්ක,ලීක්ස්,මුරුංග,ගොටුකොල,කතුරු මුරුංග,නිවිති,වැටකොළු. කඩෙන් ගන්න එළවලු වලට වඩා නිවසේ වවන එළවළුවල පුදුම රසක් තියෙන්නේ. (ස)
වල් පැළෑටි නාශක කියන්නේ වල් පැළෑටි වලට හොඳ පොහොරක් තමයි. මේ පොහොර උරාගෙන ක්ෂණිකව වැඩෙන්න තතනන පැළෑටිය ඊට අනුරුප අනෙක් පරිසර සාධක මදි නිසා මැරෙනවා. මේ සිද්ධාන්තය මට කිව්වේ කෘෂිකර්ම උපදේශකවරයෙක්. (ස)
වල් පැලෑටි නාශක වල තියෙන්නේ ශාක සඳහා වුණු අධි වර්ධක හෝමෝන. ඒවායින් ශාකය වර්ධනය ශාකයට දරාගත් නොහැකි ලෙස වේගවත් කරනවා. සෛල පමණට වඩා විශාල වීම දරාගත නොහැකිව ශාක මිය යනවා. ඉතින් වැරදීමකින් මේ වගේ ප්‍රථිපල අත්විය හැකියි. මේ වගේ අධික විශ සහිත රසායනික මිනිස්සු මොකට භාවිතා කරනවද කියන එකයි ප්‍රශ්නේ. උදැල්ලක් අරන් උදලු ගෑවනම් රොඩු ටික දිරන්න තියල පොහොරක් හැටියටත් ගන්න තිබ්බා. (අ)
මේ වගේ අත්දැකීමක් මටත් ලැබුණා.(දිල්)
වල් නාශක සහ පොහොර වල තියෙන්නේ අමුතුම දේවල්. දවසක් ගෙදර තිබුන මල් පෝච්චියට කුඹුරට ගහන්න ගෙනාපු පොහොර පොඩ්ඩක් දැම්මා. ටික දවසකින් මල් පෝච්චියේ පිරෙන්න කුඩුමට්ට (කුබුරු වල හැදෙන වල් පැලෑටියක්) හැදිලා. ඒ කියන්නේ පොහොර ගැහුවාම තෙල් ගහන්නත් වැඩේ සිද්ද කරලා දෙනවා. (හේ)
වල් නාශක වල අඩංගු වෙන්නේ අධි සාන්ද්‍රනයෙන් යුතු ශාක හෝමෝන. (හේ)
දැන්වත් ඔය මෝඩකම් අතහරින්න වස විස නැති ගොවිතැනට පුරුදුවන්න (ර)
වල් නාශකය 3-4 MCPA. සාන්ද්‍රණය ලේබලයේ තිබෙනවාට වාඩා අඩු කලාම ඕක වෙනවා. (ර)
උදැල්ල පාවිච්චි කරලා වල්පැළෑටි සුද්ධ කරලා දැම්මා නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සල්ලිත් ඉතුරු කරගන්න තිබුනා. (නි)
ආ එතකොට රෙජි-සිඩ්නි උදැල්ල පාවිච්චි කරන කෙනාට ගාස්තුව ගෙවනවද? (අ)