පෙම්වතුන්ගේ දිනය දා කේක් බෙදන්න ගිහින් පෙම්වතිය අහිමි කරගත් පෙම්වතකු පිළිබඳ පුවතක් අගනුවරින් වාර්තා වේ. ඒ මෙසේය.
ඔහු නාඹර තරුණයෙකි. දුර බැහැර සිට අගනුවරට දිනපතා ළඟාවන බස් රථයකි. රැකියාවට පැමිණෙන අතර එම බසයේම පැමිණි තරුණියක් ඔහුගේ පෙම්වතිය විය. ඔහුට මිතුරෝ විශාල පිරිසක් සිටිති. එයින් පිරිසක් රහමෙර පානය කරති. ඔහු ද මේ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකි.
මේ කට්ටිය කුමක් හෝ හේතුවක් හදාගෙන මාසයට වරක් දෙකක් මත්පැන් පානය කරති. බස්රථය තුළ සින්දු කියමින් ගමන් කරති. පෙම්වතාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ඇය නොසතුට පළ කර තිබුණි. ඔහු හැමදාම ඇයට විහිළුවක් කර ෂේප් වන්නේය.
පසුගිය පෙම්වතුන්ගේ දිනය දා මිතුරන් සමග සෙට් වී සිටින විට මිතුරෙකු පැවසුවේ ‘මචං අද වැලන්ටයින් දිනය ඉතිං උඹ අපිට කේක් අරන් දීපං උඹල දෙන්න හැමදාම ටොපි ටොක්ලට් කනවානේ.’
ඔහු මිතුරාගේ කන්දොස් කිරියාව නිසා අසල කඩයකින් අයිසින් කේක් එකක් ගෙන කෑලිවලට කපාගෙන පැමිණියේය. එම කේක් එක කෑමට මිතුරෝ පොර අල්ලති. ඔහු මිතුරන්ට බැණවදිමින් කෙල්ලට දීලා තමයි උඹලට දෙන්නේයි කීය.
අගනුවරින් බසය ගමන් අරඹා තිබුණි. පෙම්වතා ඉදිරිපස ආසනයක වාඩි වී සිටින තම පෙම්වතියට මුලින්ම කේක් කෑල්ලක් පිරිනැමීය. ඒ වනවිට පෙම්වතා බස්රථය තුළ කරන විකාරරූපී රංගනය ගැන කලකිරීමටත් කෝපයටත් පත්ව සිටි ඇය කේක් කෑල්ල ප්‍රතික්ෂේප කළාය. ඔහු තරහෙන් සිටි පෙම්වතියට විහිළුවක් කරමින් අසල ආසනයක සිටි ආච්චිට කේක් කෑල්ලක් පිරිනැමීය දිගටම තරුණයාගේ හැසිරීම බලා සිටි ආච්චි ඔහුට හොඳටම බැණ වැදුනාය.
අපි මේ බලාගෙන ඉන්නේ ගෙදර යන්නේ කොයිවෙලේ ද කියලා? මුන් මේකේ ජවුසං නටනවා. කියමින් තරුණිය දෙස බැලුවාය. ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. මේ කතා ඇසූ පෙම්වතා පරාජිත හැඟීමෙන් මිතුරන්ට පැවසුවේ මංච දැන් ඉතිං කරන්න දෙයක් නැහැ මේක අපි කමු. යනුවෙනි.
වේගයෙන් ධාවනය වන බසය තුළ ඔහු එහාට මෙහාට තල්ලු වෙමින් පිටුපසට ගියේ අතේ කේක් ගෙඩිය ද ඔසවාගෙනය. එක්වරම බසය බ්රේක් ගැසුවේය. ඔහු පියාඹන පිරිසියක් මෙන් උඩින් ගොස් පිටුපස ආසනයේ සිටි මිතුරන් මතට ඇද වැටුනේ කේක් ගෙඩිය ද සීසීකඩ වීසිවෙමිනි.
මිතුරන්ගේ ඇඟ පුරාම අයිසින් කේක්ය. මිතුරා හරියට අවුරුදු උත්සවයක විකටයෙකු සේ මුහුණ පුරා අයිසින් තවරාගෙන පිටුපස ආසනය මත ඇද වැටිලාය. මුලු බසය පුරාම සිනාවක් පැතිරිණි. මේ සිනා හඬ මැද්දේ තම පෙම්වතාට වෙලා තිබෙන සන්තෑසිය දැක පෙම්වතිය තරහෙන් පුපුරා මගින් බැස ගියාය.
පසුව මිතුරන් පිරිස එකතු වී ඔහු පිරිසුදු කර බහින ස්ථානයෙන් බස්සවා ඇත. තම මිතුරාත් පෙම්වතියත් සති ගණනාවක් යනතුරු එම බසයේ පැමිණියේ නැති නිසා මිතුරන් ඒ ගැන සොයා බලා ඇත. තම මිතුරා පවසා ඇත්තේ ඉලව් වැලන්ටයින් දිනයක් නිසා තමාට පෙම්වතිය ද අහිමි වූ බවය.
(බන්දුල පතිරණ)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැලන්ටයින් දිනයේ කේක් බෙදන්න ගිය පෙම්වතාට පෙම්වතියත් නැතිවෙලා
සත්‍යවාදියා Sunday, 03 March 2019 06:38 AM
බොරුවක් ගොතනවිටත් යම්කිසි මූලධර්මයක් අනුගමනය කළ යුතුයි. වේගයෙන් ඉදිරියට යන බස් රථයක් බ්රේක් ගැසුවාම විසිවී යන්නේ පිටුපසට නොව ඉදිරිපසටයි...
Lenard Friday, 15 March 2019 10:22 AM
හරියටම හරි ඒක කියවද්දි මාත් ඕකමයි කල්පනා කර කර හිටියේ. බ්රේක් ගැහුව නම් වීසි වෙන්න ඕන ඉස්සරහට. කොහොමද පිටිපස්සේ ඉන්න යාලුවන්ගේ ඇඟට වැටුණේ