ඔවුන් පිට පළාත්වලින් පැමිණ කොළඹ නගරයේ සේවය කරන තරුණ පෙම්වතුන් යුවළකි. රැකියාව කළේ ආයතන දෙකකය. පසුගිය වැලන්ටයින් දවසේ නිවාඩු ලබාගත් දෙදෙනා දෙහිවල මුහුදු වෙරළට ගොස් නිදහසේ කතා කරන්නට වූහ. ස්වල්ප වේලාවකින් එතැනට කිහිලිකරු ආධාරයෙන් පැමිණි පුද්ගලයෙකි. ඔහු පෙම්වතුන් අමතා, ”කීයක් හරි දෙන්න’’යැයි පැවසීය. තරුණයා තම සාක්කුවෙන් රුපියල් දහයක් ගෙන ඔහුට ලබාදුන් අතර ‘‘රුපියල් දහයෙන් මොනවා කරන්නදැයි’’ ඔහු විමසීය. එවිට තරුණයා තම සාක්කුවෙන් නැවතත් රුපියල් පනහක් රැගෙන එයද පෙරකී පුද්ගලයා අත තැබීය. ‘‘මදි මදි තව සීයක් වත් දුන්නේ නැත්නම් මම මෙතනින් හෙලවෙන්නේ නැහැ” යැයි තර්ජනාත්මක ස්වරූපයෙන් පැවසීය. තරුණිය තරුණයාගේ මුහුණ බැලූවාය. තම මුදල් පසුම්බියෙන් රුපියල් සීයක් ගත් තරුණ පෙම්වතා එය පුද්ගලයාට දිගු කළේය. රුපියල් සියය අතට ගත් පුද්ගලයා ‘‘මම තමයි බජාර් එකේ කළුඅයියා කියන්නේ’’ යැයි පවසා එතැනින් පිට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේවත් ඉන්න වැඩකට නැති මිනිස්සු චණ්ඩි බවට පත්කරන්නේ ඔය කප්පම් දෙන මිනිස්සු තමයි. (නි)
කළු අයියට සුදුවෙන්න දුන්නනම් හරි.(නදී)
මේ වගේ දේවල් නතර කරන්න ලංකාවේ පොලිසිට බැරිද? රටක දියුණුව කියන්නේ ආර්ථික, සමාජීය, සිතුම් පැතුම් හැම දේම යහපත් විදියට දියුණුවක් දකින එකයි. කප්පම් ගන්න මිනිස්සු අද විතරක් නෙමෙයි හැමදාමත් ගන්නවා. ඒවා වැලැක්විය යුතුයි.(නදී)
කලු අයියට මොකද වුණේ? (නි)
කළු අයියා ඔහොම නම් කළු මල්ලි කොහොම ඇද්ද? හිටපන්කෝ මම ගේමට බහින්නම්. 2014 වත් බලමු. (නි)
ඒවා අපේ එක්ක හරියන්නේ නැහැ.(නදී)
මේ වගේ අයව ගස් බදින්නයි වටින්නේ.(නදී)
ඔය මාලිගාවත්ත පැත්තේ ඉන්නවා රැවුල දිග අයියලා. එයාලත් ඔහොම තමයි. (නි)
ගාලු කොටුව ඇතුළෙත් මෙහෙම දේවල් වෙනවද? (නි)
ඒ වැඩේ කිසි සේත්ම අනුමත කල නොහැක (දී)
මේ මිනිහා මගෙනුත් සල්ලි ගත්තා නිදහස් දවසේදි. (නි)
එහෙම වෙන්නෙ කොහොමද? (නි)
බජාර් එකේ කළුඅයියා ගෙන් ප්‍රවේසම් වෙන්න. සුදු අයියා ලග 100 කොලේ තිබුන නිසා බේරුනා. නැතිනම් නංගියි,මල්ලියි දෙන්නම කොට උඩ.(නදී)
අපේ ගමෙත් ඉන්නවා කළු අයියලා කිහිප දෙනෙක්. හැබැයි එයාලාගෙන් නම් කරදරයක් නැහැ. මාසේ අන්තිමට ඇවිත් පොළිය අරන් යනවා. (නි)
අයියෝ ඒවා නම් මහා කැත වැඩ (දී)
ඔය ගොල්ලත් වැලන්ටයින් දිනේදීද ඒ කලුඅයියාට සල්ලි දුන්නේ? (නි)
මමත් ඒ මිනිහට ලගදි සල්ලි දුන්නා.(නදී)
හිටපන්කෝ මම ගේමට බහින්නම්, කළු අයියාව සුදු කරලා පෙන්නනම් ළගදීම. (නි)
අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන (දී)
ඒ වැඩනම් අනුමත කල නොහැකි කතා වැඩ (දී)
ඇයි ඒ වැඩ හරිද (දී)
ගෙවල් වලටත් හොරෙන් එන්නේ (දී)
මමත් මේ මිනිහට අවුරුදු 8කට ඉස්සෙල්ලා සල්ලි දුන්නා. ඒක තවම මතකයි. (නි)
ඇත්තටම? (ත)