උදේ පාන්දර කොළඹ බලායන රුහුණු කුමාරි දුම්රියට පාසල් යන වයසේ තරුණයෝ තිදෙනෙක් ගොඩවූහ. ඔවුන් ඇඳ සිටියේ පාසල් නිල ඇඳුම් නොව විලාසිතාවට බර ඇඳුම්ය.
එක් කාන්තා මැදිරියක මැදිවියේ කාන්තාවක සමඟ වාඩි වී සිටි පියකරු පෙනුමෙන් යුත් දැරියක දුටු එක් තරුණයකු ඇය හා සිනාසුණාය. ඇයද සිනාසී අසල වූ කාන්තාව දෙසද බැලූවාය.
මොහොතකට පසු තරුණයා තම අතෙහි තිබූ ඉංග‍්‍රීසි පුවත්පතෙහි වූ ඡායාරූපයක් ඇයට පෙන්වා ඉඟි මැරීය. එහි වූයේ වැලන්ටයින් දිනය සංකේතවත් කරන යොවුන් තරුණයකු හා තරුණියකගේ සිප වැළඳ ගැනීමකි.
මොහොතකින් දැරිය අසල සිටි කාන්තාව තම අත වූ කුඩයෙන් තරුණයාට පහරක් එල්ල කළත් එය වැදුණේ පත්තර පිටුවටය.
මේ ඇයගේ මව බව සිතූ තරුණයා සිය යහළුවන්ද සමග දුම්රිය මැදිරි පසුකරගෙන දිවීම අපූරු දැක්මක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයසට ඔහොමතමයි (දී)
අනවශ්‍ය දේවල් කරන්න ගියහම ඔහොම දේවල් වෙනවා. (නි)
මේක පත්තරේටත් ගියාද? (නි)
මේක ඇත්තටම කාටද වුනේ.(නදී)
පිටරටවලින් එන ඕනම වසංගතයක් බාරගන්න අපේ රට සූදානම්.(වදී)
කුරුවිට, නැත්නමි කුඩ තියෙන්නේ ගොල්පේස් එකට අරගෙන යන්නද? අපි නම් කුඩ ගෙනියන්නේ අව්වට වැස්සට ඉහලන් යන්න(නදී)
රිස්වාන්, ඇයි දකුණ එක්ක ඔච්චර තරහා.(නදී)
අනේ පව්.(නදී)
අසරණ කොල්ලා (දී)
කොල්ලෝ වුණහම කෙල්ලොත් එක්ක ආදරේ නොකර වයසක ආච්චිලාට ආදරේ කරන්නද? (නි)
දැන් හැදෙන තරුණ පරම්පරාවනම් වැඩක්ම නැහැ (දී)
දැන් හැදෙන ළමයිගේ හැටි (දී)
තරුණ කාලෙනේ. ඔහොම තමයි. (නි)
කොලු කම කියන්නේ ඕකට තමයි (දී)
කරන්නන් වාලේ කරන්න ගියහම ඔහොම තමයි. ලංකාවට මොන වැලන්ටයින්ද? එදාට විතරක් මොකක්ද තියෙන විශේෂයක්.(නදී)
ඇදලා දාන්නයි තිබුණේ කෝච්චියෙන් බිමට. (නි)
ඔය කොළු වයසට ඕවා ඔහොම තමයි.(නදී)
කව්ද ඔය රිස්වාන් කියන්නේ? අතපය කඩාගන්නේ නැතුව කටවහගෙන පාඩුවේ ඉන්නවා දකුණු පළාතට විතරක් අනං මනං කියන්නෙ නැතුව හරිය.මමත් දකුණේ. (නි)
හොඳ වැඩේ. (නි)
අයියෝ සුළු සිදුවීමක්නේ. ඕවා ඔහොම තමයි පුදුම වෙන්න ඕනේ ඔහොම නොවුනොත්. කොහෙමෙ උනත් කුඩෙන් ගහපු ඇන්ටි ආදරය කරපු කෙනෙක් නම් වෙන්න බැහැ.(නදී)
මහ ලැජ්ජාවක්! (නි)
අචිනි වීරසිංහ මෙය හොඳ වැඩක් බව කියන්නීය. මා ඇය විසින් මින් පෙර දක්වා තිබූ සියළු අදහස් සමඟ එකඟ වූවා සේම මෙවරද ඇගේ වටිනා ශාස්ත්‍රීය සමාජ විද්‍යාත්මක අදහස සමඟ එකඟ වෙමි. ඇය වැනි දිරිය කාන්තාවක් හඳුනා ගැනීමට ලැබීම පිළිබඳව හා ඇගේ අභීත ගතිගුණ පිළිබඳව නිහතමානීව සතුටට පත්වෙමි. (නි)
නයනි දිසානායක කියන දේ ඇත්ත. මම හිතන්නේ කවුරුවත් කාටවත් ඉරිසියා නොකළ යුතුයි කියලයි. ඒ වගේම නිම්මි කියන විදිහට අයියෝ සුළු සිදුවීමක්නේ ඕවා. කොහොම වුණත් කුඩෙන් ගහපු ඇන්ටි ආදරය කරපු කෙනෙක් නම් වෙන්න බැහැ කියන එක මම ද අනුමත කරමි. ආදරය කරපු හා අවංක ආදරය හඳුනන කෙනෙකු කවදාවත් මෙසේ හැසිරෙන්නේ නැත. (නි)
සමහර ගෑණු ළමයි කොල්ලන්ට ආදරේටත් කුඩෙන් ගහනවා...(ස)
මොවුන්ට දෙන්න ඕන කුඩෙන් නොවේ....(ස)
සුජීව දැන් ඔයාගෙ වයස 62කක් විතර ඇති නේද? මොකද ඔච්චර ඉරිසියාව? (නි)
තරුණ තරුණියන්ට හරි වැරැද්ද පෙන්වා දිය යුතු වුණත් එය කළ යුත්තේ අතින් පයින් නොවේ. (නි)
මොකක්ද වැලන්ටයින් දිනය කියන්නේ ....(ස)
දැන් ඉන්න තරුණ තරුණියන් කියා හදන්න පුළුවන් ජාතියක් නොවෙයි. සමාජයෙන් ගුටිකාලා හැදෙන්න ඕන ජාතියක් (ස)
කුඩෙන් ගැහුවලු. පත්තරේ ඉරුණෙත් නෑ. මට වැදුනෙත් නෑ.. කුඩේ කැඩුනෙත් නෑ.. බොරැවටනේ දිව්වේ... දුකේ බෑ වැලන්ටයින් නංගියේ....(ස)
මොවුන් සිංහලයට බයයි නංගියේ....(ස)
ඕවා ඔහම තමයි. කොල්ලෝ කියන්නේ නිකන්ද... (දී)
මේ කාලකන්නි වැලන්ටයින් නැතුව සාලිය අසෝකමාලා සැමරුවනම් කොච්චර හොදද(ස)
අයියෝ දකුණේ ඉඳන් එන කෝච්චියක්නේ, අනිවාර්යෙන් ම බලපිටිය පැත්තේ අම්මා කෙනෙක් වෙන්න ඇති. (ස)
ඔය කාලෙට ඔහොම තමා.. එහෙම නැතුව වැඩකුත් නැහැනේ.. ඒත් පස්සේ නම්....(ස)
කුඩෙන් ගැහැවිවා ඒක වෙන්න බෑ. කුඩ තියෙන්නේ ඉහල ගෙන යන්නනේ.(නදී)
කොල්ලට ගහන්න තරම් වරදක් කරලා නැහැ.(නදී)
ඇගට මැස්සෙක්වත් වහලා නැතුව ඇති මීට කලින්.(නදී)
වෑඩේ කියන්නෙ ඉංගිරීසි පත්තරයක් පෙන්නපු එකනෙ. සුනාමියක ෆොටෝ එකක්වත් පෙන්නුවා නම් වැඩේ ගොඩ දාගන්න තිබුණා (නි)
අපිත් ඔහොම ගිය හැටි මට මතකයි, මට හොදහැටි මතකයි... (නි)
කොල්ලෝ උනාම ඔහොම තමයි (දී)
නොගැළපෙන දේ කරන්න යන අනුකරණවාදීන්ට ඔය දඩුවම මදි. (නි)
එක මනුස්සයෙක් කියනවා කුඩ තියෙන්නේ ඉහළගෙන යන්නලු. හූ හූ හූ... (නි)
හැදියාව නැති අයට දෙන්න ඕනෑ ඔය වගේ පාරවල් තමයි. (නි)
ඉරිසියාවටයි ගහන්න ඇත්තේ. (නි)