පෙම්වතා සහ පෙම්වතිය පාසල් යන වයසේ පසුවුවද පෙම්වතා ඉකුත් වසරේ උසස් පෙළට ලියා පාසල් ගමන නවතා තිබිණි. පෙම්වතිය තවමත් පාසල් යන ශිෂ්‍යාවකි. මවුපියන්ට හොරා දෙදෙනා පෙමින් වෙළී සිටියහ. පසුගිය වැලන්ටයින් පෙම්වතුන්ගේ දිනයේ දෙදෙනා හමුවීමට කතිකා කරගෙන සිටියහ.
වැලන්ටයින් දිනය උදාවිය. දෙදෙනා හමුවීමට කතිකා කර ගෙන සිටි ස්ථානයට පෙම්වතා කල්තියාම පැමිණ සිටියේය. නමුත් තම ආදරවන්තිය ඒ වන විට නියමිත ස්ථානයට පැමිණ නොසිටියෙන් ඔහු කලබල විය. පැයක්ම බලා සිටියේය. ඇය පැමිණියේ නැත. ඔහු තම ජංගම දුරකතනයෙන් පෙම්වතියගේ ජංගම දුරකතනයට කතා කළේය.
දුරකථනය නාද වුවද පිළිතුරක් ලැබුණේ නැත. ඔහු නැවතත් එම අංකයට ඇමතීය. පිළිතුරු ලැබිණි.
”හෙලෝ ඔයා තාම මොකද කරන්නේ? මම මෙතෙන්ට ඇවිල්ලා දැන් පැයකටත් වැඩියි.”
දුරකථනයෙන් පිළිතුරක් නැත.
”හෙලෝ... මොකද කතා නැත්තේ...? අම්මලා දැනගත්තද?”
”ආ... ඔයා කොහෙද ඉන්නවා කීවෙ?”
”ඔයාට කියාපු තැන මතක නැන්ද? ඇයි... බස් නැවතුම්පොළේ.”
”අනේ මට ගාණක් නැතිවුණා. ඉන්න මම ඉක්මනට එනවා.”
දුරකථනය විසන්ධි විය. ”අපෝ යන්තම් ඇති” ඔහු මග බලා සිටියේය. එකවරම ත‍්‍රිරෝද රථයක් ඔහු ඉදිරියේ නතර විය. ත‍්‍රිරෝද රථයෙන් බැසගත් තරුණයන් දෙදෙනෙක් එකවරම පෙම්වතා අල්ලා ගත්හ. තවත් කාන්තාවක් ත‍්‍රිරෝද රථය ඇතුළේය.
”පෙම්වතිය එනකන් නේද බලාගෙන ඉන්නේ?” කියමින් තරුණයන් දෙදෙනා පෙම්වතා අල්ලාගෙන හොඳටම සැලකූහ.
”කෙල්ලෙකුට පාරේ යන්න දෙන්නෙ නැහැ. දැන්මම කුලප්පුව හදාගෙන. මීට පස්සෙ මේව තියාගත්තොත් වැඩ වරදීවි. යනවා යන්න.”
පෙම්වතා හෙමින් සීරුවේ මාරු විය.
”කෝල් එකට ආන්ස්වර් කරල තියෙන්නෙ අරයගෙ අම්මනෙ” ඔහු තමාටම කියා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය නැන්දේ, ඔයාට අතීතය අමතකයි නේ. (නි)
ගැහැණු ළමයගේ ප්‍රශ්න ඒ දෙමවුපියෝ ගැහැණු ළමයත් සමග බේරාගත යුතුයි. (නි)
ඔය ගුටි කන අය තමයි අන්තිමට හද එළියේ පිහිට පතන්නේ. (නි)
තරුණ කාලෙට ඕවා සුළු දේවල් (දී)
අනේ පව් (දී)
මේක අසාධාරණයි, ආදරය කරන දෙන්නෙක් ඇරෙන්න අනිති අයට ඒ ආදරයේ බැරෑරුම්කම තේරෙන්නේ නෑ (ස)
මේ විදියට හැසිරීම හොද දෙයක් නෙමෙයි. (නි)
මෙහෙම ඒවාට ගහලා හැරියන්නේ නැහැ. අවවාදයක් දුන්නා නම් හරි.(නදී)
තමන්ගේ ළමයව හදන්න බැරුව කොහොමද අනෙක් ළමයින්ව හදන්නේ? (නි)
කොල්ලගේ දෙමාපියන්ට තිබුණේ බස් නැවතුමට ඇවිල්ලා කෙල්ලට හූ කියන්න. (නි)
ඔච්චර ආදරේ කරන ගෑනු ළමයගේ කටහඩයි අම්මගේ කටහඩයි අදුර ගන්න බැරි මේ වගේ අයට හොදට සලකන්න තමයි ඕනේ.(නදී)
ආදරය යනු දඩුවම් ලැබිය යුතු වරදක්ද? (නි)
අයියලා හිටියොත් ඔහොමමයි. (නි)
මම නම් පෙම්වතුන්ගේ දිනයට විරුද්ධයි. (නි)
බැන්නට බඩපුරා නැන්දට හිතපුරා.... හෙට මොනවා වේවිද??? (නි)
ඇද්ද මල්ලී? (නි) (නි)
මේ කතාවේ ගැහැණු ළමයාට වුණේ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
අම්මයි දුවයි හදුනාගන්න නොහැකි විදියට එකම සබන් වර්ගයක්වත් ගාලද? (නි)
ආලය අන්ධද මල්ලී? (නි)
මේක ගහන්න තරම් දෙයක්ද? (නි)