මයිකල් ජැක්සන්, කරාටේ, ජූඩෝ වර්ගයේ රූප සහිත කමිස සහ එල්ලෙන පටිවලින් යුත් කලිසම් ඇඳගත් යොවුන් පිරිසක් පසුගියදා දකුණු පළාතේ විශ‍්‍රාමික විදුහල්පතිවරයකු හමුවට ආවේ සිය සගයකුට චරිත සහතිකයක් ගැනීමටය.
විදුහල්පතිවරයා මඳ අප‍්‍රසන්නතාවයෙන් වුවද ඔහුගේ නම ගම තොරතුරු විමසා චරිත සහතිකයේ මුල් කොටස ලියා ඔහුගේ හැකියාවන් ගැනද විමසීය.
”මූ නියම බුලට් පොරක් සර්. ඔරිජිනල් මීටරයක්. කවදාවත් වලියට එන්ටර් වෙලා නෑ” සගයෝ කීහ.
චරිත සහතිකය රැගෙන මගට ආ තරුණයා එය කියවා බැලීය. තමා පිළිබඳ තොරතුරුවලින් පසු ”මොහු නියම බුලට් පොරකි. ඔරිජිනල් මීටරයකි. කිසිදාක වලියට එන්ටර් වී නැත” යනුවෙන් එහි වූයෙන් තරුණයාට දෙවියන් සිහිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ තමයි. (නි)
අනිවාර්යෙන්ම එහෙම තමා ලියන්න ඕනෑ. දැන් කාලේ සමහරු පිරිසිඳු සිංහල කතා කරන්න තියෙන්නේ පුදුම ලැජ්ජාවක්. (නි)
කවදාවත් දැක නැති චරිත සහතිකයක් (දී)
කාලෙකට පස්සේ අහපු හිනා යනම කතාව. (නි)
අති විශිෂ්ටයි සර්! (නි)
ඉතා සාධාරණ චරිත සහතිකයක් (දී)
නියම වැඩක්, ඒ වගේ කතා කරන අයට කරන්න ඕනේ ඒ වගේ වැඩ තමයි (දී)
නියම වැඩේ තමයි. (නි)
දකුණේ වෙන්නෙ මෙහෙම වැඩමයි. (නි)
මෙහෙමත් වැඩ වෙනවාද (දී)
දැන් හැදෙන හිපි පැටවුන්ට හොද වැඩේ. (නි)
නියමයි! (නි)
විදුහල්පතිතුමා ඒ "පොරව" හදුනන්නේ නැද්ද? (නි)
මාලිංගට වගේ කතා කරන්න උගන්නන්න ඕනේ මේ ළමයින්ට (දී)
බඩුම තමයි (ස)
නියම කතාව (දී)