කොළඹ නගරයට ආසන්නව ඇති මෙම සුපිරි වෙළෙඳසල පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලක පහත මහලේය. තම ආයතනවල අඩුපාඩු පරීක්‍ෂා කර ඒවාට පිළියම් යෙදීම සඳහා ප‍්‍රධාන කාර්යාලයෙන් නොබෝදා විදෙස් නිලධාරින් දෙදෙනකු පත්කෙරිණි. දිනක් මෙම නිලධාරින් පෙර කී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ද පැමිණෙන බව දන්වා තිබූ අතර එහි සේවය කරන කාර්ය මණ්ඩලය ඇමතූ කළමනාකරු ‘‘උදේට අර මහත්තුරු මෙහාට එනවා අපි එයාලව හොඳට පිළිගන්න ඕනේ’ යැයි පැවසීය. පසුව දොර අසල සිටි ආරක්‍ෂක නිලධාරියාට කතා කළ කළමනාකරු මහතා ‘‘කට්ටිය ආවාම දොර ඇරලා, ගුඞ් මෝනින් කියලා පිළිගන්න ඕනේ’’ යැයි ඔහුට ද මතක් කර දුන්නේය. ‘‘හරි සර් මම ඒක වරද්දන්නේ නැතිව කරන්නම්’’ ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුනි. දිවා කාලය ද පසුවිය. අදාළ නිලධාරින් පැමිණියේ නැත. සවස පහට පමණ නිලධාරින් පැමිණෙනු දුටු කළමනාකරු ‘‘අන්න කට්ටිය එනවා මතකයි නේ’’ යැයි කී විට ආරක්‍ෂක නිලධාරියා ‘‘ ඕකේ සර්’’ යැයි හරිබර ගැසෙමින් පැවසීය. දොරටුව විවෘත කරමින් පැමිණ නිලධාරින්ව පිළිගත් ආරක්‍ෂක නිලධාරියා ‘ගුඞ් මෝනින් සර්’’ යැයි සීරුවෙන් සිටිමින් ආචාර කළේය. ‘‘ගුඞ් මෝනින්’’ යැයි කළමනාකරු හිසට අත ගසා ගත්තේය. එක් විදේශික නිලධාරියෙක් අනෙකා අමතා ‘‘ඇත්තටම දැන් උදේ දැයි’’ ඇසීය. ‘‘මේකේ ඇතුළෙ ඉද්දී උදේ රෑ හඳුනාගන්නට බැහැ’’ අනෙක් නිලධාරියා සිනාසෙමින් පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සුලු දෙයක්නේ ලෙකු උදවියට උදේ , දවල්, රෑ මාරුවෙන එක සුළු දෙයක්නේ (ස)
සම්මා සතිය නැහැ
ඇයි අනේ මට හිනා යන්නේ නැත්තේ (ස)
මේවා ඒ තරම් ලොකුවට හිතන්න එපා (ස)
පත්තරේටත් දාන්න දෙයක්ද මේ ? (ස)
අපේ මිනිස්සු කියන දේ කරනවා (ස)
නොදන්න කමයි මෝඩ කමයි කියන්නේ දෙකක් . ඕක සාමාන්‍ය දෙයක්නේ (ස)
මම නම් කියන්නේ වෙලාවට වැඩ කරන්න බැරි නිලධාරීන්ට මේක හොද වැඩක්. (නි)
උදයේ කියපු වචනය සවසට වෙනස් නොකරන එක හොද ගුණයක්. (නි)
කුමාරි හරි. මම ගාල්ලේ බස් නැවතුම්පළ ඉහළ මාලයේ තියෙන පොත් වෙළදසැළකින් ඇහුවා සකස්කඩ සහ බුද්ධගජ්ජය තියෙනවාද කියලා. ඒකේ හිටපු කොල්ලා මට දාපු අපහාස හිනාවට මට හිතුණා පිටරට ඉන්න මගේ දරුවන්ට සිංහල උගන්වන්න මහන්සිවෙන එක අපරාධයක්ද කියලා. (නි)
අහිංසක මිනිහෙක්ට වැරදුනාම හිනාවෙන්න එපා. ප්‍රික්ස් (අ)
මා වැඩකරන ස්ථානයේ ලංකාවේ කෙනෙක් නිවාඩුවට ගොස් නැවත සෞදියට පැමිණිය. මෙහි දවල් කෙම වෙලාව දවල් 11 සිට 1දක්වාය. මේ නිවාඩු ගිහින් ආපු කෙනා 10.30 ට දුව ගෙන යන විට මම ඇහුව කොහෙද දුවන්නේ කියල. ඔහු කිව්වා දෙන වෙලාව 1.00 කියල. එයාගේ ඔරලෝසුවේ තවම ලංකාවේ වෙලවී තිබුනේ. ලංකාවේ 1.00 කියන්නේ සෞදියේ 10.30. එය දුවපු වෙලාවටත් පස්සේ පැ යබාගයකින් තම වෙනස් එක අරින්නේ.
මේක ලංකාවේ සිද්ධියක් නිසා ඒ හැටි ගණන් ගන්න එපා (නි)
ඕක බන්ගලාදේශ් වලනම් සාමාන්‍ය දෙයක් , මෙහේ ඉන්න සිකියුරිටිලා පැය 24 දීම කියන්නේ සුබ උදෑසනක් කියලයි (ස)
වැරදීම් කාටත් වෙනවා. (නි)
ආරක්ෂක නිළධාරියා වැස්සකටවත් පාසල් ගිහින් නැති පාටයි (ස)
අයියෝ සල්ලි
දැන් ලංකාවෙ කතා කරන්නෙ සිංග්ලිෂ්. මොකද සිංහල කථාකරන එක ලෝක අපරාධයක් කියලා සමහරු හිතන්නෙ.තවත් සමහරු ඒක ලැජ්ජාවක් කියලා හිතනවා. හරියට තමන්ගෙ අම්මා මොඩ් නැත්නම්, අම්මා නොකියා බබාගෙ නැනී කියනවා වගේ. (නි)
තනි වචනේ මිනිස්සු
සුබ උදෑසනක් වේවා ....(ස)
මක් වෙයිද
සහතික බොරුවක්......අමූලික ඇත්තක් කරලා පෙන්නලා (ස)
ලංකාවේ වෙළද සේවකයන් ගැන නම් කියල වැඩක් නැහැ.මම මේ සාහිත්‍ය මාසයේ මුල් සතියේ ඇතුගල්පුර පොත්හලකට ගිහින් එහි සේවකයෙකුගෙන් ඇහුවා ස්වර්ණ පුස්තකයට නිර්දේශ වුණ පොත් තියෙනවද කියල.මේ මනුස්සය මගෙන් අහනවා ස්වර්ණ පුස්තකය කියන්නේ මොකක්ද කියලා. මම ඇහුවා ඔයා වැඩ කරන්නේ පොත් කඩයක නේද කියල.අඩුම තරමින් සුළුවෙන් හරි තමන් විකුණන දේවල් ගැන අවබෝදයක් සුළුවෙන් හරි තම සේවකයන්ට ලබා දෙන්න කළමනාකාරීත්වය උනන්දු විය යුතුයි . (ස)
ඔයින් ගියා ඇති..අපේ වැඩිහිටියන් වගේ ආයුබෝවන් කිව්වානම් ඉවරනේ (ස)
නිර්මානශීලිව කතාව ගොඩනගලා තියෙනවා (ස)
මටත් බඩ පැලෙන්න හිනා අප්පා (ස)
ඒක නම් ඒ හැටි හොද නැහැ
මටත් ඔහොම වෙලා තියෙනවා
මට මාර හිනා (ස)
අයියෝ සල්ලි