ටෙඩි බෙයා නම් වලස් බෝනික්කකු විසින් මනාල යුවළක් ගොළුවන් බිහිරන් බවට පත් කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.
ඇය කුඩා කල සිටම මේ “ ටෙඩි බෙයා” තුරුළු කරගෙන නින්දට යාමට පුරුදුව සිටි අතර පසුගියදා යෝජිත මනාලයකු හා විවාහ වී මධුසමය ගත කිරීමට ගියේ ද මේ වලස් බෝනික්කා රැගෙනය. රාත්‍රි නින්දට සූදානම්ව මේ බෝනික්කා වැළඳ ගැනීම ගැන කෝපයට පත් මනමාලයා එම “ටෙඩි බෙයා” රැගෙන කාමරයෙන් එළියට වීසි කළේය. මෙයින් මද තැතිගැන්මට පත් ඇය ද තම වලස් බෝනික්කා ආපසු ගෙනත් දෙනතුරු ඔහු සමග කතා නොකරන බව කීවේ ස්ථිර හඬිනි.
මනාලයා මේ ඉල්ලීම ඉටු නොකළෙන් දෙවැනි ගමන දා මෙම දෙදෙනා අතර කතාබහ නොවීම දෙපාර්ශ්වයේම නැදෑයන්ගේ කතාබහට ලක් විය. මනාලියගේ මව දුවගෙන් කරුණු විමසීමේදී ඇය සිද්ධිය පවසද්දී මවට දෙවියන් සිහිවුණාලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඕවා මොනවද....? මං අපේ හාමිනේ ගෙනා පූස් තඩියට පයින් ගහලා මට වුණ ඒවා මේකෙ දාන්නත් බැහැ (නි)
ඔය වලහව දිවිය කාපිය...(බ)
අනේ මට හිනත් ගියා ..? කුඩා කාලේ මට සෙල්ලම් කරන්න බෝනික්කෙක්වත් තිබුනේ නැහැ ..?ගමේ හොදම යෙහෙළියට එයාට බෝනික්කෙක් හිටියා ..මම මගේ යාලුවත් සමග එයාගේ ගෙදරට සෙල්ලම් කරන්න යන්නේ අර වඩු මඩුවලින් උළුවහු සයිස් එකේ කපල අයින් කරන කුඩා කොට්ට කෑල්ලක් තමයි මගේ බෝනික්කට හිටියේ. (බ)
අනේ මන්දා සෙමෙන් මනස වැඩෙන තරුණියක් වෙන්න ඇති. (ර)
කොහොමද හිටියේ එහෙම. (ර)
ඒක හරියන මගුලක් නෙවෙයි. (ර)
මහා මෝඩ මනමාලයෙක්නේ. බෝනික්කෙක් බදාගත්තා මිස වෙන මිනිහෙක් බදාගත්තා නොවේනේ. ප්‍රවේශමෙන්, හිත නොකැඩෙන විදිහට විසඳන්න තිබුණු දෙයක් අනවශ්‍ය විදිහට ලොකුකරගෙන. (නි)
මේ ගැහැණු ළමයාට සාමාන්‍ය බුද්ධියක්වත් නැද්ද? (නි)
මේතරම් බොළඳ කෙනෙක් එක්ක ගෙවන ජීවිතයක් සාර්ථක වෙයිද? (නි)
කෙල්ල තවම සමජගතවෙලා නැහැ. ඇය ගෙදර හුරතලයට හැදුනු කෙනෙක් වෙන්න ඇති (නි)
මනමාලයා විවාහයට පෙර මෙයා ආශ්‍රය කරලා නැහැ වගේ. මේවා නම් අදහන්න බැරි වැඩ. ටිකක් හෝ ඉවසුවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ කාටවත්. (නි)
ජීවිතයේ අමතක නොවන දවසක් මධුසමය දිනය. ඒවගේ දවසක දෙදෙනාම එකිනෙකාගේ ආදරය අවබෝධ කරගන්නවා මිසක් තමාගේ හුරතල් වැඩ පෙන්වීම මහා බොළඳකමක්. (නි)
හොඳ රැවුලක් තියෙන වලහෙක් වගේ මහත්තයෙක් හොයා ගත්තා නම් හරිනේ. (බ)
මමනම් ටෙඩිවයි මනමාලයි දෙන්නවම එලියට දාලා තනියම නිදාගන්නවා. (ර)
සිරිපාල ... ඩබල් මීනින් කියනවා වගේ මට පේන්නේ..(බ)
සමහර මනමාලියෝ ළඟ තියෙනවා බොරු මනස්ගාත. මොකටද හෝටලේට ටෙඩි බෙයා අරන් ගියේ? දෙන්නම එළියට දාලා දොර වහලා නිදාගන්න තිබුනේ පහුවෙනිදට නෑදෑයින්ට දෙලොව රත්වෙන්න (නි)