බස්නාහිර පළාතේ නගරාසන්නව පදිංචි වී සිටි ඔහු රාජ්‍ය ආයතනයක විධායක මට්ටමේ නිලධාරියෙකි. නක්‍ෂත‍්‍ර කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ හෙතෙම තරුණ විය ඉක්මවා සිටියත්, තවම තනිකඩයකු වූයේ තමාට ගැළපෙන කේන්දරයක් හිමි රූමතියක හමු නොවූ නිසාය. පසුගිය දා කපුවකු ගෙනැවිත් දුන් කේන්දරයක් පරීක්ෂා කළ ඔහුට එය මනාව ගැළපෙන බව පෙනිණි. ඇය රූමත්කමින් ද අඩුවක් නොවීය. විවාහය සිදු කිරීමට සියලූ කටයුතු සුදානම්ව සිටියදී ඔහුගේ මාමා කෙනකු කීවේ මේ කාලයේ විවාහවලදී පොරොන්දම්වලට වඩා ඇගේ සෞඛ්‍ය වාර්තා විමසා බැලිය යුතු බවකි. එය පිළිගත් ඔහු කපුවා කැඳවා කීවේ ඇගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් කඩිනමින් ගෙන එන හැටියටය. කපුවා මවිතයට පත්වුවත් දැඩි පෙරැත්තය නිසා ඒ පිළිබඳව ඇගේ පියාට දැන්වූ විට ඔහු යක්ෂාරූඪ වී ”ඇයි, දුවට නරක ලෙඩක් තියෙනව කියල ආරංචි වෙලා ද? නැත්නම් අලූත් රැකියාවක් හොයල දෙන්න ද?” කීවෙන් ඒ විවාහයටත් දැන් කණකොකා අඬලාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේන්දරේ හදනවා වගේ වෛද්‍ය වාර්තාත් හදන්න බැරියැ. මේක ආශ්චර්යවත් රටක්නේ. (නි)
මට පේන්නේ මම කාන්තාවන්ට කැමති නැහැ වගේ..!(නු)
මනාලය උගතෙක්, හැමෝම ඔහු ආදර්ශයට ගත යුතුයි නිරෝගී මත් ජාතික් ගොඩ ගැනීමේ පළමු පියවර. ඔබට බුද්ධිමත් නැන්දලා මාමලා එක්ක හොඳ බිරියක් හමුවේවා. (අ)
මෙය ඉතාමත්ම හොදයි. (නි)
මට සැක දර්ශනගේ අදහස. (නි)
වැරැද්දක් නැහැ. ඇත්තටම කරන්න ඕනෑ දෙයක්. (නි)
අනේ මේ ගැහැණු ළමයත් වයසට යනකල්ම කේන්දර බලන්න ඇති. පවු. (නි)
මෙඩිකල් එක මොකක් පරීක්ෂා කරන්නද? (නි)
ඕනෑවට වැඩිය හොයන්න ගියොත් නම් ඉතිං හැමදාම ඔහොම ඉන්න වෙයි. (නි)
කොහොමත් දැන් කාලේ හැටියට බදින්න පෙර මෙවන් පරීක්ෂණයක් කිරීම අතිශයින් වැදගත්. (නි)
හොද යෝජනාවක්. ඔහුට අවශ්‍යව ඇත්තේ කන්‍යාවක් විවාහ කරගන්න වෙන්න ඇති. (නි)
මෙහෙව් වැඩ කොරන්ට ඔනෑ .... මේව්වා නොකර බැඳලා තමා නරක ලෙඩ බෝ කරගන්නේ...විධායක නිලධාරියාට ජය වේවා. (ස)
මෙම පරීක්ෂණය කරනු ලබන්නේ දෙදෙනාගේ රුධිර සාම්පල් එකානෙක ගැළපේදැයි බැලීමටයි. (නි)
මේක හොද දෙයක් , දෙන්නගෙම වර්තා ඉදිරිපත් කරන්න ඔනි. (ස)
අද කාලේ හැටියට කෑම බීම ගැන බලන්නේ නැතුව ඔය කෙහෙල්මල් කේන්දර මොනවට බලනවද? (නි)
මල්ලි හරි මල්ලි. (නි)
නරකම නෑ වැඩේ (ස)
ඒක හොද වැඩක්. පොරොන්දම් බැලුවේ අතීතයේ. වර්තමානයේ බලන්න තිබෙන හොදම පොරොන්දම තමයි වෛද්‍ය වාර්තාව. (නි)
ඒක ඇත්ත තමයි. (නි)
මමත් මෙය අනුමත කරනවා. මේ දිහා උපේක්ෂාසහගතව බලනවා නම් මෙහි කිසිම වැරැද්දක් නැහැ. (නි)
මේක අනුවණ වැඩක්. (නි)
ලස්සනත් තියෙනවා නම් මෙච්චරකල් විවාහ නොවෙන්න හේතුව මොකක්ද කියලා මනමාලයාගේ පැත්තේ අයට සැක හිතුණද දන්නෙ නැහැනේ. (නි)
මේක හොදයි. හැබැයි මනමාලයත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. (නි)
අද කාලයේ කාන්තාවන් විශ්වාස කරන්න අමාරුයිනේ. (නි)
මනමාලය සහ මනමාලිය දෙන්නම වෛද්‍ය පරික්ෂාව කරගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
ඒකේ කිසි වරදක් නෑ කරන්න ඕන වැඩක්
මට නම් කිසි වරදක් ඒකේ පෙන්නේ නෑ. ඒක කරන්න ඕනදෙයක් (අ)
සුළු තැලසීමියාවෙන් පෙළෙන කෙනෙක් අනිවාර්යෙන් දෙවන පාර්ශවයේ රුධිර පරීක්ෂාවක් කර විවාහ විය යුතුයි. දෙදෙනාම සුළු තැලසීමියා නම් ඉපදෙන දරුවා අන්ධ ,ආබාධිත හෝ මළ දරුවෙක් විය හැකියි. (නි)
අයියෝ සල්ලි
හැබැයි ඔය පරීක්ෂණය මනමාලයාගෙන් ඉල්ලුවා නම් එහෙම??? (නි)
එල කොල්ලෙක් . මමත් ඔහොම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. නැත්නම් අහකයන කුණු ගොඩවල් අපේ ඇඟට වැටේවි (ස)
මමනම් මේ ඉල්ලීමට එකඟයි (ස)
කොහොමත් බටහිර රටවල නම් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් කරනවා. (නි)
මනමාලයා හරි. නිකන් අත පුච්චාගන්න බැහැ නොවැ. (නි)
HIV වෛරස් එකට බඳින්න ඉස්සර ටෙස් කර ගන්න එක කොච්චර දෙයක්ද ?? විශේෂයෙන්ම පිටරටියන් සමග මඟුල් තුලා කතා කරනකොට (ස)
මේකේ වරදක් මටනම් පේන්නේ නෑ. ප්‍රවේණික රෝග උනත් වලක්වා ගන්න පුළුවන් එතකොට (ස)
මෙහෙම පොරොන්දම් බල බලා හිටියොත් බදින්නේ කවදාද? (නි)
දූවේ ඔයා ඔහොමම ගෙදර ඉන්න .........අපි කාටද බය, කවුද අපිට බය (ස)
මම හිතන්නේ සෞඛ්‍ය ගැටලුවක් නෙමෙයි. වෙන හේතුවක් (ස)
මේකේ ඇති වරදක් නෑ , මනාලයාගෙත් වෛද්‍යවාර්තාවක් ඉල්ලුවොත් නේද හොඳ (ස)
මහ බබාට කියලා අළුතින් කෙනෙක් යවන්න..මේ ලෝකේ ඔයාට හරියන අය නෑ (ස)
මාමා කැමතියි වගේ බැනා තනියම ඉන්නවාට...... (ස)
මොකක්ද ඉතිං මේකේ තියෙන ප්‍රශ්නය? (නි)
මේකේ වැරැද්දක් නැහැ. මම දන්න කියන කිහිප දෙනෙකුගේම විවාහ ජීවිත කඩාකප්පල් වුණා වසන් කළ ලෙඩරෝග නිසා. (නි)
මේ සිද්ධිය හිනාවෙන්න කාරණයක් නෙමෙයි. මේක තමයි හරි දේ. (නි)
ප්‍රවේනිගත රෝග වලටනම් ගොඩක් හොද දෙයක් බදින්න කලින් පරීක්ෂා කරන එක. හැබයි මේ පරීක්ෂාව කරන්න ඕන කියන්න ඇත්තේ මං නම් හිතන්නේ වෙන දේකට.අද කාලේ හැටියට නම් ඉතිං ලස්සන ඇහැට කනට පේන කෙල්ලෙක් බදින වයස පහු වේලා විවාහ යෝජනාවකින් විවාහ වෙන්න හොයනකොට ඉතින් සාධාරන සැකයක් ඇති වෙනවා තමයි...(ස)
නවීන විද්‍යාව එක්ක ඕවා සුළු දේවල්නේ (ස)
මානසික ලෙඩෙක්ද (ස)
හහ් හහ් හහ්..... එයා නම් ජීවිතේට කසාදයක් කරගන්න මිනිහෙන් නෙමෙයි. (නි)
අද කාලේ තත්වේ දිහා බැලුවහම මේ කර දේ වරදක් පෙන්නේ නෑ (ස)
ඇත්තටම මේක තමයි හරිම දේ. රැකියාවකට යද්දී, පිටරටකට යද්දී වෛද්‍ය වාර්තාව ඕනෑ නම් ඇයි මේකට හොද නැත්තේ? (නි)
අනුන්ට වැඩිය තමන් උසස්යැයි යන හැගීම ඇතිකර ගැනීම පුද්ගලයෙකුට ඇතිවිය හැකි දරුණුම රෝගයකි. (නි)
ඉතාලි වල වෙන්නප්පු ඉන්ජිනේරුවන්ගෙන් විවාහ යෝජනා එනකොට කලබල නොවී වෛද්‍ය වාර්තාවක් ඉල්ලන්න. (නි)
මනමාලයට දරුණු ලෙඩ ඇති . ඒකයි (ස)
ඒ මාමා බැදපු කෙනෙක් නම් බිරියට නිධන්ගත රෝගයක් ඇති. (නි)
දැන් අහන්න තියෙන දේවල් වල හැටියට ඒකත් නරක නැහැ. (නි)
කෙන්යාවේ සහ මොසැම්බික් වල බදින්න කලින් වෛද්‍ය වාර්තා බලනවා. මෙම ක්‍රමය ඉදිරියේදී ලංකාවට ඒවි. (නි)
මම මේ ගෑණු ළමයව බදින්න කැමතියි. ඒකට ලංකාදීපය මට උදවු කළොත් හොදයි. (නි)
ඔය කිව්වට මනමාලයත් මෙච්චරකල් නිකන් ඉඳලා නැතුව ඇති (ස)
ඔය වටේ ගිහික් හොයනවා ඇත්තේ අර කන්‍යා භාවය වෙන්න ඇති ? (ස)
සිරිපාල නිවැරදියි කියලා මමත් හිතනවා. (නි)
මේක හොද ප්‍රවේශයක්. (නි)
දැන් කාලෙ ඉන්න කෙල්ලො ගැන විශ්වාස කරන්න බැහැ උඩින් ඔපේ යටින් හපේ (ස)
මනමාලයගේ ජංගම දුරකථන ඇමතුම් වාර්තාවක් වහාම ලබාගන්න..මනාලිය ඉන්පසු ඔහුට දෙන්න (ස)