පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
විවාහයට සුදුසු සහකරුවකු සොයා දෙන මෙන් ඉල්ලා දේවාරූඩයෙන් සාස්තර කියන දේවාලයකට පැමිණි තරුණියක දේවමැණියන්ගේ සැමියා සමග එක්වරම අතුරුදන්වීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වර්තා වේ.
ඇය වයස අවුරුදු 30ක් පමණ වයසැති තරුණියක්. මහනුවර ප්‍රදේශයේ දේවාලයකට පැමිණි මෙම තරුණිය විවාහවීම සඳහා සුදුසු සහකරුවකු සොයා දෙන මෙන් දේවමෑණියන්ගෙන් ඉල්ලා සිටියේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනය.
තරුණ වියේ පසුවූ දේවමෑණියෝද ඇගේ ප්‍රාර්ථනාව ඉටුකර දීමට මාස දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එපමණක්ද නොව එම කාලය තුළ බදාදා සහ සෙනසුරාදා දින දේවාලයට පැමිණ දෙවියන්ට මල්පහන් පූජා කළ යුතු යැයි නියෝගයක්ද කළහ.
දේවමෑණියන්ගේ නියෝගයට අනුව අදාළ දිනවල දේවාලයට පැමිණි මෙම තරුණිය දේවාලයේ ආවතේව කටයුතු සිදුකළ දේවමෑණියන්ගේ සැමියා සමඟ හිත්වත්වී දේවාලයේ කටයුතුවලටද ඇය උදවු උපකාර කර ඇත්තේ පවුලේ අයකු ලෙසිනි.
නිතර දෙවේලේ දේවාලයට පැමිණි මෙම තරුණිය දේවමෑණියන්ගේ සැමියා සමඟ අතුරුදන් වූවාය. පසුගිය දිනෙක රාත්‍රියේ ඔවුන් හොර රහසේ පලා ගොස් ඇත්තේ දේවාලය සතු වෑන් රථයද, රන්බඩු සහ මුදල්ද රැගෙනය. දැන් දේව මෑණියන් අංජනම් එළි යවන්නේ ඔවුන් දෙන්නා ඉන්නා තැන සොයා ගන්නටලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විවාහයට සහකරුවකු සොයා දේවාලයට ඇවිත් දේවමෑණියන්ගේ සැමියා උස්සලා