(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
මඟුල් කපුවකුගේ මැදිහත්වීමෙන් විවාහ වූ යුවළ කපු ගාස්තු නොගෙවා මගහරිමින් සිටින බවත් මෙම යුවළගෙන් තමන්ට අයවිය යුතු ගිවිස ගත් මඟුල් කපු ගාස්තුව ඉල්ලා දෙන්නැයි දඹුල්ල ප‍්‍රදේශයේ මඟුල් කපුවකු දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තමන් මෙම මඟුල් කපුකම සිදුකර මාස හයක් ගත වී තිබෙන බවත් එම යුවළ කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින බවත් තමන් කපු ගස්තුව ඉල්ලා අවස්ථා ගණනාවක් ගියද එම යුවළ මුදල්දීම මඟ හරින බව කපුවා කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.
එක් පාර්ශ්වයකින් රුපියල් 15,000ක් බැගින් රුපියල් 30,000ක මුදලකට මෙම ජෝඩුව එක්කළ බවත් මෙතෙක් තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවත් ගමන් බිමන් සඳහා තමන්ට විශාල මුදලක් වියදම් වූ බව ද කපු මහතා කියා සිට ඇත.
පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රියශාන්ත බණ්ඩාර මහතා විසින් මෙම යුවළත් කපුවාත් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කිරීමේදී ජෝඩුව කියා ඇත්තේ මේ දිනවල තමන්ට ආර්ථික අපහසුතා ඇති නිසා මුදල ගෙවා ගැනීමට අපහසු බවයි.
කපු ගාස්තුව ගෙවීමට කාලයක් අවශ්‍ය බවද දෙපළ කියා ඇත. පසුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත කොටස් වශයෙන් කපු ගාස්තුව ගෙවීමට එකඟතාවයෙන් ගෙවීමද සිදු කැර සෙසු වාරික කඩිනමින් නොවරදවා ගෙවන බව පොරොන්දු වී පිරිස පොලිස් පොතේ අත්සන් තබා පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගියේ, මල්ලියේ, වැඩේ කරගත්තා නම් ගාස්තුව ගෙවන එක තමා වැදගත්. අද කාලේ ඔය ගාස්තුව ශුන්‍ය කරලයි තියෙන්නේ බොහෝ අය (මමත් ඇතුළුව) (නි)
ආර්ථික අපහසුතා ඉස්සරහට දාලා තමයි සමහර කපටි මිනිස්සු තමන්ගෙන් සිද්ධවිය යුතු දේවල් මඟහරින්නේ. (නි)
අපේ ඥාති සහෝදරියකගේ විවාහයේදී කපුවා මනාල යුවළ පෝරුවෙන් බහිනකොටම දෙපාර්ශවයේම ගාස්තුව සාක්කුවට දමාගෙන තමයි එළියට බැස්සේ. ඊට කලින් ලියාපදිංචි කිරීමේදී බලෙන්ම ගෙදර උත්සවයට ගොඩවැදිලා අත්තිකාරමක් ගත්තේ යුවලට සෙත් පතන්න වැඩිය ස්වාමින් වහන්සේත් වැඩ සිටියදී. ඔන්න සමහර කපුවන්ගේ හැටි. ඊටකලින් අපේ පවුල් වල විවාහ 2ක් එයා සම්බන්ධ කරලා ගාස්තුවත් ගානට වෙලාවට අපි කිසිම අඩුවක් නැතුව ගෙවලා තියෙද්දී තමයි ඔය (නි)
මට නම් හැඟෙන්නේ මේ මනාල දෙපාර්ශවය හොඳින් ගැලපෙන බවයි (නදී)
පොරොන්දුවක් උනා නම් එය කලට වෙලාවට ඉෂ්ඨ කරන්න ඕනෑ.(නදී)
අපෝ කපුවන්ට කියලා ඇයි කෙල්ලෝ හොයා ගන්නේ ? (නදී)
කපුවා හරි. ඒ ගොල්ලෝ දැනගන්න වෙනවා කතාකරගත්තු විදියට කරන්න (නදී)
තව පොඩ්ඩෙන් කපුවා කපෝති! (නදී)
පුදනකොටම අනා ගන්නවා කියන්නේ මේවට තමයි (නි)
උසාවියෙන් නියම කළ යුතුයි. කපුවට අයවිය ගාස්තුවට අමතරව තවත් ගාස්තුවක් ගෙවීමට. මොකද මේ වගේ (අනාගත සක්විති යුවලක්) .(හේ)
මම හිතන්නේ මනාල යුවළ හරි. දැන් බැඳලත් ටිකක් කල්ගිහින් නිසා දෙන්නටම දැන් හිතිලා ඇත්තේ තමාට මේ අපරාධය කළ කපුවගෙන් කීයක්හරි ගත්තා නම්......කියලා වෙන්න ඇති. (නි)
කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. (නි)
අනිවාර්යයෙන්ම මේ දෙන්නා නම් පැනලා යන දෙන්නෙක්. (නි)