අමාත්‍යාංශයකට අයත් ආයතනයක ලිපිකරු සේවයේ නිරතව සිට විශ‍්‍රාම දිවියට පත් ඔහු පසුගියදා නගරාසන්න කාර්යාල කටයුත්තකට ගොස් තේ පානය සඳහා අවන්හලකට ගොඩවිය.
තේ බීමට සූදානම්ව වටපිට බලන මොහොතේ ඔහු සමීපයට ආ රූමත් ලලනාවක් ඔහුගේ දෙපා වැඳ සිනාසුනාය. ‘‘සර් ගොඩක් කාලෙකට පස්සෙ දැක්කෙ. අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ සර් නිසා. මට මතකයි සර් අපට උගන්නපු හැටි.
විභාග පාස් කරන්න විතරක් නෙමෙයි. ජීවත්වෙන හැටිත් සර් අපට කියල දුන්නා’’ ඇය කීවේ ඉතා යටහත් පහත්වය. තමා කවදාවත් ගුරුවරයකු වී නොසිටි නිසා ඔහුට තරු පෙනිණ.
ඇය තවත් මොනවාදෝ කියන විට ‘‘ඔව් බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම තමයි ඉන්න ඕන’’ කියා ඔහු කඩිනමින් එතැනින් ඉවත්ව ගියේ ඇය තමාගේ ගුරුවරයා යැයි වරදවා හඳුනාගෙන ඇති බව පෙනීගිය හෙයිනි.
කළුතර පැත්තේ උපනගරයකින් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි මේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම වැරදීමකින් හරි මෙහෙම දෙයක් උනානම් අද කාලෙත් ගුනයහපත් මිනිස්සු අප අතර ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්. (ර)
ඇයගේ හැදියාවටත්,ඔහුගේ නැණවත් බවටත් මගේ උපහාරය!(හේ)
ඇයගේ හැදියාවටත්,ඔහුගේ නැණවත් බවටත් මගේ උපහාරය!(හේ)
ඇයගේ හැදියාවටත්.... අප්‍රමාන ගුරු භක්තියටත්... .මගේද ප්‍රණාමය ...අන්න එදා ගුරුවරු උපහාර ලබන හැටි.....එත් අදත් එහෙම අය නැතුවම නොවේ. ඒවගේම රජයේ අමාත්‍යංශයකට අයත්ව සිටි එම කාරුණික මහතාද විශ්‍රාම යනතුරු හැබෑ ලෙසම සේවය කළ අයෙක් නිසා...බුද්ධිමත්ව කටයුතුකර ඇතිබව දැනෙන විට.. අද එම තනතුරේ වැඩ කරන කෙනෙක් ගැන හිතෙනවිටත්....ලිපි කරු සේවයේ එදා සහ අද වෙනස ..... ගැන බොහොම කනගාටු හිතෙනවා (බ)
ඔබ දෙපලම ඉතාම නිහතමානීව අගය කරමි. අද සමාජයේ විරල දෙයක්. තරුණ පරම්පරාව මෙය දැනගත යුතුමය. ඔබ දෙපලටම මගේ ආශීර්වාදය පුද කරමි. (නි)
මේ රූමත් ළඳ ලොකු පිනක් කර තිබෙනවා. ඒ වගේම ඒ පිරිමි කෙනත් සැබෑ ගුරුවරයෙක් වගේ. (නි)
උතුම් පුද්ගලයන් දෙදෙනෙක් (නි)
ලිපිකරු මහතාට තිබුනේ තමන්ට වැරදීමක් සිදු වී ඇත්තේ කියා ඒ තරුණියට කරුණ පහදා දෙන්න. (නි)
ඔහුට තිබුනේ වැරදීමක් සිදුවී ඇති බව ඇයට පවසන්න. (බ)
විභාග පාස්වෙන්න විතරක් නැතුව ජීවත්වෙන්නත් උගන්වපු නිසා තමයි ගුරුතුමා ගැන ඔතරම් භක්තියක්. එමෙන්ම ඇයත් ගුණවත් කෙනෙකු බවට පත්කළේ. මමත් දහම් පාසල් ගුරුවරියක් වෙලා සිටියා. මම දරුවන්ට කියන්නේ "ගුණ" " නැණ" දෙකම තියෙන්න ඕනෑ කියලා. සමහර දරුවන් අම්මලා කියනවට වඩා ගුරුවරයෙක් දෙයක් කිවුවම අහනවා (නි)
අද කාලේ ගුරුවරයෙක් නම් අපි යමු කියලා මේ ළමයට “ගුරු භක්තිය“ පෙන්වලා තමයි අවසන් කරන්නේ (නි)