කන්තෝරු මිතුරියන් දෙදෙනාගේ විශ්‍රාම පාටියට මස්, මාළු, බිත්තර සහිත කෑම වර්ග එකතු කළේයැයි උරණ වූ වෙජිටේරියන් මිතුරිය සාදයේ බරපැන සම සමව බෙදාගැනීම ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයක ආයතනයකින් පසුගියදා අසන්නට ලැබිණි.
එකම ආයතනයක සේවය කළ මෙම සේවිකාවන් දෙදෙනාගේ සේවයෙන් විශ්‍රාම යාම එකම දිනයකට යෙදී තිබිණ. විශ්‍රාම යාම නිමිත්තෙන් කන්තෝරුවේ සෙසු මිතුරු මිතුරියන් සඳහා තේ පැන් සංග්‍රහයක් දීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන කටයුත්තකි. මේ සඳහා රුපියල් විසි දහසක පමණ මුදලක් වැය වන බව ගණන් බැලීමේදී දෙදෙනාට අවබෝධ විය.
‘‘එහෙනම් ඔයා අවශ්‍ය කරන බඩු ගේන්න, මම පස්සෙ සල්ලි දෙන්නම්” යැයි කියා ඇති වෙජිටේරියන් මිතුරිය තමන්ට වෙජිටබල් රෝල්ස් දෙකක් ඇණවුම් කරන ලෙසත් අනෙක් මිතුරියට කියා ඇත.
පවතින අධික බඩු මිල හමුවේ සංග්‍රහ වියදම දෙදෙනා සමඟ සම සමව බෙදාගෙන කටයුතු කිරීමට ලැබීම එම දෙදෙනාගේ හොඳ වෙලාවට සිදුවූ දෙයක් බව මේ ගැන දැනගත් කන්තෝරුවේ සෙසු අයගේ මතය විය.
නියමිත දින නියමිත වේලාවට කට්ලට්, රෝල්ස්, කේක් සහ කෙසෙල් සහිත සංග්‍රහ මේසය සූදානම් කෙරිණි.
විශ්‍රාම සාදය අවසන් වීමෙන් පසුව සාදයට වියදම් කළ මුදලෙන් අඩක් වූ රුපියල් නව දහස් ගණනක මුදල ලබාදෙන ලෙස මුදල් වියදම් කළ මිතුරිය වෙජිටේරියන් මිතුරියගෙන් ඉල්ලා සිටියේ සියලු බිල්පත්ද ඉදිරිපත් කරමිනි.
එවිට තමා ආගම දහමට අනුව ජීවත් වන, මස්, මාළු, බිත්තර නොකන කෙනකු බවත් එවැනි පිළී දේවල් යෙදූ කිසිම දෙයක් වෙනත් කෙනෙකුටවත් තම මුදලෙන් රැගෙන නොදෙන බවත් පවසා ඇති වෙජිටේරියන් මිතුරිය සාදයට ගෙනා කෙසෙල් සහ තේ සඳහා වූ රුපියල් 3500ක මුදල පමණක් ගෙවීමට හැකි බව ප්‍රකාශ කිරීමත් සමඟ අනෙක් මිතුරියට දෙවියන් සිහිවුණාලු.
පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විශ්‍රාමික සාදයේදී ‘වෙජිටේරියන් මිතුරියට’ ඩෝං ගිහින්