IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වෙස් මාරුවෙන් මිතුරා හඳුනාගන්න බැරිවී අකරතැබ්බයක්

එක් මිතුරකුගේ වෙස් මාරුවක් නිසා අනෙක් මිතුරාට ඔහු හඳුනා ගැනීමට නොහැකිව සිදුවන්නට ගිය අකරතැබ්බයකින් මිතුරන් දෙදෙනාම ගැලවුණ සිදුවීමක් දුම්බර කොට්ඨාසකින් වාර්තාවේ.


මහනුවර ප්‍රදේශයේ මහජන සේවා සපයන ආයතනයක සේවය කරනු ලබන ජනප්‍රිය චරිතයක් වන 55 හැවිරිදි මොහු තම හිස කෙස් සුදු පැහැවීමෙන් වැළකීම සඳහා නිතර වර්ණාලේප ගන්වන අයෙකි. දිනක් මොහුට එම වර්ණාලේප ගැන්වීමේදී ඇති වු සංකූලතාවයක් නිසා එදිනෙන් පසු එම වර්ණ ගැන්වීම නතර කළ අතර කොණ්ඩය කොටට කපා දැමීමට තීරණය කළේය. දැන් ඔහුගේ කොණ්ඩය සුදුම සුදුපාටය. කිසිවකුට ඔහු හඳුනා ගන්නට නොහැකි තරම් ස්වරූපය වෙනස් වී තිබේ. ඒ බව ඔහුට වැටහුණේ තම ආයතන ප්‍රධානියා සහ හිතවතුන් පවා වෙනදා ඔහු දුටු විට යමක් පවසා සිනාසුණත් මෙම වෙනසෙන් පසු ඔහු හඳුනා ගැනීමට ඔවුනට විනාඩි කීපයක්  ගතවීම හේතුවෙනි. වෙනස හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ  මුවින් වෙනදට වඩා වැඩි සිනහවක් ඔහුට ලැබුණේ ඔච්චමට මෙනි.


මේ වෙනස නිසා තම කලණ මිතුරා දැඩි අපහසුතාවට පත් වුණේ මේ අහඹු වෙනස් වීම හේතුවෙනි. මාස දෙක තුනකින් හමු නොවුණු මිතුරකුගෙන් දිනක් ලැබුණු ඇමතුමකින් පැවසුණේ තමන් මහියංගන ප්‍රදේශයේ කිසියම් අවශ්‍යතාවකට හෙට උදේ යන නිසා තමන් සමඟ එම ගමනට යන්නට එන ලෙස මිතුරාට ආරාධනයක් ද කරමිනි.


එම යන ගමනේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙන පරිගණක යන්ත්‍රයද මහියංගනයට රැගෙන ගොස් එය සකස් කර ගැනීමට හැකිවන හෙයින් මිතුරා සඳහන් කළ දින එකී වේලාවට ඔහු ද මහියංගනයට යෑමට සූදානම්ව සිටියේය. නියමිත වේලාවට මිතුරා මෝටර් රියෙන් අදාළ ස්ථානයට පැමිණ ඇති බවට දුරකතන ඇමතුමකින් දැනුම් දුන්නේ ඒ වනවිට ඔහු මාර්ගයට පැමිණ නොසිටි නිසාය.


හිතවතා පැමිණෙන තුරු සින්දුවක් ඇසීම සඳහා ගුවන් විදුලි යන්ත්‍රය පණ ගන්වා එය ශ්‍රවණය කරමින් සිටින අතර  හිතවතා එන මාර්ගය දෙසට නෙත් යොමු කළේ ඔහු පැමිණෙනවා දැයි බැලීමටය.  කිසියම් අයකු යම් බරක් වැනි දෙයක් රැගෙන  දෑතින් පපුවට තුරුළු කරගෙන තම මෝටර් රථය දෙසට එන අයුරු මිතුරාගේ දසුනට හසුවිය. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවුණේ ඒ තම හිතවතා නොවන හෙයිනි.


ගතවූයේ විනාඩි කීපයකි. මෝටර් රථයේ පිටුපස දොර කිසියම් අයෙකු අවසරයකින් තොරව විවෘත කරන අයුරු දැනුණි. වහා එම දෙස බැලීමේදී ඔහුට දැක ගත හැකි වූයේ  බරක් වැනි යමක් රැගෙන ආ පුද්ගලයා රැගෙන ආ දේ විමසීමකින් තොරවම එම භාණ්ඩය ආසනයේ තබන අයුරුත් නැවත වාහනයේ දොර වසා වාහනයේ වම් පස ඉදිරි දොර විවෘත කර වාහනයට නැග ගත් අයුරුත්ය. මෙය පුදුම සහගත දෙයකි.


නාඳුනන පුද්ගලයකු මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව උරණ වූ ඔහු “මොනවද මේ තමුසේ කරන්නේ. මේක තමුසෙගෙ වාහනයද? වාහනයෙන් ඇදලා දාන්න කලින් වහාම බහිනවා. ඒත් වාහනයට නැගි අමුත්තා කිසිවක් කතා නොකළේය. නිහඬව සිටියේය. හිතවතාට කාරණය වැටහුණි. ඔහු මිතුරා දෙස නොබලා  දෑතින් මුහුණ වසාගෙන බිම බලාගෙන සිටියේය. ආගන්තුකයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ කල රියදුරු අසුනෙන් වහා නැගිට පිටතට විත් වම්පස දොර වෙත පැමිණ ආගන්තුකයා වාහනයෙන් පිටතට ඇද දැමීමට වාහනයේ දොර විවෘත කරනවාත් සමඟම නවතා ගත නොහැකි සිනහවෙන් හිතවතා මිතුරා දෙස බලන විට මිතුරා දුටු දසුනින් ඔහුටද මුවගට නැගුණු සිනහව නතර කර ගැනීමට විනාඩි කීපයක් ගතවිය.

 

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

වෙස් මාරුවෙන් මිතුරා හඳුනාගන්න බැරිවී අකරතැබ්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 401 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 428 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 647 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 650 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1092 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 916 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site