(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ බිමේ සිටි චීන ජාතිකයකු පසුගියදා ආසන්නයේ වූ නිවෙසකට කඩිමුඩියේ දිව ගියේ වතුර අවශ්‍යතාවක් නිසාය.
පෙර දින රාත‍්‍රියේ ආහාරයට ගත් මස් වර්ගයක් නිසා ඔහුට දැඩි බඬේ අමාරුවක් ඇතිව තිබිණි. සිංහල හරි හැටි නොදත් ඔහු නිවසේ වැසිකිළිය අසල වූ පයිප්පයට අත දිගු කරමින් නිවාස හිමියාගෙන් අභිනයේ යෙදෙමින් ඉල්ලූවේ එම වතුර ගෙන යාමට භාජනයකි. ”වෝටර් වෝටර්” යනුවෙන් ද ඔහු කීය.
තත්ත්වය තේරුම් නොගත් ගෙහිමියා දුවට කීවේ ”මේ මනුස්සයට පිපාසය වගේ. වතුර වීදුරුවක් දෙන්න” කියාය. ඇය ගෙනා වතුර වීදුරුව දුටු චීන ජාතිකයාට තරු පෙනිණි.
කලබලයට පත් ඔහු ”නෝ... නෝ.. බිග්වන් බිග්වන් ලොකු එකක්” කියා අමාරුවෙන් සිංහල වචනය කීවේ කලිසමේ පස්ස පැත්ත වම් අතින් තවත් තදකරගෙනලූ.
මාතර ගොඩගම ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ! සිංහල දන්නේ නැතුව ඇති (නි)
මේක නම් නියම කතාව! (නි)
කිසිම කතාවක් නැහැ, බලු මස් වෙන්න ඇති. අපි දන්නවනේ බල්ලො අල්ලලා ගිහින් දීපු අය ගැනත්. තලගොයි, ඉත්තෑවෝ, බල්ලො, පූසො, කොක්කු මේ හෑමදෙයක්ම කෑවා ගාල්ලේ හරිය හදනකොට. ඒකට ඉතින් වරදක් කියන්නත් බැහැ... (නි)
සිරිපාලගේ ලිස්ට් එක දැක්කම මට අප්පිරියාවේ බැහැ. ඇත්තටම මේ මිනිස්සු සතුන්ව ඔහොම කෑවාද? තවමත් මගේ බඩ දඟලනවා. (නි)
අම්මෝ, මට නම් ඔය වෙලාවට වතුර නැතත් කමක් නැහැ. (නි)
චීන ජාතිකයන් වැසිකිළි භාවිතයට කඩදාසි භාවිතා කරන්නේ නැද්ද? (නි)
මටත් ඔවැනිම දෙයක් වුනා පිටරටදී. (ර)
අතින් නවත්තගන්න පලුවන් එකක්ද ඕක.(හේ)
චාරු බලාගෙන ඔයාත් පරෙස්සමෙන් ලෑස්ති පිට ඉන්න බඩ දඟලනවා නම් වතුර වීදුරුවක් ලෑස්ති කර ගන්න. (නදී)
"ලැබුණු සත්‍ය පුවතකි." (හේ)
චීන ජාතිකයින් වැසිකිලි යාමට වතුර නොව කොළ භාවිතා කරන්නේ.(හේ)
මෙයාට ඒ වේලාවේ මොනවා හිතෙන්න ඇතිද?(හේ)
මම නම් ඔච්චරම තදියම් උනොත් වතුර සොයා සොයා ඉන්නේ නැහැ (නදී)
දැන් බලමුකෝ එතකොට, අපේ කෙනෙකුට ඉංග්‍රීසි එහෙම දන්නේ නැතුව මේ වගේ දෙයක් එංගලන්තයේදී වගේ වුණා නම් අපේ සිංහල අය කී දෙනෙක් එයාට ඉංග්‍රීසි බැහැ කියලා හිනාවෙයිද? (නි)
අයියෝ ඕක මොකක්ද ? කැරපොත්තෝ, ගෙම්බෝ, කඳ පනුවෝ, පුසෝ ගැඩවිලෝ බල්ලෝ ගැරඬි. ඔය චීන්නු නොකන දෙයක් නැහැ (නදී)
ශාරීරක අවශ්‍යතාවයක් මේ වගේ කතා කිරීම හොඳද ? (නදී)