නගරයට ආ කාන්තාවකි. ඇයට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇතිවූයෙන් වටපිට විපරම් කළ ඇය තැනක් සොයා ගත්තාය.
අවශ්‍යතාවට මුල්තැන දීම හැර තැන නොතැන බැලීමට වෙලාවක් නැත.
තව ටිකක් පමා වුවහොත් මහා ජංජාලයක් වන බව ඇය දනී. ටෙලර් කුටියට ගිය ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. එහි කුණු කූඩය ඇගේ පෝච්චිය විය. බර සැහැල්ලූ කරගත් ඇය කාඞ්පතින් මුදල්ද ගෙන ගෙදර ගියාය.
ඒත් ඇය ගෙදර ගියේ සාක්කියක් එතැන ඉතිරි කිරීමෙනි. සීසීටීවී ආරක්ෂක කැමරාව ඒ සාක්කියයි. ඇය ගිය සැණින් තවත් ගනුදෙනු කරුවෙක් එහි ආවේය.
අමුතු ගඳක් දැණිනි. වටපිට බැලීය. කුනු කූඩය දෙස බැලූවිට ඔහුට කාරණය තේරුම් ගියේය. පසුදිනෙක බැංකුව ඇය කැඳෙව්වාය. ඇය කළ වැඬේ වැරැුදි වුවත්, ඇය ඒ අවස්ථාවේ සිටි තත්ත්වය වටහාගත් බැංකු නිලධාරින් ප‍්‍රශ්නය දුරදිග ගෙන ගියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මොනවා උනත් හදිස්සෙයටනේ වෙන්න ඇත්තේ...(අ)
හරි ඒ කාන්තාව වැරදියි කියමුකෝ... ඒ උනාට මේ වගේ සිද්දි විතරමද ලංකාවේ සිසිටිවී කැමරාවට අහු වෙන්නේ? (නදී)
මරු අනේ.(නදී)
දමයන්ති ඔයා මොකද පාරේ කරන්නේ? (නදී)
ඒ කාන්තව පව් අපි කාට උනත් ඔහොම අමරු එන්න පුලුවන්.(නදී)
සරත් මට මාව හොදට පාලනය කරගන්න පුලුවන්. (නදී)
ඒ කාන්තාවත් මනුස්සයෙක්නේ.(නදී)
ඉතින් දමයන්ති බ්‍රහ්මයා පිරිමින්ට කරන්න දීල තියෙන්නේ එයාලට කරන්න පුළුවන් දේවල් නේ. ගැහැනු උදවිය කරන හැම වැඩේම පිරිමින්ට කරන්න දීලත් නැහැනේ නේද? ඉතින් පිරිමි කරන හැමදේම කරන්න උත්සහ කරන්න යන්න එපා. (නදී)
ලලිත්'කවුද බ්‍රහ්මයා? (නදී)
හපොයි වෙච්ච දෙයක්.(නදී)
වතුර බෝතලයක් ළඟ තිබිල නැද්ද ? (නදී)
ඕක මොකද්ද? වැසිකිලියට යන්න ගුවන්යානයක දොරකුත් අරින්න ගියේ.(නදී)
ඒ කියන්නේ අපි දියුනු වෙලා ටේලර් මැෂින් ප්‍රමාණයට වඩා පොදු වෙසිකිලි අඩු ඇති (අ)
ඒ ටී එම් එක ලග කට්ටිය ඉන්නවනේ. මෙහෙම දෙයක් කොහොමද කළේ.(නදී)
නිලුට පුළුවන් උනාට බැරි අයත් ඉන්නවා ඒක තේරුම් ගන්න.(නදී)
මොනවා වුනත් බිම නොදා කුනු කූඩෙට දාපු එක හොදයි.(නදී)
ලජ්ජා වෙන්න ඕනේ අපි. කන්තාවකටවත් හදිසියකට යන්න අවශ්‍ය තැනක පොදු වැසිකිලියක් නැති රටක ජීවත් වීම ගැන. (නදී)
ඔය හැදෙන අමාරුවලට තැන කොතනද කියල හොයා ගන්නවත් බැරිවෙනවා (අ)
ඉවසුම් නැති සුදු කාරයා දොර ඇඳේ කියන්නේ ඔන්න ඕකට තමයි (දී)
අවශ්‍යතාවයකට ලඟපාත වැසිකිලියක් නැහැ කියන එකනේ පෙනෙන්නේ තිබුනත් යන්න බැරිව ඇති. මොකද ඒවා මිනිස්සුන්ට වැඩිය සත්තු පරිහරණය කරන ඒවා වගේනේ පෙනෙන්නේ.(නදී)
මෙම කාන්තාවට කිසිම දොසක් කියන්න එපා. ඒක බුදුදහම අනුව පාපකර්මයක් වෙනවා. මොකද ඒ කාන්තාව දියවෑඩියා රෝගයෙන් පෙලෙන අයෙක් නම් පාලනය කරගන්න හරිම අමාරුයි. අනෙක මම අත් දුටු අත්දෑකීමක් බෙදා ගන්න කමතියි. ස්තානය ජා ඈල පොල අසල පොදු වෑසිකිලියයි. හොදට ඇදගත් විශ්‍රාමික පෙනුමෑති මහත්මයෙක් වෙව්ලමින් මගෙන් පොදු වෑසිකිලියට යාමට මුදලක් ඉල්ලුවා මම ඉක්මනට මුදල් දුන්නා. මට ගොඩක් පින්දීලා ගියේ. ප්‍රස්නේ ඒක නෙවේ. මෙවෑනි රෝගින්ට කිසිම මුදලක් අය නොකර මෙම කාර්‍ය කිරීමට අවස්තාව ලබාදිය යුතුයි. පොදු වෑසිකිලි වලට මිලක් නියම නොකොට තමන්ට කෑමති මුදලක් දෑමීමට කටයුතු කර්න්නේ නම් මෑනවි. එමෙන්ම අද ලංකාවේ දකින්නට ඉතාමත්ම අඩු මානව පහසු කමකි.(නදී)
මේ තරම් හය හතර නොතේරෙන මිනිස්සු ඉන්නවාද ලංකාවේ (දී)
චිකේ….ගන්දස්සාරේ බැරුව ඇති. (නදී)
රටක දියුණුව භෞතිකව වුනත් මනින්නේ පාරවල් කොන්ක්‍රීට් වලින් විතරක් නෙවි. පොදු පහසුකම් වලින්. (අ)
මේක විශ්වාස කරන්න ටිකක් අමාරුයි .මේ ළග පාතවත් කවුරුත් හිටියේ නැද්ද (දිල්)
ඊයා අනේ.(නදී)
අනේ පොඩි ළමයෙක් නෙමේනේ තමන්ව පාලනේ කර ගන්න බැරිද. අනෙක කි දෙනෙක් ඇතුල් වෙන තැනක්ද. ලැජ්ජාව කියන දේ මේ කෙනා දන්නෙවත් නැතිව ඇති. (නදී)
වැඩේ නම් වැරදියි තමා ඒත් පිරිමි කොච්චර පාරේ ඔය වැඩේ කරනවද? සමහරු උවමනාවෙන්ම අපිට පෙනෙන්නම ඔය වැඩේ කරනවා.(නදී)
නිලුට වෙන්න තිබ්බේ. (නදී)
කරපු වැඩේ හොඳ නෑ උනත් ඒ වෙලාවේ ඒ වගේ දෙයක් උනාම තියන අමාරුව දන්නේ ඒ මනුස්සයා විතරයි. අහල පහල කඩේකින් අහලා ඒ වැසිකිලියක් පාවිච්චි කරා නම් ඉවරයිනේ.(නදී)
සරත් ඒ ගැන බය වෙන්න එපා මට මාව හොදට පාලනය කරගන්න පුලුවන්. මට කරදරයක් වෙනකන්ද සරත් බලන්න ඉන්නේ. හා හා හොදයි,හොදයි, ඒකෙන් හරි හිතේ සතුට ඇති වෙනවා නම්.(නදී)
නිලූ මේ පිස්සු නටන්න එපා ඔහොම තමයි මනුෂ්‍ය ශරීරයේ පැවැත්ම. සමහර අයට පාලනය කර ගන්න පුළුවන් අනික් අයට බැහැ. ඉතින් මේවා සාමාන්‍ය දේවල් මනුෂ්‍ය ලෝකේ, කලබල විය යුතු නැහැ. (නදී)
එහෙම කියන්න හොඳ නැහැ. පාලනය කරගන්න බැරි වයසකුත් එනවනේ.(නදී)
මේක ඉතින් කරන්න ඇත්තේ ලූණුගල කෙනෙක්ම වෙන්න ඕන.(අ)
ඔන්න චන්දිලගේ වැඩ.(නදී)
කරන්නම දෙයක් නැති නිසා එය කරන්න ඇති.(නදී)
අනේ ඇය අම්මා කෙනෙක්නෙ. ඒක නිසා අපි ඇයට සමාව දුන්නා. බැංකුවේ ඒ නිලාදරියාට බොහොම ස්තුති වෙමු.(නදී)
පව් අනේ..(දිල්)
දමයන්තිගේ කතාව ඇත්ත. ඔයිට වඩා දේවල් මටත් කියන්න තියෙනවා. (නදී)
ලංකාවේ ගෑනු කොහොමටත් අපිරිසිදුයි.(නදී)
වැඩේ වැරදියි කියන්නේ අපිනේ. ඇය හිටි තත්වය දන්නේ ඇයයි නේ. ඔවැනි තත්වයක් කොතැනක කොයි වෙලාවක කාට සිදුවේදැයි කියන්න බැරි නිසා අපි මේ කත ගැන උපේක්ශාශීලී වෙමු. (අ)
දමයන්ති මොකටද බලන්න ගියේ? (නදී)
උවමනාවෙන් කාරපුදෙයක් නෙවෙයිනේ ගණන් ගන්න එපා (දිල්)
එය වැරදියි තමයි. නමුත් විස්තර කරන්න එපා. (නදී)