(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ලාභය පමණක් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන අවස්ථාවලදී නොසිතූ අයුරින් පාඩු සිදුවන වෙලාවල් නැත්තේද නොවේ.
රුපියල් 25ක් ලාභයට අන්නාසි ගෙඩියක් ගැනීමට ගිය දකුණේ අයෙකුට රුපියල් 1275ක පාඩුවක් විඳීමට සිදුවූ අපූරු පුවතකි මේ.
ඔහුගේ නිවස පිහිටි කිට්ටුම උප නගරයේ අන්නාසි ගෙඩියක් අලෙවිවූයේ රුපියල් 200කටය. එය පාගමනින් ගොස් වුවද මිලදී ගැනීමට ඔහුට හැකියාව තිබිණි.
එහෙත් යාබද ප්‍රධාන නගරයේ අන්නාසි ගෙඩියක් රුපියල් 175කට අලෙවි වන බව දැනගත් හේ කිට්ටුම උප නගරයෙන් අන්නාසි නොගෙන ප්‍රධාන නගරයට ගියේ රුපියල් 25 ලාභය ගැන සිතමිනි. ඒ සිය යතුරු පැදියෙනි. තෙලුත් පුච්චාගෙනය.
‘‘අන්නාසි 175යි, 175යි, වෙන කොහේවත් නැහැ. අනේ හාමිනේ මෙහෙම ලාභයක් කියමින් අන්නාසි වෙළෙන්දා අන්නාසි ගෙඩි උඩ දම දමා කෑමොර දෙමින් වෙළදාමේ යෙදී සිටියේය. මේ දර්ශනයෙන් ඔහුට තැන නොතැනද අමතකවී ගියේය. ඔහු සිය යතුරු පැදියෙන්ම අන්නාසි වෙළෙන්දා ළගට කිට්ටු කළේය. එම ස්ථානයේම යතුරු පැදිය නතර කළේය.
තමාගේ උප නගරයේ රුපියල් 200ට අලෙවිවූ අන්නාසි ගෙඩිය රුපියල් 175කට ලබා ගත්තේය. එයින් පස්වනක් ප්‍රීතියට පත්වූ ඔහු සිය නිවස බලා යාමට යතුරු පැදියට නගින්නට සූදානම් වූයේය. ඒ සමගම එතැනට ආ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට රුපියල් 1000ක දඩ කොළයක් ලියා හමාරය. ඒ රථ වාහන නතර කිරීම තහනම් ස්ථානයක වාහනය නතර කිරීමේ වරදටය.
කරන්න කිසිම දෙයක් නොවිය. ළගම පිහිටි තැපැල් කාර්‍යාලයට ගොස් දඩ කොළය තැපැල් කාර්‍යාලයේ ගාස්තුවද සමග රුපියල් 1100යක් ගෙවා දඩ කොළය ලියූ පොලිස් නිලධාරීන් භාරයේ තිබූ රියදුරු බලපත්‍රය ගෙන නිවසට පැමිණීමට ගියේ රුපියල් 200ට ළගින් ගන්න තිබූ අන්නාසි ගෙඩිය රුපියල් 25 ලාභයක් බලාගෙන ගන්න ගොස් රුපියල් 1275ක් වියදම් කරන්නට සිදුවීම ගැන දැඩි කනස්සල්ලෙන්ලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විසිපහේ ලාබෙට 1275 කට තට්ටු වෙලා