අවංක චේතනාවෙන් වසර ගණනක් තිස්සේ මුළු හදවතින්ම ආදරය කළ පෙම්වතිය තමන්ට හොරා වෙනත් කෙනකු හා පෙම්සුව විඳිමින් සිටිද්දී ඇය අතටම අල්ලාගෙන එම ගැටලුව විසඳීමට පොලිසියේ සහාය පැතූ අහිංසක පෙම්වතෙක් පිළිබඳ පුවතක් කුරුණෑගල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළින් වාර්තාවිය.
කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි ගම්මානයක පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන මොහු අසල ගමක 20 හැවිරිදි තරුණියක සමග පෙමින් වෙලිණි.
ඔහු ඇයට බොහෝ ආදරය කළේය. කවදා හෝ දිනක මඟුල් පෝරු මස්තකව ගමටම මඟුල් කියා ඇය තම සහකාරිය කර ගැනීමේ චේතනාවෙන් වසර කිහිපයක් තිස්සේ මොහු ඇය මලක් මෙන් රැක ගත්තේය.
කොළඹට වී රෑ නිදි වරමින් උපයා ගන්නා සොච්චම් වැටුප සහමුලින් ඔහු විය පැහැදම් කළේ තවමත් අධ්‍යාපනය අවසන් නොකළ තම ආදරණීය පෙම්වතිය වෙනුවෙනි. ඇයට අවශ්‍ය කුමක්ද ඔහු වහා එය ඉටුකළේය.
පසුගිය දිනක නිවාඩු දමා නිවෙසට පැමිණි ඔහු පෙම්වතිය සමඟ දින කිහිපයක් ඇය කියන සියලු තැන් වලට ගෙනගොස් ඉල්ලන සියලු දේ මිලට ගෙන ඇයව සතුටු කළේ හදේ උතුරා යන ආදරය නිසාය.
නිවාඩු දින කිහිපය නිමා වී යළිත් රැකියාවට කොළඹ ගිය මොහුට ඉතාමත් හදිසි කටයුත්තකට නැවත තම නිවෙසට පැමිණීමට සිදුවිය. කිසිවකුටත් නොදන්වා හදිසියේ නිවෙසට පැමිණි මොහු අදාළ අවශ්‍යතාව ඉටු කරගෙන එදිනම කොළඹ බලා යාමට කුරුණෑගල බස් නැවතුම්පොළට පැමිණියේය. බස් නැවතුම්පොළට වී කොළඹ බසයක් එනතුරු සිටි මොහුට හදිසියේ තමන් ඉදිරියෙන් ගමන් ගන්නා තම පෙම්වතිය ඇස ගැටුණි.
ඇය තවත් තරුණයෙකු හා පෙමින් වෙලී අතිනත් අල්ලාගෙන ගමන් කරනු ඔහු දුටුවේය. තම ඇස් අදහාගත නොහැකිව මොහොතක් ඒ දෙස බලා සිටි ඔහුට උන්හිටි තැන් අමතක විය. මේ සිටින්නේ වසර ගණනක් තමන් නිර්මල හදවතින් පෙම්කරන තම ආදරියයි. වහා ඉදිරියට පැන ඇයගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු දෙනෝදාහක් බලාසිටියදී ඇය ඇදගෙන ගියේ බස් නැවතුම්පොළේ පොලිස් මුර කුටිය වෙතය.
දෙදෙනා දෙපසට කොට සිද්ධිය පිළිබඳ තොරතුරු විමසූ පොලිස් නිලධාරීන්ට පෙම්වතිය විසින් ඉතාමත් නිර්දය ලෙස පෙම්වතා රවටා ඇති බව හෙළිවිය. එම අවස්ථාවේ බොහෝ වේලාවක් තිස්සේ දෙදෙනාටම තරයේ අවවාද කොට ඔවුන් පිටත්කර හැරීමට පොලිස් මුරපොළේ නිලධාරීන් පියවර ගත් අතර එම ස්ථානයෙන් පිටව යන පෙම්වතා අමතා පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙවැනි චපල කෙල්ලෙකුට රැවටී ජීවිතය මුලාවේ හෙළා නොගෙන අවංක තරුණියක් සොයා ගන්නා ලෙසය. එමෙන්ම මෙවැනි වංක පෙම්වතියන් නිසා පවුල් පිටින් ඝාතනය කොට තම වටිනා ජීවිත අමු අමුවේ කාලකණ්ණි කරගන්නා සියලු පෙම්වතුන්ට මෙම තරුණයා ආදර්ශයක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ කාටත් ඇහෙන ලෙසය.
(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොණ්ඩෙන් ඇඳගෙන යන්න පුලුවන්ද? එහෙම කාගෙවත් කොණ්ඩෙන් ඇඳගෙන යන්න බැහැ. (නි)
අනේ පිට බද්දර අයියේ ..මේ චන්ද්‍රා වීරසිංහ කියන්නේ ..ඒ තාරකා විද්‍යාඥයා නොවේ ...? මේ අර අපේ එසැන පාටක මිතුරියක් චන්දි ඒ කාලේ අපි විහිලු කළේ ?.මේ එයයි (බ)
අැටෙන් පොත්තෙන් එලියට එන්න ඉස්සෙල්ල මොන අවශ්‍යතාද නාලිකා ඔය දීල තියෙන තරම හොඳටම ඇති ඒ කොලුවා. (බ)
නොගැළපෙනවා නම් වෙන්වෙන එකයි හොඳ (නි)
ඕක පොලිසි යන්න තරම් දෙයක්ද (නි)
නාලිකා, එවැනි දේ මනුෂ්‍ය ස්වභාවයක් (නි)
නාලිකා කියන අවශ්‍යතා සහ අඩුපාඩු මොනවාද පහදන්න (බ)
චන්ද්‍රා වීරසිංහ මහත්තය අසුපිරු තැන ඇති දහස් ගනකගේ ඇස පාපු හොඳ ගුරුමහතෙක් නිසා මේකට උත්තරේ දෙන්න බැහැ සර්, වෙන කෙනෙකුටනම් , අඩුම තරමේ අපේ රුපොවතියාවත් මට මෙහෙම කිවනම්.... (ර)
ගැහැණු ළමයින්ට අාදරය, මුදල්, ඇදුම් පැළදුම් වගේම ඇගේ අවශ්‍යතා අඩුපාඩු ගැනත් බලන්න ඕනෑ. (නි)
රමණි, පිරිමි ළමයා ආදරේ කරන්න දන්නේ නැත්නම් කරන්න තිබුණේ එයාට එ්ක කියලා දෙන එක නේද. ඔය විදියට වෙන කෙනෙක් එක්ක යන්නේ හිතේ තියෙන චපලකමට. ඔය ගැහැණු කෙනා කළ දෙය අනුමත කරන්න පුලුවන්ද? (නි)
පිටබැද්දර ජයා තාම හොඳ හෝටලයකින් කාලා නැහැ වගෙයි පෙනෙන්නේ (නි)
මොනටද පොලිසි යනවද හිත හදාගන්නවා මිස? (නි)
පණට පණ සේ ආලේ මුත් ස්ත්‍රී ජාති නෑ විස්වාසේ ! (හේ)
රමණි පිරිමි ළමයා ආදරය කරන්න දන්නේ නැහැ කියලා හිතෙනවා නම් කරන්න ඕනෙ තවත් කඩා වඩා ගන්නෙ නැතුව අයින් වෙන එක නේද? මේ කෙල්ල කරලා තියෙන්නේ රවට්ටපු එකයි. මෙහෙමත් ගෑහැණු. ලොකු වෙනකොට කොහොම තියෙයිද දැන් මෙහෙමනම් මෙයා. (ර)
දැන් ගැහැණු ළමයි නම් විශ්වාස කරන්න බැහැ. (ර)
වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත.... (නි)
රමණි, පිරිමි ළමයි ආදරේ වැඩිකමට තමයි කරදර නොකර පොලිසියට එක්ක ගිහින් වෙච්ච් දේ කිවුවේ. "හිත ගිය තැන මාළිගාව“ කියලා තියනවා දන්නවනේ. (නි)
ගැහැනුන්ට බහුතරයකට , පිරිමින්ට වගේ හයිය හිතක් නැහැනේ , හුලන් හමන අතටත් දුවන දුවල මුළු ජීවිතේම විනාස කොරගත්ත ගැහැණු මොන තරම් ඉන්නවද ? (ම)
රමණි, පිරිමි ළමයා හොඳට අාදරේ කරන්නේ දන්න නිසා තමා, ඔච්චර දුක් විඳලා මේ ළමයව බලගෙන තියෙන්නේ. (නි)
පිරිමි ළමයා ආදරය කරන්න දන්නේ නැතුව ඇති. ගැහැණු ළමයට බනින එක වැරදියි. (නි)
පෙම්වතා වාසනාවන්තයෙක්. හොඳින් ඉන්න කල්පනාකරලා හොඳ කෙනෙක් හොයාගන්න. ඒක බැරි නැහැ. වින්නැහියක් වෙන්න කලින් ඔයින් ගියා ඇති. දැන් ඉතින් නම් හම්බකරන සල්ලි ඔයවගේ දේවලට වියදම් කරන්න එපා. ඉතුරු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න. (නි)
කොල්ලගෙ වෙලාව හොදයි, ඔයින් බේරුනා ඇති. නැත්නම් හම්ඹ කරපු සේසතම නැතිවෙනවා. (ර)
වැඩේ වැරදි වෙන්න ඇති ...එත් එහෙම තමයි වාරියපොළ කොල්ලෝ....(රේ)
වැඩක් නෑ කතා කරලා.(හේ)