වාහනය තමාගේ ඇඟේ ගැටුණු බවට බොරුවට චෝදනා කරමින් රියැදුරන්ගෙන් මුදල් ගසා කෑමේ කූට ජාවාරමේ නිරත පුද්ගලයන් පිළිබඳව කොළඹ පමණක් නොව වෙනත් නගරවලින්ද නිරන්තරව අසන්නට ලැබේ.
එවැනි වංචාකාරයකුගේ ව්‍යාජ රංගනයකට ගොදුරුවී මුදල් අහිමිවන්නට ගිය පුද්ගලයකුට යහපත් මිනිසෙකුගේ ඉදිරිපත්වීම නිසා ඉන් බේරීමට හැකිවූ පුවතක් පසුගියදා බම්බලපිටිය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ඈත ප්‍රදේශයක සිට පැමිණි අයෙකි.
ඔහු අවශ්‍යතාවක් සඳහා කොළඹ නගරයට මෝටර් රථයෙන් ගොස් සමුද්‍රාසන්න (marine drive) මාර්ගය ඔස්සේ පැමිණ ගාලු පාරට පිවිසීම සඳහා අතුරු මාර්ගයකින් පැමිණෙමින් සිටිය දී පසුපසින් හඹා ආ ත්‍රිරෝද රථයක් මෝටර් රථයේ ගමන් මග හරස් කරමින් නතර කළේය. ඒ සමඟම හැඩිදැඩි පුද්ගලයෙකු ඉන් බැසගත් අතර ත්‍රිරෝද රිය ඉවත්ව ගොස් ඇත.
එම පුද්ගලයා මෝටර් රථය අසලට පැමිණ වීදුරුවට වේගයෙන් තට්ටු කරමින් උස් හඬින් පවසා ඇත්තේ මෝටර් රථය අතුරු පාරට හරවන විට තමා එහි ගැටුණු බවයි.
එහෙත් එවැනි කිසිම ගැටීමක් නොවුණු බව රියැදුරාට ඉතා විශ්වාස බැවින් ඔහු රථයෙන් නොබැසම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය . එවිට අසභ්‍ය වචනයෙන් කතාකළ එම පුද්ගලයා ‘‘නෑ කියල පැනල යන්නද හදන්නෙ, මගේ අතටත් තුවාලයි, තමුසෙගෙ වාහනේටත් ඩැමේජ් වෙලා” යැයි කීවේය.
තමාට නොදැනෙන්ට හෝ ගැටීමක් සිදු වූයේ දැයි සැක සිතූ රියැදුරා රියෙන් බැස වාහනය පරීක්ෂා කර බැලුවේය. එවැනි කිසිම ගැටීමක සලකුණක්වත් නැත.
වංචාකරුගේ කන්දොස්කිරියාවේ අවසානයක් නැත. ඔහුගේ අතක ලේ තැවරී ඇති ආකාරයක් පෙනෙන්නට තිබුණත් එය ඔහු විසින් පැහැදිලිව නොපෙන්වන ආකාරයක් ද රියැදුරාට හැඟී ගියේය. එය කිසියම් සායම් වර්ගයක් ආලේප කර ගැනීමක් බවට රියැදුරාට පසුව ප්‍රත්‍යක්ෂ විය.
‘‘අපි එහෙනම් පොලීසි යමු” රියැදුරා යෝජනා කළේය .
‘‘බෑ, බෑ පොලිසිවල ගිහින් මට රස්තියාදු වෙන්න බෑ, , මම බාස් කෙනෙක්, රස්සාවෙන් දවසට හාර පන්දාහක් හම්බ කරනවා. එහෙම නෙවෙයි මේක ගොඩින් බේරගමු ,මට පන්දාහක් දෙනවා”
ඔහු දිගින් දිගටම අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් ගෝරනාඩු කළේය.
‘‘නෑ නෑ පන්දාහක් දෙන්න මගේ ළඟ සල්ලි නෑ” කී රියැදුරා මුදල් දීම තරයේ ප්‍රතික්ෂේප කළත් ඔහුගෙන් බේරුමක් නැත. කේවල් කර කේවල් කර අවසානයේ මුදල රුපියල් දහසකට අඩුකර ගැනීමට ඔහු සමත්විය. රස්තියාදු වනවාට වඩා රුපියල් දාහක් දී මේ හිසරදයෙන් බේරීයාම නුවණට හුරු බව ඔහු කල්පනා කළේය.
ඒ අවස්ථාවේ ඔහුගේ පසුම්බියේ තිබී ඇත්තේ රුපියල් එකසිය පනහක පමණ මුදලකි. ඒ බව සනාථ කිරීම සඳහා රියැදුරා පසුම්බිය විවෘත කර ඔහුට පෙන්වීය.
‘‘ඕකෙ නැතිවුණාට කමක් නෑ, අන්න අතන ඒටීඑම්එක තියෙනව ගිහිල්ල ගේනවා.”යැයි කියා ඔහු ඒටීඑම් යන්ත්‍රය තිබෙන දිසාව පෙන්වීය.
මදක් ඈතින් තිබූ ඒටීඑම් යන්ත්‍රය වෙත යනතුරුම එම පුද්ගලයා මෝටර් රිය අසල සිට තමා දෙස ඇස ගසා සිටින බැව් රියදුරා දුටුවේය.
කෙසේ වෙතත් ඒටීඑම් යන්ත්‍රය අසල සිටි මැදිවියේ මහත්මයකුට රියැදුරා කෙටියෙන් සිද්ධිය කීවේය.
සැබවින්ම අසාධාරණයට එරෙහිවන පුද්ගලයෙකු වූ ඔහුට මේ කතාව ඇසීමෙන් බලවත් සේ කේන්ති ගියේය.
‘‘ඔය වගේ අපතයො ඉන්නව මේ හරියෙ, දෙන්න එපා එක සත පහක්. ඔයා යන්න පොලීසියට. යං මමත් එන්නම්” කියා ඔහු ද රියැදුරා සමඟ මෝටර් රථය දෙසට ගමන් කළේය.
ඔවුන් දෙදෙනා මෝටර් රථය අසලට එන විට අර පුද්ගලයා අතුරුදන්ව තිබිණ.
අයුක්තිය අසාධාරණය දැක දැක ඉවත බලාගන්නා මිනිසුන් බහුල මෙවන් යුගයක නන්නාඳුනන තමා වෙනුවෙන් ඉදිරිපත්වීම පිළිබඳව මුව නොසෑහෙන්න මහත්මයාට ස්තූති කළ රියැදුරා තම ගමනාන්තය බලා පිටත්ව ගියේය.
පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහනය ඇඟේ හැපුණැයි බොරු චෝදනා කළ ‘අපතයාට’ වැඩ වරදී