(මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉඩම් වාහනයකට නියමිත දැවි තෙල් වර්ගය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් දැමීමෙන් රුපියල් දහසය දහසක පාඩුවක් වුණායි කියා එහි අලාභය රියදුරාගෙන් අයකරනු වෙනුවට වගාව බලාකියා ගත් සේවකයකුගෙන් අය කිරීමේ නූතන කැකිල්ලේ තීන්දුවක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
විශාල පරිමාණයේ වගා බිමකි. වගාව බලාකියා ගැනීමට සේවකයකු බඳවා ගත්තේ මසකට රුපියල් විසිදහසක වැටුපක් ගෙවන බව පවසමිනි. වත්තේ සේවයට යොදා තිබූ ඉඩම් වාහනයක් දැවි තෙල් හිඟයක් නිසා අක‍්‍රියවී තිබිණි. එහි රියැදුරා සමග තෙල් ගෙන ඒමට ගියේ වගාව බලාගත් පුද්ගලයාය.
කලක් ගත විය. වගාව බලාගත් සේවකයා සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය බව කීවේය. යන්න පුළුවන්. හැබැයි එදා ට‍්‍රැක්ටරයට වැරදි තෙල් වර්ගයක් දැමීම නිසා සිදුවූ අලාභය ගෙවන්න වේවි. අයිතිකරුත් පාලකයාත් පැවසීය. තමන්ගේ අවශ්‍යතාව නිසා සේවකයා අලාබය බව කියන රුපියල් දහසය දහස ගෙවා සේවයෙන් ඉවත් වූයේය. වැරදියට දැමූ බව කියන දැවිතෙල් ලීටර හතළිහකට ආසන්න ප‍්‍රමාණය ගෙනයාමට දෙන බව දැන්වුවත් අන්තිමේ දී ඔහුට ලැබුණේ ලීටර් බාගයකටත් අඩුවෙනි. ඉතිරිය පසුව සොයා දෙන බවද දන්වනු ලැබීය. ලැබුණු ලීටර් බාගයත් එහිම තිබිය දී එය වාහනයේ රියදුරාටම දෙන්න කියා සේවකයා පිටව ගියේ කැකිල්ලේ තීන්දුවට හිස නමමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔව්වට තමයි උසාවි තියෙන්නේ. (නදී)
පහත තැනින් යයි ගලා ජලේ කිවුවලු. ලලිත්,උසාවි ගිහින් දාසයදාහ ගන්න ඒ මනුස්සයා කී දාහක් තව වියදම් කරන්න ඕනෑද?කොහොම වුණත් අයිතිකරුට කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ අලුත් සේවකයෙක් ලැබේවා කියා පතනවා! (නි)
ඇත්තටම මගේ හිතට නැගුනේ බොහොම කලකිරීමක්. අද අපේ රටේ සෑම මිනිසෙකුගේම හදවතේ අනුන් වෙනුවෙන් තම සිත උණුවී කම්පා වෙනවට වඩා මිනිසුන්ට කරන්නේ අසාධාරණ කම්. , සත්‍ය මේක තමයි අපේ රටේ ඕනෑම මිනිසෙක් එක විනාඩියකදී මිනීමරුවෙකු කිරීමේ සම්භාවිතාවය ගොඩාක් ඉහලින් පෙනුම් කරනවා. දුකයි අප රට ගැන මිනිසුන්ගේ සිතිවිලි, හා ක්‍රියාවන් ගැන. අකමැත්තෙන් උවද පිළිගන්න වෙන සත්‍ය මේකයි සිංහලුනේ (නදී)
වැටුප අරගෙන හිමින් සීරුවේ මාරු උනා නම් මුළුමුදලම ඉතුරු වෙනවනේ. අවංක කමත් පරහට හිටිය වගේ. (නදී)
ලලිත් මේවට තමයි කියන්නේ කැලෑ නීතිය කියලා. උසාවි ගියොත් 10000 පාඩුවට 25000 ක් විතර පෙරකදෝරු අයියලා හූරන් කයි (නදී)
ගොන්කම මහමුදලි කමටත් වැඩිය වටිනවලු නේද (නදී)
මේක පුදුම රටක්! (නි)
ව්‍යාපාරය බලාගන්න දුන්න මිනිහ ලක්ෂ 120 ක් ගිල්ල , සහෝදර කමත් නැතිවුණා , දෙවැනි පාර බාරගත්ත මිනිහ ලක්ෂ 15 ගිල්ල , මම මිනි මරාගන්නේ නැතිව ලංකාවෙන් ආව , ලංකාව ලෝකෙන්ම තියෙන හොද රටක් , මිනිස්සු ගේ ඔලුව මකල ගත්තොත් (අ)
මේවගේ අසධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ හීල්ලීම සෙල්ලමක් නෙමේ.(හේ)
මිනිස්සු අතින් කොච්චර වැරදී වෙනවද?(හේ)
විශාල පාඩුවක් ලද නාමල්ගේ අන්තර්ජාල ලිපිනය දන්වන්න. (නි)