විහාරාධිපති හිමියන් රාත‍්‍රී නින්දට ගිය පසු වටිනා බඩුමුට්ටු සොරකම් කිරීමේ අරමුණින් රෑ බෝ වන තෙක් දහවල් පන්සලේ කාමරයක වහලයේ සැඟව සිටි හොරා දුටු විහාරාධිපති හිමියෝ නොදැක්කා සේ ඉඳ අසල්වාසීන් ගෙන්වා හොරා අල්ලා දුන් සිද්ධියක් කොළඹට ආසන්න විහාරස්ථානයකින් වාර්තා විය.
හොරා ගමේම එකෙකි. දහවල් කාලයේ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බව අන් අයට අඟවා එහි විහාරාධිපති හිමියන්ට හොරෙන් පන්සල ඇතුළට ගොස් කාමරයකට රිංගා ගෙන ඇත. විහාරාධිපති හිමියන් පමණක් එදින පන්සලේ වැඩ සිටින බව දැන ගත් හොරා වටිනා බඩු මුට්ටු සොරකම් කිරීමට සිතාගෙන රාත‍්‍රිය එළඹෙන තෙක් එහි වහලයකට නැග නොපෙනෙන සේ ඉඳ ඇත.
විහාරාධිපති හිිමියන් කළුවර වීමට කලින් දෙරගුළු වසා ගබඩා කාමරයක දොර වැසීමට යද්දී කිසිවකු වහලයෙ බාල්ලකයක සිිටිනු දැක ඇත.
පන්සලට හොරෙක් ඇතුල් වී සිටින බව වටහා ගත් උන්වහන්සේ, කලබලනොවී හොරා ගැන අවධානයක් නොකර පන්සලේ පිටත සිටි කෙනෙක් මාර්ගයෙන් තරුණ පිරිසක් ගෙන්වා හොරා ඉන්නා තැන පවසා ඇත.
වහා ක‍්‍රියාත්මක වූ තරුණයින් හොරා බිමට බස්සවා අමතක නොවන ගුටි සංග‍්‍රහයක් දී අදට සමාව දෙනවා, මීටපස්සේ අහුවුණොත් දෙන දඬුවම මීට වඩා වෙනස් යැයි කියමින් මුදාහැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කාලෙකට ඉස්සර කොළඹ කටුගෙට හොරකමට ආවෙත් මේ වගේම හොරෙක් නේද? (නි)
අනේ මෙහෙමත් හොරු! (නි)
ෆෛරූස් සහෝදරයාගෙන් අහන්න කැමතියි පන්සලකට හොරෙක් පනින එකටත් බල සේනාවද වගකියන්න ඕනා කියලා. එතකොට පලස්තීනයේ බුරුතු පිටින් මිනිස්සු මරණ එකට කව්ද වග කියන්නේ. (නදී)
හොරාට දැලි පිහියෙනුත් කිරිකන්න පුළුවන්. නමුත් හැමදාම බැහැ.හොට පැටලුනදාට ඉවරයි, ඔක්කොම සෙල්ලම් (නි)
, මේ කොලුවා පන්සලේ හැංගිලා තියෙන්නේ නොනාගෙන් තියෙන කරච්චලේ හින්ද වෙන්න බැරිද ? (අ)
දය අලහකෝන් ඇතුළු ඒ අදහස අනුමත කරන සියලු දෙනාම සිල් ගත් නයාගේ කතාව අහලා තියනවද? දැලි පිහියෙන් කිරි කන්න පුළුවන් වුණාට මොළය තියන අය ඒකෙන් කිරි කන්නේ නැහැ (නි)
දැන් කාලේ හොරුත් බණ කියනවනේ. එහෙම එකේ හොරුන්ට බණ කියලා වැඩක් තියෙයිද ? (නි)
මට මතක් වෙන්නේ මනුතාපය. එහි භික්ෂූන් වහන්සේ සහ ජනවර්ජන. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
"සොරා යහමගට ගත්ත හැටි මතකද ?"එහෙම හොරු ඉන්නේ පොත් වල පමණයි (නදී)
කෝ බල සේනාව මේකට මැදිහත් වෙන්නේ නැද්ද? (නදී)
විහාරාධිපතීන් වහන්සේ මේ හොරාව දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? එදා රෑ උන් වහන්සේවත් මරලා පන්සලත් කොල්ල කනවා නේද? අඬු කඩලා පොලිසියට බාර දෙන්නයි තිබුනේ. (නදී)
මම උපතින් සිංහල බුද්ධාගමේ කෙනෙක්. නමුත් කාටහරි "මනුතාපය" ( වික්ටර් හියුගෝ ගේ ලේ මිසරාබ්ලේ ) කෘතියේ එන පාදිලි තුමා තම දේවස්ථානයෙන් සොරකම් කර අසුවූ සොරා යහමගට ගත්ත හැටි මතකද ? (නදී)
සාන්ත එහෙනම් කන්ගැට්ටද දන්නේ නැහැ නේද ? (නදී)
සමහර අයට තේරුම් කරන්න ඒ ගොල්ලන්ගෙම බාසාව යොදා ගන්න වෙනවා.(අ)
ශාන්ත, ඒ හොරා කන්ගැට්ටෙක් සෙට් කර ගත්තානේ. මේක මේ පොඩි හොරකමක්. (නි)
ගුටි බැට දෙන්නේ නැතුව බුදු බණ ටිකකින් හොරාව ඇරියා නම් ගොඩක් වටිනවා (නදී)
ඒ සැළකීම නම් නියමයි (නි)
හාමුදුරුවන්ට කරදරයක් නොවීම ගැන හිතට දැනෙන්නේ පුදුම සහනයක් (නි)
පොලිසියට බාරදුන්නා නම් සුලමුල හොයාගන්න තිබුනා.හොරුන්ට නම් කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි. (නි)
කවුද දන්නේ භික්ෂුන් වහන්සේ තනිවම ඉන්නා නිසා භික්ෂුව ඝාතනය කරලාම සොරකම කරන්න සැලසුම් කළාද කියලා? (නි)
බණ කියලා හික්මවන්න පුළුවන් හොරුන් ඉන්නවද ලංකාවේ? (නි)
මනුතාපය කියවලා තිබෙනවද? එහෙම අය ඉන්නේ පොත්වල වෙන්න ඇති. (නි)
හාමුදුරුවෝ නුවණක්කාරව වැඩ කරලා තිබෙනවා (නි)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර! (නි)
මට මතක් වෙනවා මනුතාපයේ කතාව (නි)
අද කාලේ හොරුන්ට බුදු බණ කියලා වැඩක් නැහැ. (නි)
මීට වඩා හොද දඩුවමක් දෙන්න තිබ්බේ!! (අ)
"ගුටි බැට දෙන්නේ නැතුව බුදු බණ ටිකකින් හොරාව ඇරියා නම් ගොඩක් වටිනවා" ඒ අවුරුදු 2500 ට කලින් උනානම්. දැන් හොරුන්ට ඔය දීපු දඬුවම හොඳටම මදි. (නදී)
දයා අලහකෝන් මහතාගේ අදහස අනුමත කරමි. (අ)
ලොකු හාමුදුරුවොත් තරුණයනුත් අගය කරමි. නිසි දඬුවම හොරාට ලැබිල. (නදී)