සිය දෙමහල් නිවසේ වහලේ සිවිලිමේ සිට යාබද නිවසේ නිවසට පිටින් මුළුමනින්ම ආවරනය නොවූ (වටේට බිත්ති පමණක් බැඳ වහලක් හෝ කොන්ක‍්‍රීට් නොදැමූ) නාන කාමරයේ දිය නාන කාන්තාවන් පෙන්වීමට එක් අයෙකුගෙන් රුපියල් 50 බැගින් අයකරන තරුණයකු පිළිබඳ පුවතක් රූකඩවලට ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. හේ තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූ රූකඩවලට ප‍්‍රසිද්ධ නගරයක ජීවත්වන තරුණයෙකි.
මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසාම නිරන්තරයෙන්ම ඔහු ළඟ මත්කුඩු තිබෙන බව පොලිසියද දැන සිටියේය. එදා ද පොලිසිය ගියේ මොහු ළඟ මත්කුඩු තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුවය. ඔහු සිය නිවසේ පහත මාලයේ නොසිටි නිසා පොලිසිය ඉහළ මාලයට ගියේය.
එහිදී ඔහුගේ ඉහළ මාලයේ වහලේ සිවිලිමෙන් කසුකුසු හඬක් ඇසුණු පොලිසිය මේ පිළිබඳ විමසිලිමත් වූයේ ඔහු සිවිලිමේ සිට මත්කුඩු උරනවා ඇතැයි සැලකිල්ලට ගෙනය. ඒ අනුව සිවිලිමෙන් ඇතුලේ සිටි තරුණයන් දෙදෙනකු පොලිසිය එළියට ගත්තේය. සිදුව ඇති දේ පොලිසියට වැටහුණේ එවිටය.
මොහු මත්කුඩු බීම සඳහා මුදල් සොයා ගැනීමට භාවිතා කළ අලූත් ව්‍යාපාරයක් පිළිබඳව එහිදී හෙළිවිය. ඒ යාබද නිවසේ නාන කාමරය ඔහුගේ නිවසේ සිවිලිමේ සිට හොඳින් පෙනෙන අයුරින් සිදුරක් සාදා එම නිවසේ කාන්තාවන් නාන කාමරයේ නාන අයුරු තරුණයන්ට පෙන්වීමට එක් තරුණයකුගෙන් රුපියල් පනහ බැගින් අය කිරීමය.
මේ නිවසේ නාන කාමරයේ නෑමට කාන්තාවක් පැමිණි විගස ඔහු සිය ගනුදෙනුකාර තරුණයින්ට ජංගම දුරකතනයෙන් දන්වන්නේය. ඔහුගේ දැන්වීමට අනුව වරකට පැමිණෙන තරුණයින් දෙතුන් දෙනෙකුගෙන් එක් අයකුගෙන් රුපියල් 50 බැගින් ලබාගෙන ඔහු විසින් සිය නිවසේ වහලේ සිවිලිමට බොහොම සීරු මාරුවට නංවාගෙන මේ ව්‍යාපාරය ජයටම කරගෙන යන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි අපේ සමාජයේ අය ගැන.(හේ)
ඉසුරන්දි බොරු කිව්වට ඔයත් කැමති ඇති මෙහෙම දෙයක් වෙනවට.(නදී)
අනුර වගේ උදවිය තමයි ස්ත්‍රී දුෂකයන්ටත්, ඒ අහිංසක පිරිමියාට කවුරුවත් කැමති නැති නිසා එහෙම කලාට කමක් නැහැ කියන්නේ.(නදී)
අනුර මහත්තයා, කාන්තාවකගේ ශරීරයේ පරම අයිතිය ඒ කාන්තාවටයි. එ්ක ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි. මේ පුවතේ සඳහන් නාන කාමරයේ සිටි කාන්තාවන් ඔබේ සහෝදරිය නැති නම් අම්මා වුනා නම් ඔබ ඔය කියපු ටිකමද මෙතන ලියන්නේ ? (නදී)
අනුර ඔය කතාව ඔයාගේ අක්කා නංගි නෝනා දුව සහ අම්මා සම්බන්ධයෙනුත් එකඟයිද ? එහෙම වුනොත් ඒගොල්ලන් නාන තැන හොරෙන් බලපු මිනිහා නිරෝගියි , ඒ මිනිහා ගැන ඔයාට ඔත්තුව දුන්න පිරිමියාට ලෙඩක්. එහෙමද ? (නදී)
අනුරගේ ගෙදර නාන කාමරේ තත්වය අපිට හිතා ගන්න පුළුවන්. හැම තැනම සිදුරු ඇති.(නදී)
අපොයි අනුරගේ ගෙදර බැරි වෙලාවත් මේ වගේ සිවිලිමේ සිදුරු නැහැ නේද ? (නදී)
අජිත් , "සංවර කාන්තාවක් නම් නාන ඇඳුමක් නැතිව තමන්ගේ බාත්රුම් එකේවත් නාන්නේ නැහැ , ඒක නම් වැරදි කථාවක්, ඔයා කොහොමද එහෙම කියන්නේ? (අ)
එහෙනම් අචල නාන්නෙත් උපන් ඇඳුමෙන් වගේ. කමක් නැහැ ආශාව නේ.(නදී)
මෙහි සමහර අයගේ අදහස් දැක්කාම පුදුම හිතෙනවා.තමාගේම නාන කාමරේ ආරක්ෂා සහිතව නිරුවතින් නැවාම ඇති වරද කුමක්ද....පිරිමින්ට ඔච්චර ආසද අප්පා ගැණු නානවා හොරෙන් බලන්න....? (අ)
කාන්තාවන් නානවා බලන්න බොහෝ පිරිමින් අාසා කරනවා. එහි උගත් නුගත් කියා බේදයක් නැහැ. නමුත් මට අහන්න තියෙන්නේ ඔය පිරිමි පක්ෂයෙන්,මෙලොව එකම එක ගැහැණියකවත් පිරිමි නානවා හොරෙන් බලනවාද කියලයි. ලංකාවේ ඉන්න අසහන කාරයින්ට කියන්න තියෙන්නේ පිළිකුල් බාවනාව ප්‍රගුණ කරගෙන හිත සන්සුන් කරගන්න කියලයි. (නදී)
රුපියල් 50 ට වැඩේ ලාබයි. සී ඩී එකක් ගන්න ගියත් රුපියල් 100 ක් වියදම් වෙනවනේ (නදී)
අපෝ ලැජ්ජාවේ බෑ.(හේ)
අජිත් කරුණාරත්න , මිනිස්සු ලක්ෂ ගණන් දීලා නාන කාමර හදන්නේ තමන්ට ඕනෑ විදිහට නාන්න. නාන ඇඳුමක් ඇතුව නාන්න ඕනෑ නම් එළියේ ටැප් එකෙන් නානවනෙ. මේවා සාධාරණීකරනය කරන ඔබගේ පවුලේ ගැහැණු අය කවුරුත් නැද්ද? ඔයාගේ අදහස් වලින් පේනවා ඔයා ඉන්නේ මේ සමාජයේ ගව් ගණනක් ඈතින් කියලා (නි)
අනේ මෙහෙම ආශාවක්? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අපෝ ලැජ්ජාවේ බැහැ මේක අහලා. ඒත් පව් කියලත් හිතෙනවා එක වෙලාවකට (නි)
තුෂාරි, ධන - ඍණ ආකර්ෂණය මුළු ලෝකයටම එකයි කියලනේ 8 පන්තියේදී විද්‍යාවට කියලා දුන්නේ. (නි)
මට හිතෙන්නේ මේ කවදාවත් නාන්නේ නැති කට්ටියක් වෙන්න ඇති. (නි)
නියම බිස්නස් එක.රුපියල් 50ක් දිලා යන්න තරම් මානසික ලෙඩ්ඩු ඉන්නවනේ.(හේ)
නාන කාමරයක් හදන්නේ කැමති විදිහට නාන්නයි. හොරෙන් බලන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඕනේ (නදී)
දැන් දැන් ලංකාවේ පිරිමින්ට තිබෙන මානසික රෝග කොච්චරද කිව්වොත් දන්නා කියන ගැහැණු ළමයෙකුට කසාදයක්වත් ජෝඩු කරන්න බයයිනෙ. (නි)
මේවා බැලුවා කියලා මොකක්ද මේ මිනිස්සු ලබන සැනසීම? (නි)
ගමේ පොදු නාන ළිඳක් තිබුනා. මේක වටේ අඩි හත අටක් උසට තාප්පයක් වගේ ගස් වවලා තියෙනවා. ගමේ කාන්තාවන් බොහොමයක් මෙතනට නාන්න එනවා. එක්තරා ගැටවරයෙක් මේ ගස් වැටට පිටතින් කාන්තාවන් නානකොට හොරෙන් බලන්න පටන් ගත්තා. මේ බව දැනගත් යාලුවෙකුත් මොහු සමඟ පැමිණ බලන්න පුරුදුවුණා. දවසක් මෙහෙම බලා සිටියදී දෙවනුව ආ තරුණයාගේ අම්මයි අක්කයි නාන්න ආවා. දැන් කොල්ලට ලැජ්ජයි ඒ නිසා අනිකට අතින් අල්ලලා යමු කියලා සන්කළත් ගියේ නැහැ. ඒකට තරහ ඇවිල්ලා දෙන්නා රණ්ඩු වුණා. ඒ සද්දේ ළිඳ ළඟ හිටපු ගැහැණු උදවියට ඇහිලා ඇවිල්ලා කොල්ලෝ දෙන්නා අල්ලාගෙන හොඳටම ගහලා එළෙව්වා. (නි)
ඒකත් හොඳ සොයාගැනීමක් තමයි (නි)
අනේ මෙහෙමත් පිස්සු මිනිස්සු? (නි)
ඔච්චර ආස නම් අර සුද්දියෝ නාන මුහුදු වෙරළකට ගියා නම් හරිනේ (නි)
එතකොට කාන්තාවනුත් පෝළිමේ ඇවිල්ලා ඉන්නවද නාන්න? අනේ මට නම් තේරෙන්නේ නැහැ (නි)
මේවා මහ පහත් වැඩ. (නි)
ලොකුවට හිතන මොළේ කචල් කට්ටිය තමයි ඔය පළාතේ වැඩිපුර ඉන්නේ. (නි)
සරත් මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)
මහ නැහැදිච්ච මිනිහෙක්නේ (නි)
බලලා ඇතිවෙන්නේ නැද්ද මන්දා.... (නි)
සරසි, වැදගත් කොල්ලෙක් මේ වගේ කරන්නේ නෑ. නරක මිත්‍ර ඇසුර තමා මුල ඔවාට ඉතින් (ම)
මෙයාට සහ මේවා බලන්ඩ එන එවුන්ට දැකිල්ලත් එක කිති කැවිල්ලක් (බ)
මට නම් ඔය නිරුවත් දැකල සසර කලකිරිලා ඉන්නේ. රස්නේ කාලෙට මෙහෙ ගෑනු ළමයි සරුවාංගෙම එළියේ දමාගෙන ඉන්නේ. කිසිම කෙනෙකුට හොරෙන් බලන්න ඕනේ නෑ. නිතර දකින නිසා කවුරුවත් ඒගැන උනන්දුවක් නෑ. (නදී)
මේවා නොබලා සිටින පිරිස් වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු වෙනවා හොරෙන් මේවා බලන්නේ ප්‍රසිද්ධියේ බලන්නට නොහැකි නිසා ඔවුන් මානසික ලෙඩුන් නොවේ (නදී)
මානසික ලෙඩ්ඩු තමයි (නදී)
නියමයිනේ (නදී)
බණ්ඩාර හොඳ කාරණයක් කිව්වේ. එ් කියන්නේ නිතර දකින කොට මේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලනේ? එහෙනම් ඇයි ලංකාවෙත් එහෙම නොකරන්නේ? (නදී)
මේ කියන නාන කාමරේ කාන්තාවන් නාන්න ඇත්තේ නිරුවතින් විය හැකියි. නාන ඇඳුම් ඇඳගෙන හිටිය නම් රුපියල් 50 ක් ගෙවල බලන්නේ මොකටද? ඔය ඕනෑතරම් කාන්තාවෝ පොදු ලිංවල ගැහැණු පිරිමි එකම වර නානවා නේ. හැබැයි සංවර කාන්තාවක් නම් නාන ඇඳුමක් නැතිව තමන්ගේ බාත්රුම් එකේවත් නාන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. මේ මනුස්සය හොරෙන් බලපු එකත් වැරදියි. නිරුවතින් නෑවා නම් ඒකත් වැරදියි. (නදී)
මේ වගේ නරුමයින් තමයි තිරිසන් වැඩ වැඩි වැඩියෙන් කරන්නේ. (නදී)