පෙරේතකම නිසා සොරෙකුට ආ කාරණයද අමතක වී නිවැසියන්ට හසුවීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේය.
අලුත විවාහ පත්වූ ඔහු පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවයේ නියුතු අතර ඇය වෘත්තියෙන් ගුරුවරියකි. තවමත් වැඩ නිමනොකළ නිවසේ සිට සේවයට යන එම දෙපළ එදිනත් සුපුරුදු රාජකාරි සඳහා පිටත්ව ගියේ උදෑසනිනි. කෙසේ නමුත් ඒ ආසන්න නිවසක සිටින අවිවාහක තරුණයෙකු කල් යල් බලා එම නිවසට එදින දහවල් ඇතුල්වී ඇත්තේ වටිනා කියන දෙයක් අතපත ගාගෙනයාමේ අරමුණින් තවමත් වැඩ නිමනොකළ එම නිවසේ වහලයෙනි.
එසේ නිවසට ඇතුළු වූ පුද්ගලයා නිවසේ ඔබ මොබ ඇවිදිමින් සිටියදී එහි කැබිනට්ටුවක් උඩ තබා තිබූ විදේශයකින් ආනයනය කළ මත් පැන් බෝතලයක් වෙත ඇස ගැටී ඇත්තේ අහම්බෙනි.
ලද සැනින් එය අතට ගත් ඔහු එහි කුස්සියේ උයා තබා තිබූ ඉතිරි වූ අල බැදුමක්ද ගෙන සප්පායම්වීමට පටන්ගෙන ඇත්තේ එම නිවසේ සැටියේ සිට සුව පහසුවෙනි.
විනාඩියෙන් විනාඩිය ගතවන විට, ඔහුටද නොදැනීම එහිම නින්ද ගොස් ඇත්තේ සීමාවද ඉක්මවා මත්පැන් බෝතලයද හිස්වීම හේතුවෙනි.
මේ අතර සේවය නිමවා තම නිවසට පැමිණි එම යුවළ නිවසට ඇතුල්වූ සැනින් දුටු දසුනින් අන්දමන්ද වී ඇති අතර එතෙක් නින්දේ සිටි පුද්ගලයාටද වෙරි සිඳී ඇත්තේ එම යුවළ තමන් ඉදිරියේ සිටිනු දැකීමෙනි.
පසුව වර්තමානයේ රටේ පවතින ආර්ථිකය හමුවේ ජීවත්වීමට ඇති නොහැකියාව නිසා තමන් සොරකමේ පැමිණි බවත් සිදුවූ හා සිදුකළ වරදට අසල්වැසියකු ලෙස හඬමින් සමාව ඉල්ලමින් මින් ඉදිරියට දෑතේ දෙපයේ රැකියාවකින් ජීවත්වන බවට දිවුරා පොරොන්දු වූ ඔහු එම යුවළ හමුවේ පැමිණි වහලයෙන් නොව කලබල වූ තරම කොපමණද කිවහොත් නිවසේ දොරෙන් නොව පොලු නැති ජනේලයෙන් පැන ගියේලු.
කටුගස්තොට ධම්මික ගුණවර්ධන
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වහලෙන් ඇවිත් සූර්වී ජනේලෙන් ගෙදර ගිහින්