රාත‍්‍රී කාලයේ වෙළඳසලක් වසා ගෙදර පැමිණි පසු එම වෙළඳසලේ දුරකථනයෙන් වෙළඳසල් හිමියාට උගුඩුවකු දුරකථනයෙන් කතා කළ පුවතක් දෙනියාය ප‍්‍රදේශයේ වෙළඳසැලකින් වාර්තා විය.
සිද්ධිය මෙසේ ය.
දෙනියාය ප‍්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මොහු සුපුරුදු පරිදි එදිනත් උදෑසන ව්‍යාපාරික ස්ථානයට පැමිණ වෙළඳාම් කටයුතු කර සවස 7.00ට පමණ කඩය වසා තම නිවස බලා කිලෝමීටර් හයක් පමණ දුර සුපුරුදු පරිදි ගියේය.
නිවෙසට ගිය මොහු පුරුදු පරිදි ස්නානය කොට රාත‍්‍රියට ආහාර අනුභව කොට රාත‍්‍රී දහයට පමණ නින්දට ගියේය. හදිසියේම රාත‍්‍රී 10.30ට පමණ වෙළඳසැල් හිමියාගේ ජංගම දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. කලබල වූ මොහු ”මහ රෑ මට කතා කරන්නේ කවුද” කියා බලද්දි දෙළොව රත්විය. තමන්ට කතා කරන්කේ තමන් වසා දමා ආපු තමන්ගේ කඩයෙන් බව දැනගත් මොහු කලබලයට පත්ව කඩය හොරු කඩනවා යයි සිතා මොහුගේ ත‍්‍රීරෝද රථයෙන් කඩය බලා ඉක්මනින් පිටත් වූයේය.
කඩය අසලට ගිය විට කිසිවකු පෙනෙන්නට නැත. ව්‍යාපාරික ස්ථානයේ ඉබි යතුරු දමා ඇත. කඩයේ දොර ඇර බැලූ විට දක්නට ලැබුණේ උගුඩුවෙක් බිස්කට් පැකට්ටුවක් රැුගෙන දුරකථනය උඩ සිටින ආකාරයත්ය.
පසුව තේරුම් ගත් වෙළඳ සල් හිමියා සවස තමන්ගේ ජංගම දුරකථනයට කතා කළේ අවසාන ලෙස තමන්ගේ වෙළඳ සැලේ දුරකථනයෙන් බව දැනගන් ඔහු උගුඩුවාගේ ඇඟට රී ඩයල් බොත්තම එබී තමන්ට කෝල් එක ආ බව තේරුම් ගත් ඔහු වෙළඳ සැල වසා ගෙදර ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලග ගමක ඔය වගේම ඉස්කෝල මහත්තයෙක්ට ඇටි කුකුලෙක් කතා කළා කියනවානේ (නි)
උගුඩුවෙක් බිස්කට් පැකට්ටුවක් රැගෙන දුරකථනය උඩ සිටින ආකාරය දින ගණනක් ගෙවුනද මට මැවි මැවී පෙනේ. (නි)
එතකොට මුදලාලි මොකටද හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ (අ)
එතකොට මුදලාලි මොකටද හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ (අ)
උගුඩුව කෝල් එක අරගන තියෙන්නේ මුදලාලිට ස්ථිති කරන්න.(අ) (
ඔය කියන පළාතේ අත්තන ඇට හරි ලාබයි.(අ)
උගුඩුවො ? ඕක ඔය තරම් හිතන්න ඕනෑ දෙයක් නෙමෙයි උගුඩුවො. (නි)
ඒ පැත්තේ උගුඩුවො හරි දියුණුයිනේ ..! (නි)
කඩේ දුරකතනයෙන් තමාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීම වෙන්න පුළුවන් දෙයක්! අපිත් ඕනේ තරම් ගෙදරදී ජංගම දුරකථනය හොයාගන්න ගෙදර ම අනිකුත් දුරකතනවලින් අමතුන්ම ගත්ත අවස්ථා කොයිතරම්ද? පොත් අස්සෙන්, කලිසන් සාක්කුවලින් ,කිලිටි රෙදි කූඩෙන්නේ රින්ග්ස් ඇහෙන්නේ! මුදලාලිත් කරන්න ඇත්තේ එකමතමයි!(නදී)
උගුඩුවො බිස්කට් කන්නේ නැහැනේ! මේ උගුඩුව අවතාරයක්වත්ද? නැත්නම් මුදලාලිගේ වයිෆ්ගේ කව්රු හරිද? (නි)
ශෂිනි , ජනවහරේ එන්නේ ඇටිකෙහෙල් කාපු රිලවා කිල නෙමෙයි. වෙනත් දෙයක් කාපු රිලවා වගෙයි කියලා. ඕනෑම නම් අයියා කෙනෙක්ගෙන් අහලා බලන්න. අපි නොදන්නා ජනවහර! (නි)
වැඩේ කියන්නේ උගුඩුවා මදලාලි ඇවිල්ලා දොර අරිනකම්ම ෆෝන් එක උඩ හිටියද ? (ස)
හැමෝටම ස්තුති කරනවා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට. ඉෂාර 119 එකෙන් ගන්නේ ඔය පොලිසියේද වැඩ?(නදී)
අද කාලේ බිස්කට් එක එක වර්ග වලින් හදන නිසා ඒ බිස්කට් එක හදල තියන්නේ ඇටි කෙහෙල් වලින්. බිස්කට් එකට සල්ලි දුන්නද දන්නේ නෑ නේද මුදලාලිට. නැත්නම් රෑට රෑට මුදලාලි ඇටි කෙහෙල් බිස්නස් කරනවද ? ඒක දන්නේ මුදලාලියි උගුඩුවයි විතරයි.(නදී)
මදු ඕක ඔය තරම් හිතන්න ඕනේ දෙයක් නෙමෙයි. සමහරවිට එයාගේ දුරකථනය අමතකවෙලා කොහෙද කියලා හොයාගන්න මිස් කෝල් එකක් දුන්න වෙන්න පුළුවනි. දුරකථන 2ක් තිබුන වෙන්නත් පුළුවනි. එහෙම නැත්නම් එයා බිරිදගේ දුරකථනය වෙන්නත් පුලුවනිනේ. මොකද මේ හැම එකකම කඩේ නම්බර් එක තියෙනවනේ.(නදී)
උගුඩුවෙක් වුනත් මිනිස්සුන්ට වඩා වැදගත් විදිහට අයිතිකාරයට කෝල් එකක් දීලම තමයි බිස්කට් එක කාලා තියෙන්නේ. (ස)
අනේ උගුඩුවෝ උඹ රැට නින්දෙන් කෝල් කරනවද මැලිබන් බිස්කට් කන ගමන්. දාන්න ඕන අපේ ටීම් එකට.(නදී)
ආ ....උපවාස කරමින් හාමතේ හිටපු උගුඩුවෙක්ට ලෙමන් පෆ් කන්න හිතිලා එන්න ඇති. මාධ්‍යයටත් දෙන්න අවශ්‍ය නිසා මුදලාලිට කෝල් එක දෙන්න ඇති.(නදී)
උගුඩුවා මොන වගේද ? (ස)
ඔය වගේ සිද්දියක් මෙහෙත් වුණා. ෂොප් එකට හොරු පැන්නොත් පොලිසියටත් ,ගෙදරටත් වදින විදියට ඉලෙක්ට්‍රික් බෙල් එකක් දාලා තිබුනලු. දවසක් රෑ යාමෙට බෙල් වෙලා හනික ,පොලිසියත් ඇවිල්ලා ,අයිතිකාරයත් ඇවිල්ලා බලනවිට බළලෙක්ලු පැනලා තිබුනේ. හැමෝම හිනහා වේවි ගියාලු (නි)
ශෂිනි,මම නම් අහලා තියෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුව වගෙයි කියලා මිසක් රිලවෙක් ගැන නෙමෙයි. මම හිතන්නේ ඔයාට ටැපලිලා නේද..!! (නි)
මටත් දවසක් උගුඩුවෙක් කතා කළා රා බොන්න යන්න (දී)
ඉතින් අපිට මොකෝ.(නදී)
පොලිසියේ මාමාලා නම් උගුඩුවන්ගේ මැන්ගෝ ෆෙන්ඩ්ස්ලා (නි)
සිසිර ඔය උගුඩුව කියන පොර හැමදාම රාබොන ,පොලිසිය හොදට ,ලගින්ම ඇසුරු කරන කෙනෙක්. ඔයා දැකල නැත්තනම් හවසට තැබෑරුම පැත්ත යන්න එන්න. (නි)
සාදාරන උගුඩුවෙක් බිස්කට් පැකට් එකේ බිල ගෙවන්න මුදලාලි එනකන් බලා ඉඳලා බැරිතැන ඇමතුමක් දෙන්න ඇති.(නදී)
අදහස් වලටයි හිනා ගියේ. (නි)
මම නම් කියන්නේ මේක මුදලාලිගේ අමූලික බොරුවක් (නි)
පත්තරේ දාන්න වටින හොඳ දෙයක් (අ)
ඒකා මොකාද දැකලා නැහැ (දී)
අමිල දෙනියාය කොහෙද ?මතුගම කොහෙද?හනේ ...හනේ...අමිල (අ)
මටත් මේ වගේ වැඩක් දවසක් උන,හැබැයි මට කතා කලේ කලවැද්දෙක් (අ)
ඉතා වීරල හා හාස්‍යජනක සිද්දියක්. අසතුටක්, දුකක් ඇති නොවුන "දෙයියෝ සාක්කියක්" මතක විදියට කාලෙකින් පලවුනේ. (නි)
ඇයි දැන් උගුඩුවො ඇටි කෙහෙල් කන එක නතර කරලද ? (නි)
එතකොට මුදලාලි මොකටද හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ? (නි)
මදූ, ජංගම දුරකතනය හොයා ගන්න බැරි වුනාම මමත් 119 එකෙන් හරි මිස් කෝල් එකක් දාලා බලනවා. (නි)
රූමි , ඇටි කෙහෙල් එක්ක කන්න තමයි බිස්කට් එක අරගෙන තියෙන්නේ. (නි)
ගම කනවා.(නදී)
උගුඩුවා මුදලාලි එනකම්ම හිටියා එහෙනම්. (නි)
උගුඩුවා බිස්කට් පැකට් එක ගත්තේ කන්නද දන්නේ නැහැ නේද? හි....හී.... (නි)
මධු මම හිතන්නේ මුදලාලිට දුරකතනය තිබ්බ තැන අමතක වෙලා රිං කරලා හොයන්න ඇති.(නදී)
පත්තරේ දාන්න තරම් වටිනා දෙයක් මේක?(නදී)
ඔය හඳට ගල් ගහපු අය ඉන්න කිට්ටුව ගමක් නේද? (නි)
අමිල ඇත්තම මතුගම හදපාන්ගොඩ නේද ඔය සිද්දිය උනේ. ඔයා කැමති නෑ ඔයාගේ ගමේ දේවල් කියනවට නේද.?(නදී)
හොද ප්‍රශ්නයක් තමා......මුදලාලි මොකටද ජංගම දුරකතනයට ගත්තේ? (නි)
රූම්, ඇටිකෙහෙල් කන්නේ උගුඩුවා නෙමෙයි රිලවා. ජනවහරේ එන කියමනක් වත් දන්නේ නැතිව මෙතන ප්‍රතිචාර දාන්න එනවා.(නදී)
මුදලාලි හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ ඒක දාලා තිබුන තැනින් හොයා ගන්න රින්ග් කට් එකක් විතරයි. (නි)
දැන් තේරෙනවා නේද මුදලාලිලා ටික මොනතරම් කපටි විදියටද වෙලදාම් කරන්නේ කියලා? (නි)
මදූ, ඔයා හරි. මටත් ආපු ප්‍රශ්නය ඒක තමයි (නි)
හොද ප්‍රශ්නයක් මදු. (නි)
මදු ,ඔයා තමා කතාව හරියටම තේරුම් ගත්තේ. අනිත් කට්ටියට නම් ආයුබෝවන්............ අනේ අනේ! (නි)
ඇයි ඒ තරම් වේලාසනින් කඩේ වැහුවේ. ඇයි එයාගේ මොබයිල් එකට එයාගේ කඩෙන්ම ගත්තේ. සෑහෙන්න හිතන්න වෙන වැඩක්. දැන් කාලේ උගුඩුවො බිස්කට් කනවාද? බිස්කට් වල නම සදහන් කළා නම් නේද හොද ?
බොරු කතා...(අ)
එතකොට මුදලාලි මිනිස්සුන්ට විකුනන්නේ රෑට උගුඩුවො ඇවිල්ල විනාස කරලා ජරා කරලා යන බඩුද,,, චී වැඩේ වැරදි නේද ... බලාගෙන ඒ කඩෙන් බඩු ගන්න මිනිස්සුන්ට හැදෙන ලෙඩ හොයාගන්න බැරුව යාවි,,,මහජන තාවට බඩු අලවි කරන තැනක් විදියට මෙවැනි සතුන්ට යන්න බැරිවෙන්න ආරක්ෂා කරන්න ඕන නේද,,,,(අ)
සංජීව, ඔයා පී එච් අයි කෙනෙක්ද? (නි)