IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ශාන්තිකර්මයට ආ යකැදුරා ආතුරයාට බැල්මදාලා

ලස්සන තරුණියකි. පදිංචිය මැදරට ය. වයස අවුරුදු 19කි. විවාහ වී වසරකි. දරුවන් නැත. ඊට පිළියම් සොයා නොගිය තැනක් නැත. බස්නාහිර පළාතේ හොඳ ඇදුරකු සිටින බව ආරංචි වූයේ ඒ අතරය. ඔහුගේ ශාන්තිකර්මයෙන් හරියටම දරුවකු ලබාගත හැකි බව කියැවිණි. නෑයෙක් ඇදුරා සොයා ගියේය. ඇදුරා එක පයින්ම ඊට එකඟ විය. ඇදුරා ලෙඩා ළඟට ගොස් ශාන්තිකර්මය කරන බව කීවේය. ගාස්තුව රුපියල් 25,000කි. රැය පුරා මැතිරීම් කරන්නට සිදුවන බව කීවේය. ඒ සඳහා කළමනා ලැයිස්තුවක් ද ඔහුගෙන් ලැබිණි. යන්තරයක් පැළඳීම ශාන්තිකර්මයේ එක් අංගයකි. නියම කරගත් දවසේ ඇදුරා ගෙදරට ආවේය. ගෙදර කිහිප දෙනකු ශාන්තිකර්මය පටන් ගත්තේය. පැය කිහිපයක් නොයෙකුත් මන්තර කීවේය. දෙහි කැපුවේය. දුම්මල ඇල්ලූවේය. ශාන්තිකර්මයේ දෙවැනි පියවර උදාවිය. එවිට වේලාව මැදියම් රැයට ආසන්න වී තිබිණි. ලෙඩා තනි කළ යුතු බව වැඩිහිටියන්ට දැන්වීය. ආතුරයා ඊට කැමැති නොවීය. එහෙනම් ශාන්ති කර්මය කරන්න බැරි යැයි යකැදුරා කීවේය. ගෙදර අයගේ බලපෑම මත තරුණිය ඊට එකඟ විය. දැන් ගෙදර සිටිනුයේ යකැදුරාත් තරුණියත් පමණි. යකැදුරා මතුරන හඬ ඇසේ. යකැදුරා සිතූ දේ කරගන්නට ආතුරයාගෙන් ඉඩක් නොලැබිණි. අන්තිමේදී ඔහු මහ රෑම ගෙදරින් එළියට බැස්සේය. පොරොන්දු වූ මුදල ද ඔහුට අහිමි විය. යකැදුරා ගිය පසු නෑයෝ කාන්තාව සොයා ආහ. ඇය මොනවදෝ කියවමින් සිටියාය. ඇයට ආරූඩයක් වී ඇතැයි එහි ආ ඇතැමෙක් කීය. මළගිය ප‍්‍රාණකාරයකු වැහිලා යැයි තව කෙනෙකු කීය. යකැදුරාත් සොයා ගැනීමට නැත. යකැදුරා සොයා දුන් කත ද සොයා ගැනීමට නැත.



අදහස් (0)

ශාන්තිකර්මයට ආ යකැදුරා ආතුරයාට බැල්මදාලා

සෑම් Wednesday, 31 October 2012 06:19 AM

යකැදුරා ප්‍රභල පක්ෂයක ලොක්කෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

මනෝජ් Tuesday, 30 October 2012 06:41 PM

කට්ටඩියෙක් නෙමෙයි මෙයා ගැහැණු පිස්සෙක් නැත්නම් පොර කුකුළෙක්(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 29 October 2012 04:28 PM

මෝඩ මිනිස්සු. (නි)

:       0       0

හේමන්ත Monday, 29 October 2012 04:19 PM

ඇති ඔයින් ගියා. ගෑණු ළමයා හොද නිසා හොදයි. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 30 October 2012 12:36 PM

ළමයි හම්බකරන්න දෙයියන්ට නම් කොහොමටවත් බැහැ. හැබැයි කට්ටඩියට නම් සමහරවිට පුලුවන් වෙයි. (නි)

:       0       0

රෝහිත Tuesday, 30 October 2012 12:27 PM

සිරිපාලටත් හරිද මන්දා (ස)

:       0       0

සිල්වා Monday, 29 October 2012 04:55 PM

දෙවියන්ට දැන් යකා නැගලා ඇති. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 29 October 2012 05:14 PM

ලංකාවේ යකැදුරන් සහ සාස්තරකරුවන් දැන් අර ප්‍රාදේශීය සභා සභාපතිලා වගේ. (නි)

:       0       0

ඩයස් Monday, 29 October 2012 06:12 PM

ළමයා ගොඩක් ලස්සන ඇති. (නි)

:       0       0

ඩයස් Monday, 29 October 2012 06:00 PM

ළමයා ගොඩක් ලස්සන ඇති (ස)

:       0       0

හිමාල් Wednesday, 31 October 2012 08:59 AM

අනේ ............... (ස)

:       0       0

සිරිපාල Monday, 29 October 2012 07:01 PM

යකැදුරාගේ වරදක් නැහැ. තොවිල් කළාට ළමයි ලැබෙන්නෙ නැහැනේ. ළමයි ලැබෙන්න කරන්න ඕනෑ දේ තමයි යකැදුරා කරන්න හදන්න ඇත්තේ, ආතුරයා තනි කරලා. ඉතින් ඒකට ඉඩ නොදුන් නිසා මහ රෑම ආපහු යකැදුරා යන්න ඇති උන්දැගේ ගම රට බලා. (නි)

:       0       0

උෂාන් Thursday, 01 November 2012 10:25 PM

මේ කරන්න ගිය වැඩේ වැරදිලා බැරි වෙලා හරි මේ නංගිට ළමයෙක් හම්බඋනානම් දරුව දුන්න දෙවියෝ වෙන්නේ මේ හොර කට්ටඩියා.. එතකොට මේ නංගිගෙ මහත්තයාට මොකද වෙන්නෙ.. එතකොට මහත්තයාට වෙන්නේ දරුව දුන්න දෙවියා හොයන්නද?(නු)

:       0       0

ලාල් ගලබඩ Thursday, 01 November 2012 01:29 AM

යකැදුරෙක් වුණා නම් ඔක්කොටම වැඩිය හොදයි වගේ. (නි)

:       0       0

හේරත් Friday, 02 November 2012 09:19 PM

ඉවසීමක් නැහැනේ.. ඒ යකැදුරාට මොනවත්ම බැහැ... මෝඩයි..(නු)

:       0       0

ලලිත් - කටාර් Monday, 29 October 2012 10:03 AM

මෙහෙම දේවල් රටේ හැමතැනම වෙනවා. ඒත් කිසිම කෙනෙක් ඒවා නතර කරන්න උත්සාහ කරන්නේ නැහැ. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 October 2012 02:58 PM

සිරිපාලගේ කතාවනම් නියමයි..!(නු)

:       0       0

පද්මි Wednesday, 31 October 2012 10:32 AM

අවුරුදු 25න් පස්සේ දරුවන් ලැබුණේ නැත්නම් පමණයි වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ. (නි)

:       0       0

නුවන් Monday, 29 October 2012 10:50 AM

දරුවෙක් දීලාම යන්න හැදුවද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

ඩැරල් Thursday, 01 November 2012 01:30 PM

ගමරාලගේ හරක් හොරකම් කළ හොරෙක්ද මේ ඇදුරා..!(නු)

:       0       0

හේමන්ත Monday, 29 October 2012 08:59 PM

මෙහෙමත් මෝඩ ගෑනු අසරණ වෙන්නේ පිරිමි (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 30 October 2012 03:04 PM

ඔව් ඔව් නන්දන පනාගොඩ, ළමයි නැති අවශ්‍ය ආතුරයන්ට මේවගේ කට්ටඩියෙක් තමයි හරියන්නේ..!(නු)

:       0       0

දුමින්ද Monday, 29 October 2012 09:41 PM

මෙවැනි මෝඩ වැඩවලින් දරුවන් ලැබිය නොහැක.. ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ගත යුතුව තිබුණා... මේ වගේ කට්ටඩියන් ගම්වල සහ නගරවල රජවීමෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කමයි..!(නු)

:       0       0

දයා සෞදි Monday, 29 October 2012 11:49 AM

දරුවව පෙන්නුවාද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සනත් Tuesday, 30 October 2012 03:27 PM

ඇති යන්තම් එක්කෙනෙක් වත් බේරුනා... හැබැයි මේ වගෙ පිසාචයො රට පුරා ඉන්නවා (ස)

:       0       0

සෙනරත් Tuesday, 30 October 2012 03:32 PM

ගැහැණුන්ට මේ වගේ හිංසා නොකරන මිනිසෙක් හොයාගන්න බැරි තරම්.. මේවායින් දුක් විදින්නෙ අසරණ කාන්තාවන්.. නමුත් කොසොල් රජ දුටු සිහිනවල කියවෙන අන්දමට ලෝකයේ ගැහැණු තමයි කවදා හරි මිනිසුන්ව පාලනය කරන්නෙ.. ඒ නිසා ප්‍ර වේශම් වෙන්න.. ගෙම්බන් විසින් නයින් කනවා දුටුවේ ඒ හීනයේ තමයි..!(නු)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Thursday, 01 November 2012 09:16 AM

මම නම් මොකුත් කියන්නෑ.... ඇයි අනේ මේකාලේ මේච්චර දියුණු වෙලත් මේ වගේ ක්‍රම වලට යන්නේ........ ළමයෙක් ඕන තමයි. ඒත් ....., අපි බුද්ධිමත් වියයුතුයි නේද....? පොඩ්ඩක් හිතල බලන්න.....කලින්නුත්... ඔය වගේ සිදුවීම් ඕන තරම් වේලා තියෙනවා.(ස)

:       0       0

නදී Tuesday, 30 October 2012 11:20 PM

අවුරුද්දක් ගියා කියලා තොවිල් කරලා ළමයි හදන්න බැහැ.. හිත සන්සුන් කරගෙන නිරවුල් මනසින් කාලයට ඉඩ දෙන්න ඕන.. කොයි දේටත් වෙලාවක් ඕනනෙ.. කතාවටත් කියනවානේ වෙලාව ආවාම හැමදේම වෙයි කියලා.. හැමෝටම කියන්නේ මෝඩ වැඩ නොකර කාලයට ඉඩ දෙන්න..!(නු)

:       0       0

මනුජ-කටාර් Monday, 29 October 2012 11:01 PM

මෙහම මෝඩ මිනිස්සු නිසා යකැදුරන්ට වාසියි. (නි)

:       0       0

දුරුතු Saturday, 03 November 2012 07:56 AM

තව කල් තිෙයනවානේ හරියට අවුරැද්දකින් ළමයි ලැබෙන්නෙ නැහැ.. (නු)

:       0       0

යොහාන් Monday, 29 October 2012 01:15 PM

මහත්තයට බැරි දේ මම කරන්නම් කියල කියන්න ඇති , කෙසේ වෙතත් ඒ දැරිවිට අපි ගරු කල යුතුයි (ස)

:       0       0

අනුර Monday, 29 October 2012 01:43 PM

මේ තරම් දියුණු යුගයක තවත් මෙහෙම හොරුන්ට, අමනුස්සයන්ට අහුවෙන මෝඩයෝ ඉන්නවද ?? (ස)

:       0       0

රළපනාව Tuesday, 30 October 2012 04:31 PM

අනේ පිස්සු මිනිස්සු (ස)

:       0       0

සිල්වා Monday, 29 October 2012 01:47 PM

යකැදුරන් පස්සේ යන්නේ මෝඩයෝ (ස)

:       0       0

රෝහිත Monday, 29 October 2012 01:52 PM

මේ වගේ දේවල් කීයක් නම් ලංකාදීපයෙන් වාර්තා කළාද? නමුත් මේ මෝඩ මිනිසුන් මේවාට තවමත් රැවටෙනවා. (නි)

:       0       0

චින්තක Tuesday, 30 October 2012 06:29 AM

මෙයාට අවුරුදු දහ නවයයි නම් බැදලාත් අවුරුද්ද නම් ඇයි මේ රට වටේ යන්නේ කට්ටඩින් සොයාගෙන... ඒ අය විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසුනානම් හරිනේ.. ඔහු අනිවාර්යයෙන්ම කියාවි ටිකක් ඉවසන්න වසරක් විතර කියා.. හොද පාඩමක් මෝඩ ජනයාට..!(නු)

:       0       0

වරුණ Tuesday, 30 October 2012 07:40 AM

ඇයි අපේ අය මෙතරම් මෝඩ? (නි)

:       0       0

මහේෂ් කේ.එස්.එ. Thursday, 01 November 2012 06:59 PM

ළමයෙක් ලැබීමට පෙර ඒ සදහා මානසික සුදානමක් අවශ්‍ය්‍යි.. යාග හෝම වලින් වෙලා තියෙන්නේ යක්කු එළවීම නෙමෙයි අදාල පුද්ගලයාගේ මනස සුදුසු තත්ත්තවයට පත් කරන එක.. ගොඩක් දෙනෙකුට අද ළමයි නැත්තේ එයාලාගේ මානසිකව ඇති සුදානම් නැති නිසා.. ගොඩක් අයට ආතතිය නිසා ළමයි නැහැ.. ඒවගේ විවිධ මානසික බලපෑම් තියෙන බවයි මගේ හැගීම.. ඒක නිසා යාග හෝම වලට දොස් කියන එක නරකයි.. ඇත්තටම ඒක සරල මනෝ විද්‍යාත්මක ක්‍රමයක්.. මෙතන තියෙන මිනිස්සුන්ගේ වැරදි..!(නු)

:       0       0

සිල්වා Monday, 29 October 2012 02:28 PM

මෝඩකමට බෙහෙත් නැත. (නි)

:       0       0

ලෙස්ලී Tuesday, 30 October 2012 05:14 PM

රූපවාහිනියයි අයි.ටී.එන්. චැනල් එකයි විතරක් බලන කට්ටිය තමයි මේ.....

:       0       0

සංජීව Monday, 29 October 2012 03:02 PM

යකැදුරාට වැඩේ වැරදුණා වගෙයි. (නි)

:       0       0

ෂිෆා Monday, 29 October 2012 03:05 PM

සෝභිතගේ ගෝලයෙක්වද්ද? (නි)

:       0       0

ෂිෆා Monday, 29 October 2012 03:01 PM

යකැදුරා සොයාදුන් කාන්තාවත් මීට සම්බන්ධද? (නි)

:       0       0

ෂිෆා Monday, 29 October 2012 03:16 PM

මළගිය ප්‍රාණකාරයෙක් ඇයගේ ශරීරයට අරක්ගෙන නම් සුළමුල ඉක්මණින් හෙළි වෙයි. (නි)

:       0       0

ජයී තිසර Wednesday, 31 October 2012 03:26 AM

යකැදුරන්ගෙ කපටි බසට රැවටෙන්නෝ ඇතැයි එමට අනේ ඉතින් අපේ අයට මොළයක් ලැබුණේද කුමට(නු)

:       0       0

වසන්ත Tuesday, 30 October 2012 05:50 PM

යකැදුරා හැදුවෙ ළමයි ලැබෙන විදිය කියලා දිලා හදලා දීලා යන්න වෙන්න ඇති..!(නු)්‍

:       0       0

ඩැරල් ෂෙරිෆ් Monday, 29 October 2012 03:26 PM

බටහිර වෛද්‍යවරුන්ට බැරි දේවල් යන්ත්‍ර මන්ත්‍ර වලින් කරනවා? නමුත් මේවගේ දේවල් කොහොමද කරන්නෙ..?(නු)

:       0       0

කුමාරි Tuesday, 30 October 2012 10:02 AM

තරුණියට තිබුණු මොළය ඒ ගෙදර එක් කෙනෙකුටවත් තිබිලා නැහැ. මේ මිනිස්සු වයසට යන්නේ ඉඩෝරයටද? (නි)

:       0       0

අමිල Friday, 02 November 2012 10:07 AM

තොවිලේ කරන්න තිබුණේ ගෑනු ළමය බැදපු කොල්ලටයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 770 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 749 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2161 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 759 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 975 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 362 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 881 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site