ලස්සන තරුණියකි. පදිංචිය මැදරට ය. වයස අවුරුදු 19කි. විවාහ වී වසරකි. දරුවන් නැත. ඊට පිළියම් සොයා නොගිය තැනක් නැත. බස්නාහිර පළාතේ හොඳ ඇදුරකු සිටින බව ආරංචි වූයේ ඒ අතරය. ඔහුගේ ශාන්තිකර්මයෙන් හරියටම දරුවකු ලබාගත හැකි බව කියැවිණි. නෑයෙක් ඇදුරා සොයා ගියේය. ඇදුරා එක පයින්ම ඊට එකඟ විය. ඇදුරා ලෙඩා ළඟට ගොස් ශාන්තිකර්මය කරන බව කීවේය. ගාස්තුව රුපියල් 25,000කි. රැය පුරා මැතිරීම් කරන්නට සිදුවන බව කීවේය. ඒ සඳහා කළමනා ලැයිස්තුවක් ද ඔහුගෙන් ලැබිණි. යන්තරයක් පැළඳීම ශාන්තිකර්මයේ එක් අංගයකි. නියම කරගත් දවසේ ඇදුරා ගෙදරට ආවේය. ගෙදර කිහිප දෙනකු ශාන්තිකර්මය පටන් ගත්තේය. පැය කිහිපයක් නොයෙකුත් මන්තර කීවේය. දෙහි කැපුවේය. දුම්මල ඇල්ලූවේය. ශාන්තිකර්මයේ දෙවැනි පියවර උදාවිය. එවිට වේලාව මැදියම් රැයට ආසන්න වී තිබිණි. ලෙඩා තනි කළ යුතු බව වැඩිහිටියන්ට දැන්වීය. ආතුරයා ඊට කැමැති නොවීය. එහෙනම් ශාන්ති කර්මය කරන්න බැරි යැයි යකැදුරා කීවේය. ගෙදර අයගේ බලපෑම මත තරුණිය ඊට එකඟ විය. දැන් ගෙදර සිටිනුයේ යකැදුරාත් තරුණියත් පමණි. යකැදුරා මතුරන හඬ ඇසේ. යකැදුරා සිතූ දේ කරගන්නට ආතුරයාගෙන් ඉඩක් නොලැබිණි. අන්තිමේදී ඔහු මහ රෑම ගෙදරින් එළියට බැස්සේය. පොරොන්දු වූ මුදල ද ඔහුට අහිමි විය. යකැදුරා ගිය පසු නෑයෝ කාන්තාව සොයා ආහ. ඇය මොනවදෝ කියවමින් සිටියාය. ඇයට ආරූඩයක් වී ඇතැයි එහි ආ ඇතැමෙක් කීය. මළගිය ප‍්‍රාණකාරයකු වැහිලා යැයි තව කෙනෙකු කීය. යකැදුරාත් සොයා ගැනීමට නැත. යකැදුරා සොයා දුන් කත ද සොයා ගැනීමට නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකැදුරන්ගෙ කපටි බසට රැවටෙන්නෝ ඇතැයි එමට අනේ ඉතින් අපේ අයට මොළයක් ලැබුණේද කුමට(නු)
තරුණියට තිබුණු මොළය ඒ ගෙදර එක් කෙනෙකුටවත් තිබිලා නැහැ. මේ මිනිස්සු වයසට යන්නේ ඉඩෝරයටද? (නි)
ළමයි හම්බකරන්න දෙයියන්ට නම් කොහොමටවත් බැහැ. හැබැයි කට්ටඩියට නම් සමහරවිට පුලුවන් වෙයි. (නි)
සිරිපාලටත් හරිද මන්දා (ස)
සිරිපාලගේ කතාවනම් නියමයි..!(නු)
ඔව් ඔව් නන්දන පනාගොඩ, ළමයි නැති අවශ්‍ය ආතුරයන්ට මේවගේ කට්ටඩියෙක් තමයි හරියන්නේ..!(නු)
ඇති යන්තම් එක්කෙනෙක් වත් බේරුනා... හැබැයි මේ වගෙ පිසාචයො රට පුරා ඉන්නවා (ස)
ගැහැණුන්ට මේ වගේ හිංසා නොකරන මිනිසෙක් හොයාගන්න බැරි තරම්.. මේවායින් දුක් විදින්නෙ අසරණ කාන්තාවන්.. නමුත් කොසොල් රජ දුටු සිහිනවල කියවෙන අන්දමට ලෝකයේ ගැහැණු තමයි කවදා හරි මිනිසුන්ව පාලනය කරන්නෙ.. ඒ නිසා ප්‍ර වේශම් වෙන්න.. ගෙම්බන් විසින් නයින් කනවා දුටුවේ ඒ හීනයේ තමයි..!(නු)
අනේ පිස්සු මිනිස්සු (ස)
රූපවාහිනියයි අයි.ටී.එන්. චැනල් එකයි විතරක් බලන කට්ටිය තමයි මේ.....
යකැදුරා හැදුවෙ ළමයි ලැබෙන විදිය කියලා දිලා හදලා දීලා යන්න වෙන්න ඇති..!(නු)්
කට්ටඩියෙක් නෙමෙයි මෙයා ගැහැණු පිස්සෙක් නැත්නම් පොර කුකුළෙක්(නු)
අවුරුද්දක් ගියා කියලා තොවිල් කරලා ළමයි හදන්න බැහැ.. හිත සන්සුන් කරගෙන නිරවුල් මනසින් කාලයට ඉඩ දෙන්න ඕන.. කොයි දේටත් වෙලාවක් ඕනනෙ.. කතාවටත් කියනවානේ වෙලාව ආවාම හැමදේම වෙයි කියලා.. හැමෝටම කියන්නේ මෝඩ වැඩ නොකර කාලයට ඉඩ දෙන්න..!(නු)
ඇයි අපේ අය මෙතරම් මෝඩ? (නි)
යකැදුරා ප්‍රභල පක්ෂයක ලොක්කෙක්ද දන්නෙ නැහැ. (නි)
අනේ ............... (ස)
අවුරුදු 25න් පස්සේ දරුවන් ලැබුණේ නැත්නම් පමණයි වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ. (නි)
යකැදුරෙක් වුණා නම් ඔක්කොටම වැඩිය හොදයි වගේ. (නි)
මම නම් මොකුත් කියන්නෑ.... ඇයි අනේ මේකාලේ මේච්චර දියුණු වෙලත් මේ වගේ ක්‍රම වලට යන්නේ........ ළමයෙක් ඕන තමයි. ඒත් ....., අපි බුද්ධිමත් වියයුතුයි නේද....? පොඩ්ඩක් හිතල බලන්න.....කලින්නුත්... ඔය වගේ සිදුවීම් ඕන තරම් වේලා තියෙනවා.(ස)
ගමරාලගේ හරක් හොරකම් කළ හොරෙක්ද මේ ඇදුරා..!(නු)
ළමයෙක් ලැබීමට පෙර ඒ සදහා මානසික සුදානමක් අවශ්‍ය්‍යි.. යාග හෝම වලින් වෙලා තියෙන්නේ යක්කු එළවීම නෙමෙයි අදාල පුද්ගලයාගේ මනස සුදුසු තත්ත්තවයට පත් කරන එක.. ගොඩක් දෙනෙකුට අද ළමයි නැත්තේ එයාලාගේ මානසිකව ඇති සුදානම් නැති නිසා.. ගොඩක් අයට ආතතිය නිසා ළමයි නැහැ.. ඒවගේ විවිධ මානසික බලපෑම් තියෙන බවයි මගේ හැගීම.. ඒක නිසා යාග හෝම වලට දොස් කියන එක නරකයි.. ඇත්තටම ඒක සරල මනෝ විද්‍යාත්මක ක්‍රමයක්.. මෙතන තියෙන මිනිස්සුන්ගේ වැරදි..!(නු)
මේ කරන්න ගිය වැඩේ වැරදිලා බැරි වෙලා හරි මේ නංගිට ළමයෙක් හම්බඋනානම් දරුව දුන්න දෙවියෝ වෙන්නේ මේ හොර කට්ටඩියා.. එතකොට මේ නංගිගෙ මහත්තයාට මොකද වෙන්නෙ.. එතකොට මහත්තයාට වෙන්නේ දරුව දුන්න දෙවියා හොයන්නද?(නු)
තොවිලේ කරන්න තිබුණේ ගෑනු ළමය බැදපු කොල්ලටයි (ස)
ඉවසීමක් නැහැනේ.. ඒ යකැදුරාට මොනවත්ම බැහැ... මෝඩයි..(නු)
තව කල් තිෙයනවානේ හරියට අවුරැද්දකින් ළමයි ලැබෙන්නෙ නැහැ.. (නු)
බටහිර වෛද්‍යවරුන්ට බැරි දේවල් යන්ත්‍ර මන්ත්‍ර වලින් කරනවා? නමුත් මේවගේ දේවල් කොහොමද කරන්නෙ..?(නු)
දරුවෙක් දීලාම යන්න හැදුවද දන්නෙ නැහැනේ. (නි)
දරුවව පෙන්නුවාද දන්නෙ නැහැ..!(නු)
මහත්තයට බැරි දේ මම කරන්නම් කියල කියන්න ඇති , කෙසේ වෙතත් ඒ දැරිවිට අපි ගරු කල යුතුයි (ස)
මේ තරම් දියුණු යුගයක තවත් මෙහෙම හොරුන්ට, අමනුස්සයන්ට අහුවෙන මෝඩයෝ ඉන්නවද ?? (ස)
යකැදුරන් පස්සේ යන්නේ මෝඩයෝ (ස)
මේ වගේ දේවල් කීයක් නම් ලංකාදීපයෙන් වාර්තා කළාද? නමුත් මේ මෝඩ මිනිසුන් මේවාට තවමත් රැවටෙනවා. (නි)
මෝඩකමට බෙහෙත් නැත. (නි)
යකැදුරාට වැඩේ වැරදුණා වගෙයි. (නි)
සෝභිතගේ ගෝලයෙක්වද්ද? (නි)
යකැදුරා සොයාදුන් කාන්තාවත් මීට සම්බන්ධද? (නි)
මළගිය ප්‍රාණකාරයෙක් ඇයගේ ශරීරයට අරක්ගෙන නම් සුළමුල ඉක්මණින් හෙළි වෙයි. (නි)
මෙහෙම දේවල් රටේ හැමතැනම වෙනවා. ඒත් කිසිම කෙනෙක් ඒවා නතර කරන්න උත්සාහ කරන්නේ නැහැ. (නි)
මෝඩ මිනිස්සු. (නි)
ඇති ඔයින් ගියා. ගෑණු ළමයා හොද නිසා හොදයි. (නි)
දෙවියන්ට දැන් යකා නැගලා ඇති. (නි)
ලංකාවේ යකැදුරන් සහ සාස්තරකරුවන් දැන් අර ප්‍රාදේශීය සභා සභාපතිලා වගේ. (නි)
ළමයා ගොඩක් ලස්සන ඇති. (නි)
ළමයා ගොඩක් ලස්සන ඇති (ස)
යකැදුරාගේ වරදක් නැහැ. තොවිල් කළාට ළමයි ලැබෙන්නෙ නැහැනේ. ළමයි ලැබෙන්න කරන්න ඕනෑ දේ තමයි යකැදුරා කරන්න හදන්න ඇත්තේ, ආතුරයා තනි කරලා. ඉතින් ඒකට ඉඩ නොදුන් නිසා මහ රෑම ආපහු යකැදුරා යන්න ඇති උන්දැගේ ගම රට බලා. (නි)
මෙහෙමත් මෝඩ ගෑනු අසරණ වෙන්නේ පිරිමි (අ)
මෙවැනි මෝඩ වැඩවලින් දරුවන් ලැබිය නොහැක.. ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ගත යුතුව තිබුණා... මේ වගේ කට්ටඩියන් ගම්වල සහ නගරවල රජවීමෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කමයි..!(නු)
මෙහම මෝඩ මිනිස්සු නිසා යකැදුරන්ට වාසියි. (නි)
මෙයාට අවුරුදු දහ නවයයි නම් බැදලාත් අවුරුද්ද නම් ඇයි මේ රට වටේ යන්නේ කට්ටඩින් සොයාගෙන... ඒ අය විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසුනානම් හරිනේ.. ඔහු අනිවාර්යයෙන්ම කියාවි ටිකක් ඉවසන්න වසරක් විතර කියා.. හොද පාඩමක් මෝඩ ජනයාට..!(නු)