කුකුළා හැඬලීමටත් පෙර අවදි වී බත්මුල් ඔතා වතුර බෝතල් පුරවා තබා අවදිකරගත් පුංචි දරුවන් ශිෂ්‍යත්ව අමතර පන්තිවලට කැඳවාගෙන ගියේ කෙසේ හෝ ලොකු ඉස්කෝලයක් ලබා ගැනීමේ නම්බුව තමන්ට ද හිමිකර ගැනීමේ ආශාවෙන් සිටි මව්වරුන් පිරිසකි.
ලහි ලහියේ උදේ අවදි වී තම දරුවන් සූදානම් කරගත් ඔවුහු උදේ හතරේ සිට අමතර පන්තිවලට දරුවන් රැගෙන ගියහ.
මේ අපේ මහත්තයට යාළුවෙක් හොඳ ප‍්‍රශ්න පත‍්‍ර සෙට් එකක් දීලා ඒ ”සර්” තමයිලූ ගිය සැරේ වැඩිම ලකුණු ගත්තු ළමයින්ට උගන්වලා තියෙන්නේ.
එවැනි උදාර වදන් කියමින් අගය කළ තැනැත්තියක් දිනක් අමතර පන්තියක ගේට්ටුවක් අසලදී ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලයක් අනෙක් මව්වරුන්ට පෙන්වීය.
එසේ කියූ සැණින් එක් කාන්තාවක් වහා ක‍්‍රියාත්මක වී හරි හරි අනේ මේවා ෆොටෝ කොපි කරල අපේ ළමයි දෙන්නා තුන්දෙනාට දෙමු.
එසේගත් තීරණයකට පසුදිනම ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල කිහිපයක් ලහි ලහියේ එක් කාන්තාවකගේ වියදමින් ඡායාපිටපත් කොට රහසේ තම දරුවන් අතර බෙදා ගත්තේය.
එදින නිවෙසට ගොඩ වූ සැණින්ම දරුවන් මේස මතට ගාල්කොට රහසේ පිටපත් කරගත් ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමට දරුවන් යොමු කළේය.
සෙල්ලම්කරන වයසේ සිරකරුවන් වූ දරු පිරිසද ඇඟ හිරි අරිමින් පෑන් අගිසි විකමින් මව්වරුන්ගේ අණසකට ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු ලිවීම ආරම්භ කළහ.
ටික වේලාවක් ගතවිය. අම්මේ මොකක්ද අම්මේ එක ප‍්‍රශ්න පත‍්‍රයක උත්තර සේරම පුරවලානේ......
ප‍්‍රශ්න පත‍්‍රයට ලිවීමට විධානය දී මුළුතැන්ගෙයි කටයුත්තක නිරතව සිටි එක් මවක් අමතා දරුවකු එසේ අසද්දී ආ.... ඒවා අතහැරල අනෙක් ඒවා ලියන්නකෝ.... ඇය හොද්ද හැඳිගාන ගමන් එසේ කීවාය.
අම්මේ විවාහක අවිවාහක බව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කසාද බැඳලද නැද්ද කියන එකනේ.....
තවත් ටික වේලාව්ක් ගත විය.
අම්මේ සාක්ෂිකරුවෝ කියන්නේ කවුද එවිට මව මදක් කලබලයට පත්වූවාය. මොනවා ඕවාත් ඔය ප‍්‍රශ්න පත‍්‍රයේ තියෙනවාද ඔව් ඔව් අම්මේ ඒකනේ මම කිව්වේ මේක උත්තර ලියපු ප‍්‍රශ්න පත‍්‍රයක් කියලා.
ඇති වූ සැකය දුරුකර ගැනීමට ඇය පුතුගේ ප‍්‍රශ්න පත‍්‍රයට එබී බැලීමට සිතුවාය.
ජංජාලයයි!
ප‍්‍රශ්න පත‍්‍රය සමග කාගේදෝ විවාහ මංගල සහතිකයකුත් අමුණා තිබුණි.
එය ඡුායා පිටපතකි. සිදුවී ඇති කරුණු සැණින් වටහාගත් ඇය වහා මව්වරුන් කිහිප දෙනෙකුට දුරකථන ඇමැතුම් ලබා ගත්තාය.
ඒ සියල්ලන්ටද විවාහ මංගල සහතිකය ඡායා පිටපතක්ද ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය සමඟ ලැබී තිබුණි.
ප‍්‍රශ්න පත‍්‍ර ඡායා පිටපත් කළ ස්ථානයේ සේවකයකු වෙනත් අයකුගේ ඡුායා පිටපතක් ද මේ සමග අමුණා තිබීම එයට හේතුව වී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතී අක්ක දිසානායකගේ කසාද සහතිකේ ගැන ඔයතරම් දන්නේ ඔයා රට යන්න ඉස්සර දිසානායකද බැදල හිටියේ. කොහොම හරි අපේ දිසා බේරුනා.(නදී)
ඇයි දිසානායක, ඊට වැඩ හොඳ නැද්ද රූපවතී අක්කව සුළුමව තනතුරේ පිහිටවෙව්වා නම්! (නි)
මට හිතෙනවා රූපවතිව මගේ උපදේශක හෙවත් පුරෝහිත තනතුරේ පිහිටවන්න (නි)
දිසානායක මල්ලි ...දරුවා පාස් වුනත් !ෆේල් වුනත් ! ඒක නෙමේ වැද ගත්..? දරුවාව ඒ සඳහා යොමු කිරීමයි වැදගත්, අනික ඔයාලා මානසිකව වැටෙනවා කිසිම තේරුමක් නැතිව ,ඔය ශිෂ්‍යත්ව විභාගේ පාස් වුනොත් ඔයා හිතන්නේ සේරම සම්පුර්ණයි කියලද ..? නැහැ දිසානායක, දරුවාව ඒ දේට යොමු කිරීම හොඳයි. දරුවා යම් දෙයක් අධ්‍යනය කරනවා ,එත්! "ඕ ලෙවල් " පාස් කළේ නැතිනම් "ඒ ලෙවල් " කරන්න බැහැ, ඒ ලෙවල් නැති වුනොත් යුනිවර්සිටි යන්න බැහැ . මේවයි දරුවා පාස් කර ගන්න ඕන ...? ඒ වයස් වෙනකොට දරුවන් ළඟින් සිට උනන්දු කරවන්න... දැන්ම සිට, ඒ වෙනුවෙන් සිතන්න ...? අපිට දරුවන්ගේ ජීවිත දිහා බලලා සැනසෙන්න පුළුවන් කියලා....හිතන්න ...!!! ඔයාගේ දරුවා හොද බුද්ධිමතෙක් වෙනවා ෂුවර් උතුම් මිනිස්කම් සමඟන් .. දරුවට බුදු සරණයි ..විභාගෙන් පාස් වෙන්න දේවාශිර්වාදය ලැබේවා...!! (ස)
දිසානායක මල්ලි හිටියේ මට පහළ පන්තියේ ...?ඒ කාලේ දිසානායකට අපි එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ...අල්ලපු මෙසේ හිටියා 5 හේ 4 රේ ,බුසල් බාගයක් ,ඕකි එක්කමනෙ කදේ..? තාමත් මගේ හිතේ ආදරේ ඒකිට ...දිසානායක හොද කොලුවා ...? (ස)
නාමල් රූපවති බැඳ ගත්තා නම් මට වෙන්නේ එයාගේ ගෙදර ඉන්න රෝස් කරපු කුකුළට වුණ දේ තමයි. (ස)
මේ විදෙස්ව ල සේවය කරන හැම සොයුරු සොයුරියකගෙන්ම ඉල්ලන්නේ, හිතන්න ඇයි විදෙස් ගත වුනේ කියලා. තමන් යම්කිසි අභිප්‍රායක් සිතේ මුදුන් කරගෙනයි විදෙස් ගත වුනේ. දැන් සිතන්න ..ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලාද කියලා, ගෙව්ව කාල පරිච්චේදය සැහීමකට පත් වෙන්න පුලුවන් නම් තවත් මාස කීපයක් වැඩ කර අමතර මුදලක් හොයාගෙන ,දරුවන් බලලා නැවත කෙටිකලකට රැකියාව කරන්න එන්න. ඔයාලා කවදාවත් මානසිකව ඇද වැටෙන්න එපා. එකින් එක තියන ප්‍රශ්ණ විසදගන්න. අනික මුදල්ම කියලා සැමදාමත් දරුපවුලෙන් ඇත්වෙලා ඉන්නත් එපා. සුළුවෙන් ජීවත් වෙන්න යමක් කරන්න. නැත්නම් ජීවිතේ හිස්ම හිස්. ඔයාලා සැමෝටම සතුට පිරි දීප්තිමත් අනාගතයක් ලැබේවා! (නි)
ශිෂ්‍යත්ව විභාගේ දවසේ සමහර විභාග මධ්‍යස්ථාන වල යම් යම් දුර්වලතා පැන නැගී තියනවා.දරුවන්ට ප්‍රශ්න පත්තරේ බෙදලා විනාඩි 15 කින් යලිත් එකතු කරගත් විභාග මධ්‍යස්ථානයකුත් ඒ අතර තියනවා .මීට වඩා මේ දරුවන්ගේ මානසිකත්වය ගැන බලධාන් සහ නිලධාරීන් සැලකිලිමත් වෙනවා නම් වටිනවා ..මන්ද මේ සිදුවු අතපසු වීම ඒ ඒ දරුවන්ගේ අනාගතය කෙරෙහි ඍජුවම හෝ වක්‍රව බලපානවා . (ස)
දිසානායක කෝ? රූපවති ඇවිල්ලා (නි)
අර බලු හාමිලාගේ විවාහ සහතිකය වෙන්න ඇති. (නි)
කාලෙකින් හොඳ දෙයියෝ සාක්කියක්.. (ස)
රුපවති, ශිෂ්‍යත්වය දවසේ 25 වෙනිදා පාන්දර 4.30 මට දුරකථන ඇමතුමක් ආවා. මම හොදටම නිදි මගේ පුතා කතා කරලා කිවා තාත්තේ අද මට විභාගේ මම දැන් යනවා කියලා. මම එයාට සුබ පැතුවා. එදාටවත් දරුවා ලග ඉන්න තරන් අපි පින් කරලා නැහැ නේද කියලා මගේ හදවත කඩාවැටුනා .මම වගේ අම්මල තාත්තලා කි දෙනෙක් එදා එහෙම හිතන්න ඇතිද?(නදී)
රුපවති මේ නිව්ස් එක දැක්කහම මට මගේ දරු පැටියා මතක් උනා. එයත් මේ 25 වැනි දින ශිෂ්‍යත්වය ලිව්වා. මගේ දරුවා දක්ෂයි. නමුත් එයා පාස්වෙන එකක් නැතිවෙයි කියලා මට හිතෙනවා ......මොකද එයා වැඩි පුර හිටියේ හොස්පිටල් එකේ. එයාට මුත්‍රා සමග ප්‍රෝටීන පිටවන රෝගයක් තියනවා . ඒ හැම දේටම මුහුණ දෙන්න මම රට ආවා. ලන්කදීාපයත් එක්ක එකතුවෙලා රට හදන්න කෑගැහුවට...ඔයාල හැමෝමත් එක්ක යමක් ලියල විනෝද උනාට ..මමත් සමහර තාත්තල ...හිතින් අඩන මිනිහෙක්. රෑපවති ලියපු ලිපිනය අවුරුදු 26 කට එහා මතකයකට මාව අරන් ගීයා..එහෙම සබැ පසුබිමක් අපිට තිබුන .අපි පොලවේ පය ගහල අසරණ විදිහට හැදුන මිනිස්සු. අපි රටට යමක් .කලා. දැන් තියෙන්නේ කන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ගෙන ඉන්න විතරයි.(නදී)
අනේ හැමෝමල... බලන්න අපේ දිසානායක මල්ලිගේ කසාද සහතිකේ...! ඒකවද්ද කියල ..?නම ඇති උඩින්ම .ලිපිනය මතකේ හැටියට ...(වැව ඉස්මත්ත ,කටුමැටි නිවස,පටු අඩිපාර , හිබුටුගාල)අනේ හොදට බලන්න,ඒකමනම් පරිස්සම් කරලා දිසානායක මල්ලිටම දෙන්න ....? (දී)
කතාව නම් ඒ විදියටම වෙන්න ඇති (නි)
දෙයියෝ සාක්කි! අනේ දෙවියනේ අපේ රටේ පුංචි පැටව්! (ස)
දෙයියෝ සාක්කිම තමයි මේවා නම්, (ස)
ඔය විභාගෙට අම්මලා මහන්සිවෙන තරම ඕකෙන්ම පේනවනේ. මොකටවත් නෙවේ "පොඩි එකා ලොකුම තැනකට යවන්න තමා". අනෙක් තීරණාත්මක විභාග වලදී අපේ දෙමුපියන්ට ළමයින්ට කරන්න පුළුවන් බලපෑම හරිම අඩුයිනේ. ඒ අතින් දෙමුපියන් පව්. මේ අතින් ළමයි පව්. (ස)
මේකට නම් ඇත්තමයි ''දෙයියෝ සාක්කි'' (ස)
විවාහ සහතිකය නිසාම හොදට ගියා. බැරි වෙලාවත් විවාහ සහතිකයත් එක්ක දෙන පොත් පිංච හෝ අත් පත්‍රිකාවත් පොටෝ කොපි කරලා තිබුනා නම් තමයි අම්මලාට දවල් තරු පෙනෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ (නි)