IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ශිෂ්‍යත්ව පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයට අපූරු උත්තර දීලා

පසුගිය දා පැවැති පහවසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෙරහුරුව සඳහා දකුණේ ප‍්‍රකට ආයතනයක් දරුවන්ට ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදී පිළිතුරු සැපයීමට අවස්ථාව දී තිබුණි. මේ සඳහා තම දරුවන් යොමුකළ මාපියන් ආයතනය ඉදිරිපිට සිටි අතර පිළිතුරු ලියා අවසන්ව ආ දරුවකුගෙන් ලියූ පිළිතුරු ගැන ද විමසීය. ”අපෝ හරිම ලේසියි. අම්මගෙ තාත්තගෙ නමත් අහල තිබුණා” දරුවකු කීවේ ප‍්‍රශ්න පත‍්‍රයද පෙන්වමිනි. මව පුදුමයට පත්ව ප‍්‍රශ්න පත‍්‍රය දෙස බැලූවාය. එහි එක් ප‍්‍රශ්නයක ඉහළින් දුටුගැමුණු රජතුමාගේ යන්න ලියා ඒ යටතේ පළමු අංකයෙන් පියාගේ නම සහ දෙවන අංකයෙන් මවගේ නම අසා තිබුණි. ප‍්‍රශ්නයේ ඉහළින් තිබූ දුටුගැමුණු රජතුමාගේ යන්න නොකියවූ දරුවා තම පියාගේ නම සහ මවගේ නම ලියා තිබූ බව දැනගත් මේ මවට දෙවියන් සිහි වුනාලූ.



අදහස් (0)

ශිෂ්‍යත්ව පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයට අපූරු උත්තර දීලා

රුවන් Wednesday, 26 September 2012 06:50 PM

ශිෂ්‍යත්වයට බනින අය අපේ ළමයින්ට ඉස්කෝල දෙන්නේ නැනේ. බොරු ලිපින නොදා, පගා නොදී හොඳ ළමයකුව හොඳ ඉස්කෝලෙකට දාගන්න ටිකක් හරි පුළුවන් ලංකාවේ තියෙන එකම ක්‍රමය මේක තමයි. මේකට බනින වැඩි හරියක් දක්ෂයෙකුට ඉස්සරහට එන්න නොදෙන මිනිස්සු. අනෙත් අය එක තේරුම් ගන්න බැරුව රැල්ලට බනින අය. (නි)

:       0       0

සුමුදු Thursday, 27 September 2012 08:41 AM

පුංචි දරුවෙක්ගේ වැරැද්දක්නේ .සමච්චලයට ලක්කරන්න එපා...(ස)

:       0       0

පබිදු Thursday, 27 September 2012 05:05 PM

පුවත් දිහා බලලා නම් රටේ අධ්‍යාපනය ගැන නිගමන වලට එන්න එපා. එක හරිම පටු අවස්ථාවාදී වැඩක්. රටේ අධ්‍යාපනය මනින්න ඕනෑ නම් ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා තියෙනවා ඉන්ටෙර්නෙට් එකේ අරගෙන බලන්න. අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මකව පහු බසින්න ප්‍රධානම හේතුවක් වී තිබෙන අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව ගැන ඒකෙන් දැනගන්න ලැබෙයි. හැබැයි ඉතින් පටු දේශපාලන වාසි ගන්න මේ වගේ අහිංසක ළමයෙක්ගේ පුංචි අත් වැරදීමක් උපයෝගී කරගන්න එපා. එහෙම වුණොත් ඔබතුමන්ලත් විහිලු සපයන්නෝ වේවි. (නි)

:       0       0

දේශික Wednesday, 26 September 2012 07:10 PM

ඇත්තටම මේ විභාගය නිසා අපේ දරුවන් විශාල ලෙස මානසිකව හා ශාරීරිකව අගතියට පත්වෙනවා. හුරතල් වයසේ පසුවන අපේ දරුවන් මේ විදිහට පිඩාවට පත්කිරීම හොදද? මගේ අදහස වන්නේ රටේ සියලුම පාසල් වලට වුවමනා පහසුකම් හා සම්පත් ලබාදිය යුතුයි. එසේ නොවන්නේ නම් තවත් අවුරුදු කිහිපයකදී අපේ දරු පරපුර මානසික රෝගවලට පත්වීම අපහට නොවැළැක්විය හැකියි. තරඟ විභාග වලට අපේ දරුවන් හුරු කළයුතු වන්නා සේම දරුවන්ගේ මානසික වර්ධනය ගැනත් මීට වඩා සැළකිළිමත් වියයුතු නොවන්නේද? මෙහිදී අපගේ පවුල් සංස්ථාව කෙරෙහිද අනියම් අන්දමින් යම් බලපෑමක් ඇතිවන බව නොකියාම බැරි කරුණක්. තවත් විශේෂම කාරණයක් වන්නේ අපගේ බාල දරුවන් කෙරෙහි එකී දෙමවුපියන්ට කාලය වෙන් කිරීමට ඇති නොහැකියාවයි. (නි)

:       0       0

යොහාන් Wednesday, 26 September 2012 01:13 PM

කොයි දුටුගැමුණු ගැනද දන්නේ නෑ අහලා තිබුණේ ??(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 September 2012 07:27 PM

ඇයි... ඉස්සර මුනිදාස කුමාරතුංග මහතා ගැන ඇසුවහම විජය කුමාරතුංග මහතා ගැන ලියලා තිබුණේ. (නි)

:       0       0

සුරේෂ් Tuesday, 02 October 2012 10:39 AM

ඔය ශිෂ්‍යත්වයට බණින මිනිස්සු අපේ ළමයින්ට පාසලක් හොයලා දෙනවද? දුප්පත් අපිට තියෙන එකම සරණ මෙච්චරයි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 26 September 2012 01:30 PM

ඔන්න දැන් හැදෙන ළමයි

:       0       0

රාජා Sunday, 30 September 2012 01:39 PM

අනේ පවු ,අසරණ දරුවා ! (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 27 September 2012 09:41 AM

අපෝ ඔවා නම් මොනවද?? මගේම වැඩිමහල් සහෝදරයා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේම ලියල තියෙනවා මට පියාපත් ලැබුනොත් කියන මාතෘකාවට , බාප්පා රට ගියා , නැන්දා රට ගියා මටත් ඒ වගේ යන්න පුළුවන් උනොත් කොච්චර හොඳද කියල.. ඒ නිසාද මන්ද ඔහුට ලකුණු කිහිපයක් මදි වෙලා සමත් වෙන්න...අද ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.... මම නම් හිතන්නේ ඕක ගැලපෙන්නේ විහිලු කොලමටයි.. දෙයියෝ සාක්කි....ඔය වගේ දෙයකින් අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙලා... ළමයින්ගේ ආතතිය වැඩි වෙලා වගේ නිගමන වලට එන එකනම් හරි නිර්ණායකයක් නෙමේ. සුළු අත්‍ වැරද්දක්.... (ස)

:       0       0

රුක්ෂාන් Wednesday, 26 September 2012 07:34 PM

මෙයාලා රට ගිහින් ඇවිත් ඇමතිලා වුණත් වෙන්න පුලුවන්. (නි)

:       0       0

නිමල් Wednesday, 26 September 2012 02:43 PM

අහිංසක දරුවන් පත්ව ඇති පීඩනය ලංකාවේ අධ්‍යාපනය කරවන බළධාරීන්ට දැන්වත් තේරෙනවද ? (ස)

:       0       0

අනුර Wednesday, 26 September 2012 02:43 PM

වහාම ඇමති මණ්ඩලයට පත්කරලා අධ්‍යාපන ඇමතිකම ලබා දෙන්න.(ස)

:       0       0

සජී Wednesday, 26 September 2012 02:40 PM

යොහාන් හිතන්නේ කවුරු ගැන ඇහුවා කියලද ? (ස)

:       0       0

දිලිප් Wednesday, 26 September 2012 08:24 PM

සාමාණ්‍යයෙන් පොඩි දරුවන් අතින් සුළු සුළු අතපසුවීම් වෙනවා තමයි.. ඒ ළමයා පුංචි දරුවෙක්..(නු)

:       0       0

යොහාන් Wednesday, 26 September 2012 03:11 PM

ඔයා හරියටම දන්නවනේ මම කියන්නේ කවුද කියලා..(ස)

:       0       0

සනත් Wednesday, 26 September 2012 03:24 PM

අනිවාර්‍යයෙන් දේශපාලනයට ගැලපෙන දරුවෙක්..(ස)

:       0       0

වසන්ත Sunday, 30 September 2012 03:34 PM

ශිෂ්‍යත්ව ක්‍රමය හොදයි. 8 වසරටත් මෙහෙම විභාගයක් තිබ්බොත් ඉස්කෝලෙකට දාගන්න තව ලේසියි. (නි)

:       0       0

ක්‍රිශාන් Friday, 28 September 2012 01:08 PM

පෙරහුරුවක් කියන්නෙ ඉතින් මේවටනෙ, නියම විභාගෙදි ප්‍රශ්න හරියට කියවන්නවත් මතක් වේවි. (ස)

:       0       0

රණා Wednesday, 26 September 2012 03:42 PM

ඔය බොරු. එහෙම දෙයක් වෙලා නෑ . (ස)

:       0       0

පානදුර Friday, 28 September 2012 06:07 AM

අයියෝ සල්ලි

:       0       0

රවීන්ද්‍ර Wednesday, 03 October 2012 10:28 AM

ඉතින් දෙවියනේ මේකට ළමයට දොස් කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

gayani Wednesday, 26 September 2012 10:16 PM

ජපන් ,චීන, කොරියා වගේ රටවල ළමයිනුත් මේ වයසට මීට වඩා විභාග කරනවා (අ)

:       0       0

සංජු Thursday, 27 September 2012 07:28 PM

අනේ පොඩි දරුවට වැරදි කියන්න එපා.. ඒ ළමයාගේ මොලේට බර වැඩිකරන්නේ අම්මලා..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:50 PM

දරුවන්ට ඉතිං පොඩි පොඩි වැරදීම් වෙනවා. (නි)

:       0       0

රුක්ෂිමා Wednesday, 26 September 2012 09:45 AM

රටේ අනාගතේ දැන් සුනඛයට ගිහින්....(ස)

:       0       0

සරත් Wednesday, 26 September 2012 10:03 AM

ඔය විභාගය කොහොමත් අම්මලාගෙනේ..(ස)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 10:12 AM

ඒක ඒ ළමයගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක් , .FM වල ඇහෙන සින්ග්ලිෂ් නිසාත් දරුවන්ගේ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගෙත් තේරුම්ගැනීමේ හැකියාව හීන වෙලා..(ස)

:       0       0

දයා, සෞදි Wednesday, 26 September 2012 11:01 AM

ප්‍රශ්න හදන අය දරුවන්ට ‍තේරෙන ආකාරයෙන් ඒවා සකස් කළ යුතුයි (නි)

:       0       0

අහිංසා Wednesday, 26 September 2012 11:22 AM

මෙතනදී ළමයාට හෝ එෆ්.එම්. නාලිකාවට බැණලා වැඩක් නැහැ (නි)

:       0       0

එරංජන් Monday, 17 February 2014 08:23 PM

අනේ දෙයියනේ මෙහෙමත් අය ඉන්නව ද (අ)

:       0       0

එරංජන් Monday, 17 February 2014 08:25 PM

වැඩිහිටියන්ගෙත් තේරුම්ගැනීමේ හැකියාව (අ)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 26 September 2012 06:22 PM

ඒ ප්‍රශ්න පත්‍රයේ දුටුගැමුණුගේ පුතා ගැන අහලා තිබුණේ නැද්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 27 September 2012 04:17 AM

අම්මා නම් ජෝර්මාන... තාත්තා නම් අඩමාන... කියලයි නූතන ළමයි නම් උත්තර ලියන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 27 September 2012 07:33 AM

එයා දුටුගැමුණු කියලා හිතුවා වත්ද ?(ස)

:       0       0

ශාන් Friday, 28 September 2012 04:03 PM

පුබුදු මම ඔයත් එක්ක එකඟයි (ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 10:23 PM

මේක දුටුගැමුණු රජ සමයේ වුණානම්....? ආ.... මට අමතක වුණා. ඒ කාලේ කොහේද ශිෂ්‍යත්ව.... (නි)

:       0       0

හිමාල් Thursday, 27 September 2012 07:54 AM

රුවන් කිව්වේ ඇත්ත , ශිෂ්‍යත්වය නැති උනොත් ගමේ ඉන්න දක්ෂ ළමයින්‍ට කවදාවත් තමන් බලාපොරොත්තුවෙන අනාගතය‍ ළඟා වෙන්න බෑ...(ස)

:       0       0

හේමන්ත Wednesday, 26 September 2012 06:53 PM

අයියෝ සල්ලි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:18 PM

මමත් ශිෂ්‍යත්වය සමත් දරුවෙක්. 1980 වසරේදී. මේ කාලේ ශිෂ්‍යත්ව විභාගය කොටස් දෙකකට තමයි පැවැත්වුණේ. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 770 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 749 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2162 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 759 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 976 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 362 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 884 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site