පසුගිය දා පැවැති පහවසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෙරහුරුව සඳහා දකුණේ ප‍්‍රකට ආයතනයක් දරුවන්ට ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදී පිළිතුරු සැපයීමට අවස්ථාව දී තිබුණි. මේ සඳහා තම දරුවන් යොමුකළ මාපියන් ආයතනය ඉදිරිපිට සිටි අතර පිළිතුරු ලියා අවසන්ව ආ දරුවකුගෙන් ලියූ පිළිතුරු ගැන ද විමසීය. ”අපෝ හරිම ලේසියි. අම්මගෙ තාත්තගෙ නමත් අහල තිබුණා” දරුවකු කීවේ ප‍්‍රශ්න පත‍්‍රයද පෙන්වමිනි. මව පුදුමයට පත්ව ප‍්‍රශ්න පත‍්‍රය දෙස බැලූවාය. එහි එක් ප‍්‍රශ්නයක ඉහළින් දුටුගැමුණු රජතුමාගේ යන්න ලියා ඒ යටතේ පළමු අංකයෙන් පියාගේ නම සහ දෙවන අංකයෙන් මවගේ නම අසා තිබුණි. ප‍්‍රශ්නයේ ඉහළින් තිබූ දුටුගැමුණු රජතුමාගේ යන්න නොකියවූ දරුවා තම පියාගේ නම සහ මවගේ නම ලියා තිබූ බව දැනගත් මේ මවට දෙවියන් සිහි වුනාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ජපන් ,චීන, කොරියා වගේ රටවල ළමයිනුත් මේ වයසට මීට වඩා විභාග කරනවා (අ)
අම්මා නම් ජෝර්මාන... තාත්තා නම් අඩමාන... කියලයි නූතන ළමයි නම් උත්තර ලියන්නේ. (නි)
එයා දුටුගැමුණු කියලා හිතුවා වත්ද ?(ස)
රුවන් කිව්වේ ඇත්ත , ශිෂ්‍යත්වය නැති උනොත් ගමේ ඉන්න දක්ෂ ළමයින්‍ට කවදාවත් තමන් බලාපොරොත්තුවෙන අනාගතය ළඟා වෙන්න බෑ...(ස)
පුංචි දරුවෙක්ගේ වැරැද්දක්නේ .සමච්චලයට ලක්කරන්න එපා...(ස)
අපෝ ඔවා නම් මොනවද?? මගේම වැඩිමහල් සහෝදරයා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේම ලියල තියෙනවා මට පියාපත් ලැබුනොත් කියන මාතෘකාවට , බාප්පා රට ගියා , නැන්දා රට ගියා මටත් ඒ වගේ යන්න පුළුවන් උනොත් කොච්චර හොඳද කියල.. ඒ නිසාද මන්ද ඔහුට ලකුණු කිහිපයක් මදි වෙලා සමත් වෙන්න...අද ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.... මම නම් හිතන්නේ ඕක ගැලපෙන්නේ විහිලු කොලමටයි.. දෙයියෝ සාක්කි....ඔය වගේ දෙයකින් අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙලා... ළමයින්ගේ ආතතිය වැඩි වෙලා වගේ නිගමන වලට එන එකනම් හරි නිර්ණායකයක් නෙමේ. සුළු අත් වැරද්දක්.... (ස)
පුවත් දිහා බලලා නම් රටේ අධ්‍යාපනය ගැන නිගමන වලට එන්න එපා. එක හරිම පටු අවස්ථාවාදී වැඩක්. රටේ අධ්‍යාපනය මනින්න ඕනෑ නම් ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා තියෙනවා ඉන්ටෙර්නෙට් එකේ අරගෙන බලන්න. අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මකව පහු බසින්න ප්‍රධානම හේතුවක් වී තිබෙන අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව ගැන ඒකෙන් දැනගන්න ලැබෙයි. හැබැයි ඉතින් පටු දේශපාලන වාසි ගන්න මේ වගේ අහිංසක ළමයෙක්ගේ පුංචි අත් වැරදීමක් උපයෝගී කරගන්න එපා. එහෙම වුණොත් ඔබතුමන්ලත් විහිලු සපයන්නෝ වේවි. (නි)
අනේ පොඩි දරුවට වැරදි කියන්න එපා.. ඒ ළමයාගේ මොලේට බර වැඩිකරන්නේ අම්මලා..!(නු)
මේක දුටුගැමුණු රජ සමයේ වුණානම්....? ආ.... මට අමතක වුණා. ඒ කාලේ කොහේද ශිෂ්‍යත්ව.... (නි)
සාමාණ්‍යයෙන් පොඩි දරුවන් අතින් සුළු සුළු අතපසුවීම් වෙනවා තමයි.. ඒ ළමයා පුංචි දරුවෙක්..(නු)
පෙරහුරුවක් කියන්නෙ ඉතින් මේවටනෙ, නියම විභාගෙදි ප්‍රශ්න හරියට කියවන්නවත් මතක් වේවි. (ස)
පුබුදු මම ඔයත් එක්ක එකඟයි (ස)
මමත් ශිෂ්‍යත්වය සමත් දරුවෙක්. 1980 වසරේදී. මේ කාලේ ශිෂ්‍යත්ව විභාගය කොටස් දෙකකට තමයි පැවැත්වුණේ. (නි)
අනේ පවු ,අසරණ දරුවා ! (නි)
ශිෂ්‍යත්ව ක්‍රමය හොදයි. 8 වසරටත් මෙහෙම විභාගයක් තිබ්බොත් ඉස්කෝලෙකට දාගන්න තව ලේසියි. (නි)
ඔය ශිෂ්‍යත්වයට බණින මිනිස්සු අපේ ළමයින්ට පාසලක් හොයලා දෙනවද? දුප්පත් අපිට තියෙන එකම සරණ මෙච්චරයි. (නි)
ඉතින් දෙවියනේ මේකට ළමයට දොස් කියලා වැඩක් නැහැ.(නදී)
අනේ දෙයියනේ මෙහෙමත් අය ඉන්නව ද (අ)
වැඩිහිටියන්ගෙත් තේරුම්ගැනීමේ හැකියාව (අ)
ඔයා හරියටම දන්නවනේ මම කියන්නේ කවුද කියලා..(ස)
ඔය විභාගය කොහොමත් අම්මලාගෙනේ..(ස)
ඒක ඒ ළමයගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක් , .FM වල ඇහෙන සින්ග්ලිෂ් නිසාත් දරුවන්ගේ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගෙත් තේරුම්ගැනීමේ හැකියාව හීන වෙලා..(ස)
ප්රශ්න හදන අය දරුවන්ට තේරෙන ආකාරයෙන් ඒවා සකස් කළ යුතුයි (නි)
මෙතනදී ළමයාට හෝ එෆ්.එම්. නාලිකාවට බැණලා වැඩක් නැහැ (නි)
කොයි දුටුගැමුණු ගැනද දන්නේ නෑ අහලා තිබුණේ ??(ස)
ඔන්න දැන් හැදෙන ළමයි
අහිංසක දරුවන් පත්ව ඇති පීඩනය ලංකාවේ අධ්‍යාපනය කරවන බළධාරීන්ට දැන්වත් තේරෙනවද ? (ස)
වහාම ඇමති මණ්ඩලයට පත්කරලා අධ්‍යාපන ඇමතිකම ලබා දෙන්න.(ස)
යොහාන් හිතන්නේ කවුරු ගැන ඇහුවා කියලද ? (ස)
රටේ අනාගතේ දැන් සුනඛයට ගිහින්....(ස)
අනිවාර්‍යයෙන් දේශපාලනයට ගැලපෙන දරුවෙක්..(ස)
ඔය බොරු. එහෙම දෙයක් වෙලා නෑ . (ස)
දරුවන්ට ඉතිං පොඩි පොඩි වැරදීම් වෙනවා. (නි)
ඒ ප්‍රශ්න පත්‍රයේ දුටුගැමුණුගේ පුතා ගැන අහලා තිබුණේ නැද්ද? (නි)
අයියෝ සල්ලි
ශිෂ්‍යත්වයට බනින අය අපේ ළමයින්ට ඉස්කෝල දෙන්නේ නැනේ. බොරු ලිපින නොදා, පගා නොදී හොඳ ළමයකුව හොඳ ඉස්කෝලෙකට දාගන්න ටිකක් හරි පුළුවන් ලංකාවේ තියෙන එකම ක්‍රමය මේක තමයි. මේකට බනින වැඩි හරියක් දක්ෂයෙකුට ඉස්සරහට එන්න නොදෙන මිනිස්සු. අනෙත් අය එක තේරුම් ගන්න බැරුව රැල්ලට බනින අය. (නි)
ඇත්තටම මේ විභාගය නිසා අපේ දරුවන් විශාල ලෙස මානසිකව හා ශාරීරිකව අගතියට පත්වෙනවා. හුරතල් වයසේ පසුවන අපේ දරුවන් මේ විදිහට පිඩාවට පත්කිරීම හොදද? මගේ අදහස වන්නේ රටේ සියලුම පාසල් වලට වුවමනා පහසුකම් හා සම්පත් ලබාදිය යුතුයි. එසේ නොවන්නේ නම් තවත් අවුරුදු කිහිපයකදී අපේ දරු පරපුර මානසික රෝගවලට පත්වීම අපහට නොවැළැක්විය හැකියි. තරඟ විභාග වලට අපේ දරුවන් හුරු කළයුතු වන්නා සේම දරුවන්ගේ මානසික වර්ධනය ගැනත් මීට වඩා සැළකිළිමත් වියයුතු නොවන්නේද? මෙහිදී අපගේ පවුල් සංස්ථාව කෙරෙහිද අනියම් අන්දමින් යම් බලපෑමක් ඇතිවන බව නොකියාම බැරි කරුණක්. තවත් විශේෂම කාරණයක් වන්නේ අපගේ බාල දරුවන් කෙරෙහි එකී දෙමවුපියන්ට කාලය වෙන් කිරීමට ඇති නොහැකියාවයි. (නි)
ඇයි... ඉස්සර මුනිදාස කුමාරතුංග මහතා ගැන ඇසුවහම විජය කුමාරතුංග මහතා ගැන ලියලා තිබුණේ. (නි)
මෙයාලා රට ගිහින් ඇවිත් ඇමතිලා වුණත් වෙන්න පුලුවන්. (නි)