ලබන වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් යොමුවී සිටින දරුවකු ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පීඩාව හේතුවෙන් නරකාදියට යන්න කැමැතියි කීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්බද පෙදෙසකින් අසන්නට ලැබිණි.
කෙසේ හෝ තම දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් කරවා ගැනීමේ අරමුණින් දරුවාගේ මාපියෝ ඉමහත් වෙහෙසක් ගනිති. මේ සඳහා පාසලේ ඉගෙනුම් කටයුතුවලින් පසු අමතර පන්ති කීපයකට යාමටත්, ගෙදර සිටින විට ආදර්ශ ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමටත් සිදුව ඇති දරුවාට කිසිදු විවේකයක් නැති තරම්ය.
යහළුවන් සමඟ සෙල්ලම් කිරීමටත් ඔහුට තහනම්ය. එදින ද දරුවා ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලියා රූපවාහිනී පුවත් බලන්නට මාපියන් සමඟ ආලින්දයේ වාඩිවී සිටියදී දරුවකු මරා දැමීමේ පුවතක් රූපවාහිනියේ පුවත් අතරට එක්විණි. ඒ වනවිට තවත් දරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්ව තිබීම ගැනත් එම පුවත්වලින් කියැවිණි.
එම පුවත් පිළිබඳව දෙමාපියෝ අදහස් දක්වමින්, මේ අපරාධ කරන එවුන් නරකාදියේම යන්න ඕනෑ. නැත්නම් එවුන්ට නරකාදියේ දඬුවම් දෙන්න ඕනෑ. මෙහෙ දඬුවම්වලින් එවුන්ට වැඩක් නැහැ” යැයි පවසනු දරුවාට ද ඇසිණි. එවිට දරුවා, අම්මේ නරකාදියේ ශිෂ්‍යත්ව විභාගය තියෙනවා දැයි ඇසුවේය. නරකාදියේ විභාග කොයින්ද පුතේ. එහෙ දඬුවම්නේ තියෙන්නේ.
හා හා දැන් ඉතින් ගිහින් හෙට පන්තියේ ගෙදර වැඩ කරන්න” යැයි එවිට මව පැවසුවාය. ”අපි වගේ පොඩි අයට එහෙ මෙහෙ වගේ දඬුවම් දෙන එකක් නැහැ. එහෙ ශිෂ්‍යත්වේ නැතිනම් මටත් ආසයි අම්මේ එහෙ යන්න” යැයි දරුවා ඔහුට සිතුණ දේ කියා මවගේ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට කාමරයට ගියේ, මවත් පියාත් මුහුණට මුහුණ බලා ගනිද්දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කලේ ළමයින්ට ළමා කාලයක් නොමති වීම ගැන ගොඩක් දුක හිතෙනවා (ම)
කොහේ උපන්නත් දුකකි (ම)
නියම කථාව ළමයාගේ. (ස)
ඒ සිද්දිය අහද්දී හරිම දුකයි. මං දන්න හැටියට ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ. (ස)
පන්ඩිත ළමයෙක්. ශිෂ්‍යත්ව විභාගයේ වටිනාකම ඒ ළමයට තේරෙන්නෙ නෑ. ඒක තේරෙන්නෙ දෙමව්පියන්ට.(හේ)
ඇත්තටම මේ පහේ සිසත්වයනම් නවත්තන්න ඕන , දරුවන්ගේ ළමා කාලය විනාස කරනවා (හේ)
ජයතත්න ඔබ අධ්‍යාපනය ගැන වැඩිය දන්නේ නෑ වගේ... කෙරෙන්න ඕනෑ ගම්බද පාසැල් වලටත් හොද පහසුකම් හා ගුරුවරු ලබාදෙන එක විනා නගරයේ පාසැල්වලට දාගන්න ලොකු තරගයක් හදලා ළමයින් නොමරා මැරීම නෙමේ...(හේ)
ඔව් මගේ අදහසත් මේ පහේ ශිෂ්‍යත්වය නවත්වන්ට ඕන. 10 විබගයෙන් ශිෂ්‍යත්වය දෙන්න පුළුවන්නේ. (ර)
මේක විභාගයේ වරදක් නෙවෙයි. එය මහා හිසරදයක් කරගෙන තිබෙන ඇතැම් අම්මලාගේ ප්‍රශ්නයක්. අවුරුදු 20 කට උඩදී අපිත් ඔය විභාගය සමත් වුනා. ඒ අතරම සෙල්ලම් කළා විනෝද ගමන් අධ්‍යාපන චාරිකා ගියා. නෑදෑයන්ගේ දාන, මගුල් ගෙවල් පවුලේ උත්සව ඇත ඇරුනේ නැහැ. ක්‍රීඩා කළා ච්ත්‍රපටි බැලුවා. චිත්‍ර සංගීත තරඟ වලටත් ගියා . අම්මලා අපිව රේස් එකේ ඇදන් නොගිය අතර අනෙකුත් දක්ෂ දරුවන් කෙරේ කුහක කමක් තිබුනේ නැත. ඒනිසා දැන් මහලුවියේ සිටින අපේ අම්මලාට අධික රුධිර පීඩනය නැහැ . වැඩිහිටියන් බවට පත් වූ අපිටත් මානසික ආතතියක් නැහැ . යුග දෙකක වෙනස තමයි. (ර)
දරුවා පොඩි වුණත් කතාව නම් මසුරන්! (නි)
මේ ශිෂ්‍යත්ව විභාගය තරන්ගකාරිත්වයෙන් තොරව ළමයින්ට කිරීමට කටයුතු කෙරුවොත් ළමයින්ට යහපතක් සිදුවෙන්නේ යැයි මම සිතමි. (ස)
නාමල් ඔබ අධ්‍යාපනය ගැන හුඟක් දන්නව උනත් ඔබට පුලුවන්ද ගම්බද පාසෑල් වලට හොඳ ගුරුවරු සහ පහසුකම් ලබා දෙන්න. ඒ වගේ තමයි ඒ ළමයගෙ දෙමව්පියන්ටත් පාසල් දියුණු කරන්න බෑ. ඔවුන්ට තමන්ගේ ළමයා වෙනුවෙන් කරන්න පුලුවන් දේ තමයි ශිෂ්‍යත්වය සමත් කරවල හරි ළමයව හොඳ පාසලකට ඈතුල් කරන එක. ඔයා ඉස්කෝල දියුණු කරන කොට ඒ ළමයි විශ්‍රාමත් ගිහින් තියෙයි. නමුත් මෙම විභාගය හේතුවෙන් කුඩා දරුවන් අනවශ්‍ය ලෙස මානසික පීඩනයට පත්වීමෙන් හෝ මානසික ඈදවැටීමට ලක්වීමෙන් වලක්වා ගැනීමට දෙමාපියන් සහ ගුරුවරුන් වගබලා ගත යුතුයි. (ස)
ආදරණීය දෙමව්පියෙනි .ඔබ අප සැමම මෙම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නත් එදාමෙන් නොවේ අද දරුවන් ට මෙය.එක්තරා අන්දමින් මානසික වදයක් බව මීට වඩා දේවල් මීට ඉහතදීත් පුවත්පත් මගින් දුටිමු....ජයරත්නල වගේ මව්පියන්ට දරුවට මොනවා වුණත් කමක් නෑ විභාගේ ප්‍රතිඵල විතරක්නම්... ඕන?දැයේ දරුවන්ට. දෙවියන්ගේම පිහිටයි (අ)
ජනක, මේක මතකතබාගන්න. ශිෂ්‍යත්වය කියන්නේ තරග විභාගයක්. ඒක සමත් වුණ හැමෝටම ඔබ හිතනවා වගේ හොඳ පාසල් හම්බවෙන්නෙ නැහැ. ඒ වගේම අසමත්වෙන හැමෝම අදක්ෂයොත් නෙමෙයි. ඔබ හිතන විදිහට හැමෝම හිතුවොත් කවදාවත් මේ රට දියුණු කරන්න වෙන්නෙ නැහැ (නි)
මේ විභාගයේදී එදා මෙදා වෙනසට හේතුව හැටියට මම නම් දකින්නේ එදා සහ අද මව්වරුන් අතර ඇති ආකල්පමය සහ විචාර බුද්ධියේ වෙනස. මම දැකලා තිබෙනවා මේ විදියට බහුතරයක් ළමයින්ව පෙළන්නේ උසස් අධ්‍යාපනයක් නොලැබූ රැකියාවක් නොකරන අම්මලා. මේ අපහාසයක් නෙවෙයි. තමන්ට යා ගත නොහැකි වූ තැනට තමන්ගේ ළමයාගේ කර උඩින් හරි යාමේ නොසන්සිදෙන ආශාව. ! (ස)