IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශිෂ්‍යත්වය අමාරුද? ලේසිද? ප්‍රශ්නයට සිසුවකුගෙන් අපූරු උත්තරයක්

මීරිගම විශේෂ - පුෂ්ප කුමාර මල්ලවආරච්චි
පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමත් සමග විභාගය අමාරුද ලේසිදැයි කියා වැඩිහිටියෝ බොහෝ දෙනෙක් දරුවන්ගෙන් ප්‍රශ්න කරති. මෙසේ ප්‍රශ්න කරන සියලුම දෙනාට දැනගනු පිරිස පහේ හපනෙක් අපූරු දැන්වීමක් නිර්මාණය කර ඇත. 
“මම විභාගය ලිව්වා. ප්‍රතිඵල ගැන මගෙන් අහන්න එපා. විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අහන්න” යැයි නිවෙස ඉදිරිපිට දැන්වීමක් එල්ලූ පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට ලියූ දරුවකු පිළිබඳ පුවතක් සියනෑවේ ගම්මානයකින් ඉකුත් 15 වැනිදා සවස වාර්තා විය. 
මෙම දරුවා පාසලේ දී විභාගය අවසන් කර නිවෙසට පැමිණීමෙන් පසු මෙම දැන්වීම එල්ලා ඇතැයි දැන ගන්නට ලැබිණි. 
ඉගෙනුමට මෙන්ම බාහිර වැඩට පවා දක්ෂ මෙම දරුවා තමන් විභාගය ලිවීම සම්බන්ධයෙන් ඥාති හිතවතුන්ගෙන් ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටීම සඳහා මෙම උපක්‍රමය කර ඇතැයි මේ ගැන විමසූ අවස්ථාවේ දරුවා වැඩිහිටියකුට පවසා තිබිණි. 
අද රටේ හැසිරෙන සමහර දෙනාගේ ක්‍රියාකලාපයට මේ දරුවාගේ දැන්වීම වැදගත් පාඩමක් වනු ඇති බව මේ පිළිබඳව අදහස් දැක්වූ විදුහල්පතිවරයෙක් සඳහන් කළේය.



අදහස් (0)

ශිෂ්‍යත්වය අමාරුද? ලේසිද? ප්‍රශ්නයට සිසුවකුගෙන් අපූරු උත්තරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site