IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ශිෂ්‍යත්වය පාස් කරන්න සෙත්කවි දෙකේ කුලියට ගොම පොහොර කූඩ දෙකක්

රජරට පැත්තේ ලේඛන කලාවට මෙන්ම නක්‍ෂත‍්‍රයට ද ලැදි ඔහු ගොවිතැනට ද එකසේ දක්ෂයෙක් විය. ප‍්‍රසිද්ධියේ සෙත් කවි සහ අප‍්‍රසිද්ධියේ වස් කවි ප‍්‍රබන්ධයට ද ඔහු දක්ෂයකු බව ප‍්‍රකටය. පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට යන දරුවකුගේ පියකු ඔහු ලවා සෙත් කවි දෙකක් ලියවා ගැනීමට යන විට ඔහු සිටියේ එළවළු කොරටුවේ පැළවලට පොහොර දමමිනි. අමුත්තාගේ ඉල්ලීමට ඔහු එක්වරම කීවේ ”සෙත් කවි දෙකක් හදල දෙන්නම්.... මට ගොම පෝර කූඩ දෙකක් ගෙනත් දීපන්” කියාය. ගනුදෙනුව ඒ ආකාරයටම සිදුවූ අතර පසුවදා ගම පුරා ”සෙත්කවි දෙකක් ගොම කූඩ දෙකයි” යනුවෙන් ගිය ප‍්‍රචාරය නිසා ඔහු දැන් නිවසටම වී සිටිනවාලූ.



අදහස් (0)

ශිෂ්‍යත්වය පාස් කරන්න සෙත්කවි දෙකේ කුලියට ගොම පොහොර කූඩ දෙකක්

සෑම් Thursday, 13 September 2012 05:54 PM

උපසේනට ලියන්න වෙනදෙයක් තිබුනෙම නැත්ද?

:       0       0

චරිත Thursday, 13 September 2012 01:00 PM

ගොම වලට විභාග පාස් කරනවාද

:       0       0

සමන් Thursday, 13 September 2012 01:09 PM

ලැජ්ජයි

:       0       0

රංජිත් Thursday, 13 September 2012 01:03 PM

‍දෙවියන්ට බාර ඔප්පුකරන්න සතෙකුගේ බෙල්ල කපනවාට වඩා, සෙත්කවි දෙකක් ලියවාගෙන ගාස්තුවට ගොම කූඩ දෙකක් ලබාදීම කොච්චර මානූෂීයද? ගාස්තුවට රත්තරන් බඩු ඉල්ලන්නේ නැති, මෙවැනි හොද මිනිසුන්ට අපහාස වන විදියට අදහස් දක්වන්න එපා. (නි)

:       0       0

නන්දලාල් Friday, 14 September 2012 05:59 PM

ළමයි වෙනුවෙන් කරන වැඩ (දී)

:       0       0

සමන් කටුගහගේ Friday, 14 September 2012 02:50 AM

මමත් අහන්නේ සෑම් අහන ප්‍රශ්ණෙමයි.. මෙට තේරෙන්නෙ නැහැ මොකද්ද ඒකෙ තයෙන වරද? (නු)

:       0       0

ජයී Thursday, 13 September 2012 01:47 PM

මෙන්න වස් දොස් යන්න සරිලන කවියක්. (බෞද්ධ ජාතක කථාවක් ඇසුරිනි). සෙත් කවි ලියා දිවි රැකගත් අගේකට ගොම් බෙට්ටකින් ඔබ පහරක් ගැසුව මට ඇස්දෙක පල්ල එහි පාඩුව ගණිමි හෙට පිස්සන් කොටුව ඔය ඕනෑවෙලයි බොට (නි)

:       0       0

සනත් Friday, 14 September 2012 06:07 AM

ඇත්තටම සාධාරණයි. හැමදේම මුදලට යටවෙන සමාජයේ රුපියල් දහස් ගණනක් නොඉල්ලපු එකේ වැරැද්ද. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 13 September 2012 02:25 PM

සල්ලි මත්තෙම නැහෙන අයට හොඳ පාඩමක්.හරිම සාධාරණයි. මේ ගොවි මහත්තයගෙ ෆොටෝ එකත් එක්කම ප්‍රසිද්ධ කරන්නයි වටින්නෙ. ඔබේ ගොවිතැනට ජය. (ස)

:       0       0

බන්දුල Friday, 14 September 2012 01:54 PM

අයියෝ සල්ලි

:       0       0

ගාල්ලගේ Sunday, 16 September 2012 12:12 PM

මේවගේ මිනිස්සුන්ට සෙත් කවි නෙමෙයි, වස් කවි ලියලා දෙන්නයි ඕනෑ. (නි)

:       0       0

දයා සෞදි Thursday, 13 September 2012 10:11 AM

කොහොමටත් වැඩේ ලාබයි..!!(නු)

:       0       0

සෑම් Thursday, 13 September 2012 10:24 AM

ඉල්ලීම ඉතාම සාධාරණයි. ඇයි අපහාස කරන්නේ...(නු)

:       0       0

සරත් Thursday, 13 September 2012 10:24 AM

සෙත් කවි ලියන එක දිගටම කරන්න.. දැං ඔයවගේ හැකියාව තියෙන අය අඩුයි.!!(නු)

:       0       0

ලක්ෂ්මන් Thursday, 13 September 2012 03:19 PM

මිනිස්සුන්ට උදවු කළහම ඒවා ප්‍රචාරය කරලා හිනා වෙනවටත් දැන් කියන්නයි තියෙන්නේ වස් කවියක්. (නි)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 13 September 2012 10:26 AM

දරුවන්ව ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් කරගන්න දෙමව්පියොත් නොකරන වැඩක් නැහැ....(නු)

:       0       0

සේනානායක Thursday, 13 September 2012 03:24 PM

අපහාස කරන්න දෙයක් නැහැ. සාධාරණ භාණ්ඩ සහ සේවා හුවමාරුවක්. (නි)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 08:04 PM

වැඩේ නම් හොදයි. විභාගය සමත් වුණහම හරකාවත් දෙමු. (නි)

:       0       0

රාණා Thursday, 13 September 2012 10:37 AM

විභාග පරීක්ෂකයන්ටත් ගොම කූඩ යවමුද?(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 13 September 2012 09:07 PM

ගොම කෑවයි කියලා හිතා ගන්න. නියමෙට දෙයි වස් කවි පාරක් නැතිවෙන්නම. (නි)

:       0       0

කුරේ නාවලගේ Thursday, 13 September 2012 11:27 AM

මේකේ වැරැද්දක් නැහැ. වැඩේ ලාභෙට කෙරුණා. (නි)

:       0       0

ලාංකා Friday, 14 September 2012 03:21 PM

ඉන්නවාලු........(ස)

:       0       0

චාමි Thursday, 13 September 2012 12:03 PM

මේවට කියන්නේ දෙයියෝ සාක්කි කියලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රාජා Thursday, 13 September 2012 12:05 PM

මේක හිනාවෙන්න කාරණයක් නෙමෙයි. වස විස නැති හොද එලවලුවක් හදාගෙන කන එක මම නම් අගයකරනවා. (නි)

:       0       0

වරුණ Thursday, 13 September 2012 12:19 PM

අහක යන දෙයකින් වැඩක් ගන්න එකේ වැරැද්දක් නැහැ. 'ගොවියා දෙවියා'. (නි)

:       0       0

රෝහණ Thursday, 13 September 2012 12:45 PM

ඔන්න ලංකාවේ අධ්‍යාපනය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 209 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1005 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site