(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඔහු පළමුවෙන්ම පොල් ලී මුදලාලි කෙනකු ළඟ වැඩ කළේය. කපන ලද පොල් ගස් විවිධ ප්‍රමාණවලට කපා ඒවා සුද්ධ කර පරාල යට ලී ආදිය සඳහා සකස් කළේ ඔහුය. තම සේවකයාගේ විශ්වාසවන්තකම පිළිබඳ පොල් ලී මුදලාලි ද පැහැදී සිටියේය. එහෙත් ඔහු වෑයෙන් පොල් පරාල සුද්ධකරන ගමන් නිතරම සිතුවේ හැමදාමත් අනුන් යටතේ වැඩ කරනවාට වඩා තමන්ටත් පොල් ලී වෙළෙඳ සලක් පටන් ගන්නට ඇත්නම් කොපමණ හොඳද යනුවෙනි.
මේ අතර ටික කලකින්ම මුදලාලි අසනීප තත්ත්වයට පත්විය. පොල් පරාල යට ලී වෙළඳාම ද නැතිව ගියේය. ඔහු ණයට මුදල් ලබාගෙන පළාතේ ඇවිදිමින් පොල් ගස් කපාගෙන ඇවිත් පොල් ලී වෙළෙඳසලක් පටන් ගත්තේය.
දැන් ඔහුගේ ලී වෙළෙඳාම සරුය. මේ අතර දිනක් උදෑසන නැගිට බලනවිට ලී මඩුවේ තිබු අඩි 18ක් දිග යට ලී තුනක්ම සොරුන් ගෙන ගොස්ය. තමාගේ ලී මඩුව දියුණුවන නිසා කිසිවකු මෙය කරන්නට ඇතැයි ඔහු සිතුවේය. එහෙත් එය හරියට දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.
එනිසා එදිනම සවස ප්‍රදේශයේ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන ශාස්ත්‍රකාරියක ළඟට ගියේය. පෝලිමේ සිටි ඔහු තමාගේ වාරය පැමිණි පසු බුලත් කොළ කිහිපයක් මත රුපියල් තුන්සීයයි සත දහයක් තබා ශාස්ත්‍රකාරියගේ අතට දුන්නේය. ඒ සමගම ඇය ඔළුව දෙපසට කරකවමින් මහ හඬින් දෙවියන්ට කන්නලව් කරන්නට වූවාය.
“හ්ම්... හ්ම්... දරුවා තමාගේ නැති වුණ දෙයක් ගැන අහන්නේ”
“එහෙමයි එහෙමයි මෑණියෙනි” ඔහු ද පිළිතුරු බැන්දේය.
“තමා දියුණු වෙනවට ඉරිසියාවේ තමයි මේ සොරකම කරල තියෙන්නේ. දරුව ඔය දරුවගේ ගෙදරට නිතරම යන එන කෙනෙක් මේක ඉණේ ගහගෙන ගිහිල්ලා. ආපහු ලැබෙන්නේ නම් නැහැ දරුවා”
මෙය අසා සිටි ඔහුගේ කෝපය ඉහවහා ගියේය.
“මොනවා අඩි දහඅටක් දිග යට ලී තුනක් කොහොමද ඉණේ ගහගෙන යන්නේ. බොරු කියන්න එපා. මගේ සල්ලි දෙන්න”
ඒ සමගම ශාස්ත්‍ර ඇසීමට පැමිණ සිටි අනෙක් අයටද ඇතිවූයේ ශාස්ත්‍රය ගැන සැකයකි. ඔහුගේ කෑගැසීමට වටාපිටාවේ අයද පැමිණියහ.
එහි ප්‍රතිඵලය වූයේ ඔහුට මෙන්ම වැඩි කල් නොගොස් ශාස්ත්‍රකාරියට ද දේවාලයෙන්ම පිටවීමටය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශාස්ත්‍ර අහන්න ගිහින් පේනකාරියටත් යන එන මං නැතිවෙලා