නිවෙසට පැමිණ සංගණන නිලධාරිනියකට තම නිවසේ මාසික අය වැය ලේඛනය ඉදිරිපත් කොට එයද ලිපි ගොනුවට ඇතුළු කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිළිබඳ අපූරු පුවතක් පසුගියදා දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණි. නිවසේ අය පිළිබඳ තොරතුරු සියල්ල ඉතා නිවැරැදිව සකස් කිරීමේ පූර්ව සූදානමක් පැවති මේ නිවසේ කටයුතු කඩිනමින් නිම කළ නිලධාරිනිය ආපසු යාමට සැරසෙත්ම නිවසේ වූ මව ‘‘පොඩ්ඩක් ඉන්න’’ යැයි කියා ඇයට කුඩා පත‍්‍රිකාවක් දුන්නාය. එහි වූයේ පසුගිය මාසයේ නිවසේ අය - වැය තත්ත්වයි. අයට වඩා වැය රුපියල් අට දහසකින් වැඩි නිසා කොහොම ජීවත් වෙන්න දැයි කී ඇය මෙයද ලිපි ගොනුවට දමන ලෙස කීවාය. මෙය තමාට අදාළ නොවන බව කීවත් එන හැඩ හොඳ නැති බව පෙනුනෙන් නිලධාරිනිය ද කාරුණිකව එය පිළිගෙන ඊළඟ නිවසට ගියේ එය වෙනම තම බෑගයේ තබා ගෙනලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දැනෙන්නේ පුංචි අපිට විතරයි. මම හිතන්නේ ඒකනම් ඇත්තටම වගකිව යුතු කෙනෙකුට භාරදෙන්න ඕනේ.
සංගණන තියන්නේ අපිට ආදරේට නොවෙයි. අපෙන් තව හූරගන්නෙ කොහොමද කියලා බලන්න. බදු වැඩි කරන්න.
අරු ඔබේ අදහස ඉතාමත් වැරදියි.සංගනනයේ දී ආදායම් තත්වය හෝ ඒ සම්බන්ධ වෙනයම් දෙයක තොරතුරු ලබා ගන්නේ නැහැ.ඒ වගේම එයින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ රටේ මිනිසුන් සංඛ්‍යාව කොතරම්ද කියලා බලන එක විතරයි..මහ මැතිවරණයක් ඇරුණම ඕනෑම රටක වැදගත්ම බාරදූර ක්‍රියාවලිය සංගනනය..ඔබේ අවබෝධයෙන් තොර කතාවත් අර කාන්තාව වියදම් ලේඛනය දුන්නා හා සමානයි..ඔබේ කතාව ඉතාමත්ම වැරදියි..