සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයකදී සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අය ඔහුගේ නංගී විසින් අල්ලා ගැනීමෙන් පසු තෑග්ග ගෙදරටම ලබා ගැනීමේ සිද්ධියක් දකුණු පළාතේ පැවැති අවුරුදු උත්සවයකදී අනාවරණය විය.
උදෑසනම සිට සැඟවුණු අමුත්තා තරගය විවෘත වූයෙන් අවුරුදු උත්සව භූමියට පැමිණි ලොකු කුඩා ගැහැණු පිරිමි බොහෝ දෙනෙක් ඔබ මොබ යමින් සැඟවුණු අමුත්තා සෙවීමට මහන්සි ගත්හ. මෙම අවුරුදු උත්සවයේ වේදිකාවේ පැවැති තරග කිහිපයක් විනිශ්චයට පැමිණි විනිසුරුවරු පවා සැඟවුණු අමුත්තා යැයි සිතා සමහරුන්ගෙන් ප‍්‍රශ්න කළහ. ජන ගී ගායනා තරගය විනිශ්චය කරන අතරතුර සැඟවුණු අමුත්තා සොයා ගනු ලැබීය. ඒ අනුව සැඟවුණු අමුත්තා වේදිකාවට ගොඩවිය.
ඒ සමඟ ඔහු සොයා ගත්තා කියන අයද වේදිකාවට නැග්ගේය. සැඟවුණූ අමුත්තා ලෙස පෙනී සිටියේ සංවිධායක මණ්ඩලයේ අයෙකි. ඒ අවස්ථාවේදී සැඟවුණූ අමුත්තා ලෙස පෙනී සිටි තැනැත්තාගේ නැගණිය මහත් ප‍්‍රීතියෙන් යුතුව මමයි සැඟවුණු අමුත්තා ඇල්ලූවේ යැයි කීවාය.
මෙය අවුරුදු උළෙලේ සිරි නරඹමින් සිටි බොහෝ දෙනෙකුට ද ඇසුණු අතර සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අයියා වෙන කෙනෙකුට සොයා ගැනීමට බැරිවී නංගීට අසුවීම අරුම පුදුම වැඩක් යැයි ඇතැමෙක් කසු කුසු ගාන්නට වූහ. සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අය ඒ බව නංගීට දැනුම් දුන්නාද නැතිනම් ඇයගේ දක්ෂතාවය නිසා සැඟවුණු අමුත්තා අල්ලා ගත්තාද යන්න බොහෝ අයට ප‍්‍රහේළිකාවක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දකුණේ නංගිලාගෙන් බේරෙන්න අමාරුවෙයි (බ)
මේ වගේම සිද්ධියක් මේ ළඟදි අපේ මහ බැංකුවෙත් වුනානේ අප්පා? (බ)
කොල්ලෝ ගම හරහා දුවල(km15 වත් දුවනවනෙ ) හම්බවෙන්නේ කලිසන් රෙද්දක් .අවුරුදු කුමාරි ස්ටේජ් එක වටේ ගිහිල්ල 25000/= විතර තෑගි /හරිම අසාධාරණයි (බ)
කොහොමත් ඔය පළාතේ අය තෑගි මල්ල, පවුලෙන් පිටට යන්න දෙන්නේ නැහැ තමයි. තෑග්ග ගත්තට පස්සේ අමුත්තා සැඟවිල එහෙම නැද්ද? (බ)
ඒ නිසා තමයි මිලියන ගානක් වියදම් කරලා පඩිය අඩු මන්ත්‍රී කෙනෙක් වෙන්න හදන්නේ හැමෝම මොකද හොඳට කොමිස් ගහල රටේ දේපල සුරා කන්න පුළුවන්. අනික අපේ අය ඡන්දෙ දීලා මන්ත්‍රීලා කරගන්නවනේ. සමහර අයට මන්ත්‍රීලගෙන් ගුටිකන්න අංක රහිත වෑන්වල අතුරුදහන් වෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. (බ)
මේකත් හරියට යහ පාලනය වගේ කථාවක් (බ)
නැහැ අනුර, මේක හරියට ආශ්චර්යය වගේ ලස්සන කතාවක් එ්කනේ පවුලට විතරක් තෑග්ග ගියේ. (බ)
මේක පසුගිය ආණ්ඩුව කාලේ කතාවක් වගෙයි නේද? (නි)
ඔව් ඉතින්. සැඟවුණ අමුත්තා ගෙදර කට්ටියට කතාකරලා කියන්න ඇති මම තමා අමුත්තා කියලා. ඕක ඉතින් කොහෙත් වෙන එකම දේනේ (නි)
පවුල් ක්‍රමය පහලටම ගිහිල්ලා. අයියා විනිශ්චය. නැඟී දිනලා. තාත්තා ලොක්ක පුතා, බිස්නස් වගේ. (අ)
අන්න නංගිලා, නියම අයියල (අ)
ලැබුනේ වටිනා තෑග්ගක් නම් අනුමානයක් නැහැ අයියා ටිප් එක දෙන්න ඇති. (අ)
ඒ ටිප් එක දීල තමයි හලෝ. (ස)
ඔව් ඉතින්. සැඟවුණ අමුත්තා ගෙදර කට්ටියට කතාකරලා කියන්න ඇති මම තමා අමුත්තා කියලා. (ස)
මම ඉන්න රටෙත් අවුරුදු උත්සව තිබුනා. තරඟ ගොඩක් තිබුනා. අවුරුදු කුමරිය තෝරන වෙලාවේ ප්‍රශ්නයකුත් ඇහුවා සාමාන්‍ය දැනීම ගැන. එක්කෙනෙක්ගෙන් ඇහුවා ලංකාවට නිදහස ලැබුනේ කවදාද කියලා. මේ තරඟකාරිය මයික් එක අරගෙන කිවුවා පෙබරවාරි 14 කියලා. කොල්ලෝ විතරක් නොවේ හැමෝම හු කිවුවා. ඒ වුණත් පුදුමේ කියන්නේ තුන්වෙනියට තේරුණා. ඒ මොකද දන්නවද? දැනහැඳුනුම්කමට (නි)