දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙනු පත පෙන්වූ අතර ඔහු එදෙස නොබලා තම බෑගයෙන් ගත් මෙනුපතක් පෙන්වා ඉඳි ආප්ප ඇනවුම් කළේය.
ආහාර ගැනීමෙන් පසු මුදල් ගෙවීමට යාමේදී ගැටලුවක් වූයේ අයකළ මුදල ඉතා අධිකවීම නිසාය, සේවකයා සුදු ජාතිකයාට අවමන් කරනු දුටු සංචාරක මගපෙන්වන්නකු එතැනට ආවේ තරමක කෝපයකිනි.
ඔහොම කරන්න එපා. දැන් එන ටුවරිස්ලා ඉස්සර අය වගේ නෙවෙයි. මේ රටට එන ටුවරිස්ලාට රට ගැන හොඳ පුහුණුවක් දෙනවා. ආහාරපාන වල වටිනාකමත් දන්නවා. ඒ විතරක් නෙමෙයි. අපේ භාෂාව ගැනත් පුහුණුවක් දෙනවා. දැන් ඔය කියපු වචන සේරම එයාට තේරෙන්න ඇති. කී ඔහු ඔයාලට අලාභයක් වුණා නම් මම ඒක ගෙවන්නම් කියා තම සාක්කුවට අත දැමිය.
සේවකයා මෙල්ලවී ආපසු ගිය අතර සුදු ජාතිකයා භාෂා පරිවර්තක පොත දෙස බලමින් මගපෙන්වන්නාට සුහද සිනහවක් පෑවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රට ගියත් වැඩිපුර වියදම් කරන්න අකමැති වගේම ඔවුනුත් නිකරුනේ වියදම් කරන්ට අකමැතියි. එමනිසයි හෝටල් කාමර උදේ කෑම සමඟ කුලියට දෙන්නේ. එය උදේ 10 වනතුරු බුෆේ ක්‍රමයට දෙනවා. (නි)
ලකී, මෝඩයා වගේ කතා කියන්න එපා. ඔවුන් හිඟන්නෝ නෙමෙයි. මොළේ තිබෙන අය වැඩ කරලා සල්ලි එකතුකරලා වියදම ගණන් හදලා ලංකවට එන්නේ. ඒ හදපු ගණන් වලට වැඩිය වියදම් කරන්නේ නැහැ. (නි)
සංචාරකයන් කන හැටි හා වියදම් කරන හැටි, අපට වැඩක් නැ.ඒක ඒ අයගේ පුද්ගලික කැමැත්තක්.අනික සංචාරකයන් මෙනු එක තමන් ළඟ තබාගන ඇත්තේ, ලාංකිකයන් තමන්ට වංචා කරයි කියලනේ. සංචාරකයා ගේ එම තක්සේරුව ගැන අපි ලජ්ජා විය යුතුයි. (බ)
අපෝ ඔව් සුද්ද ඇවිල්ල හරිම කපටි එයාල මෙහෙදී වගේ නෙමේ අපේ රටට අවම උපරිම ප්‍රයෝජන ගන්නයි හදන්නේ මෙහෙදී එයාල කිසිම කෙනකුට වතුරු උගුරක් නිකන් දෙන්නේ නැහැ හොද අයත් ඉන්නවා නතෙත් නැහැ එයාල දන්නවා අපේ රටේ අය සුදු හමක් දැක්කම පැනල දෙනවා කියල එක දැන ගෙනම එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න සුද්දෝ තම ගොඩක්ම ඉන්නේ එක ඉතින් අපේ අයගේ දුර්වල කමක් (අ)
සත්තු වත්තට/පිංනවලට හා වෙනත් තැන් වලට සංචාරකයන්ගෙන් අයකරන මුදල අම්මෝ.. ! (අ)
ඉස්සර සංචාරකයෝ ලංකාවට අාවම ලංකාවේ මිනිස්සු හොදට හම්බ කළා. උදාහරනයක් කියන්නම් සෙරෙප්පු දෙකකක් ගන්න ගියාම සෙරෙප්පු දෙකේම මිල සදහන් වෙනවනේ කුට්ටමක් 200 යි නම් 400 යට තම සංචරකයට අලවි කරන්නේ එක නිසා සංචාරකයෝ දෙන 150 සෙරප්පු දෙකත් අඩුකරන්න බැරිද කියල අහනවා (ම)
කවුරුහරි කියනවනම් සුද්දො හරි හොඳ අවංක මිනිස්සු කියල ඒ රැවටීමක්, ලඟදි එක කපල් එකක් වාඩි වෙලා සෑහෙන වෙලා මුකුත් ඇණවුම් නොකර ඉඳල අන්තිමේ කෑම ඇණවුම් කරා, කෑම යවපු ගමන් කාල උන් දෙන්න පැනල ගිහින්, රු 4000ක විතර බිලක්. (කෞ)
මේ සුද්දා එක්කො හෙන මෝඩයෙක්. නැත්තම් සුපිරි කපටියෙක්. ඕනම මනුස්සයෙක් කෑම කන්න කඩේකට ගියාම, මුලින්ම මෙනු එක බලලා, ගාණ බලලා වියදම් කරන්න පුළුවන් නම් විතරනෙ ඕඩර් කරන්නේ. අනිවාර්යයෙන් මේ සුද්දට හොඳට කන්නත් ඕන ඇති. අතේ සතෙත් නැතුව ඇති. ඔන්න අපේ රටට එන සංචාරකයන්ගෙ තත්වෙ. (බ)
සංචාරක වැඩි දෙනෙක් ලෝකෙ බොහෝ රටවල ගිහින් අත්දැකීම් අැති අය. සාධාරණව උපයා පාරිභෝගිකන් රැකීමට වඩා බලෙන් හා වැඩිමුදලට බඩු විකිණිම අසාධාරණ අයකිරිම්(ටිකට්) කිරීම තමා උත්සාහය. සංචාරකයො එ් බව දන්නවා. අපහසුවට පත් අය අායි ලංකාවට එන්නෑ කියල කියනව මට අැසුණා. සුද්දන්ගෙ රටවල කාටත් සම අයකිරීම්. මිල ලංකාවෙ වගෙ දවසගානෙ වැඩි වෙන්නෑ. මුදල් පොදි ගහල මාලිගා වගෙ ගෙවල් හදා බදු නො ගෙවා ඉන්න මෙහෙ බෑ. අපි නොමිලෙ ලබන සේවා වලට දායක වන්නෙ ඔවුන්ගෙ බදු හෝ අාධාර. අපි අවංක සේවාවක් කරනවා නම් මොන තරම් දියුණුද. කුරුල්ලගෙ රත්තරං පිහාටු ගැලවීම වගෙ තමා වැඩ. පොද්ගලික පමණක් නොව පොදු ත් එහෙමයි. මමත් දැන් සංචාරක යෙක් ලෙස එන නිසා තේරෙනවා අපේ අඩුපාඩු. (බ)
අවුරුදු ගණනාවක් අපි සුද්දන්ට යටත්වෙලා උන්ට රැවටිලා හිටිය. අද සුද්දෝ අපිටවඩා අපිගැන දන්නවා. උන්ව රවටන්න යනවා කියන්නේ අපිම රැවටෙනවා කියනෙකැයි. (බ)
රටට එන සුද්දන්ගෙ සංඛ්‍යාව වැඩි වුණාට වැඩක් නෑ, ඒ අය මෙහෙ ඇවිත් වියදම් කරන ප්‍රමාණෙ වැඩි වෙන්නෙ නැත්තම්. මම අනන්තවත් දැකලා තියෙනවා ගාල්ලෙ එහෙම කඩ විස්ස තිහ ගානෙ බඩ ගාගා, ගණන් අහ අහ, කේවල් කර කර, අන්තිමට තියෙන ගාණ අඩුම, සවුත්තුම කඩෙන් කන සුද්දො ඕන තරම්. අපේ රට දැන් සුද්දන්ගේ හොඳම ගමනාන්තයක් කියලා අපි උඩ පනින්න හොඳ නෑ. මොකද එන බහුතරය හිඟන සුද්දො හින්දා. (බ)
එක පොලිස් කාරයෙක් ගොන් වැඩක් කළොත් නම කැත වෙන්නේ පොලිස් සේවයේ. භික්ෂුවක් වරදක් කළොත් වැනසෙන්නේ සම්බුද්ද සාසනේ. හැබැයි රටකට එන කාටහරි වරදක් වුණොත් මුළු රටේම නම කැත වෙනවා. ලැබෙන මුලද නොවෙයි ඒ අය ගන්න පොටෝ එකක් පවා අපිට ගේන්නේ කීර්තියක්. (අ)
සංචාරකයෝ එන්නේ සල්ලි විසි කරන්න අහුලන්න ලෑස්තිවෙලා ඉමු ඔවුන්ගේ රටවල සල්ලි පැල වෙන නිසා මෙහෙට ඇවිත් සල්ලි විසිකරනවා (කෞ)
අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න බැහැ. මොකද මිනිස්සු හිතනේ සංචාරකයෝ එන්නේ සල්ලි වියදම් කරන්න කියල. අපි බලන්න ඕන ගොඩක් සංචාරකයෝ ගෙන්න ගන්න... අපිට තාමත් බැරි වුණා 1 මිලියන් වලට යන්න. එ්ත් මාලදිවයින ඊට ගොඩක් එහා ඉන්නේ.. අපි එන මිනිහවත් නැති කරගන්නවා (බ)
මට නම් පේන්නේ මේ සුද්දා සෑහෙන්න කපටියෙක් වගේ කියලා. සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන මගෙ මිතුරු මිතුරියන් කියන විදියට අපේ රටට එන ගොඩක් විදේශිකයො ලෝකෙ කාල වතුර බීපු අය. මේ අය වියදම් කරන්නත් ලෝභ ඒත් සුපිරිම සේවයක් ඉතා අඩුම මිලකට බලාපොරොත්තු වෙන අය. මේ වගේ මිනිස්සු මිලියන ගණන් ලංකාවට ආවත් කිසි ආදායමක් නෑ. (බ)
මම නම් කැමති නැහැ දුප්පත් හෝ පොහොසත් කිසිම සංචාරකයෙක්ට අවමන් කරනවට. අපි ගමනක් යනකොට සීනි සම්බෝල හදාගෙන යන්නේ පාන් රාත්තලක් අරගෙන කාල වියදම අඩු කරගන්න. අපි රොටි කන සුද්දොන්ට හිනා වෙන්නේ හරියට ලංකාවේ ඉන්නේ ධන කුවේර සුල්තාන්ලා වගේ. (බ)
සංචාරකයො එනවා, සංචාරකයො එනවා කොයි කවුරුත් උදම් ඇනුවට වැඩිපුර එන්නේ හිඟන්නෝ. පානුයි පරිප්පුයි කකා, කොත්තු ඉඳි ආප්ප කකා, බස් එකේ කෝච්චියෙ ගමන් බිමන් යන සංචාරකයො නම් කෝටියක් ආවත් රටට සත පහකවත් වැඩක් නෑ. (බ)
ලකී කියන විදියට වෙන රටක සංචාරයකට යන්න බය හිතෙනවා. අපි මෙහෙත් හිඟන්නෝ වගේ ජීවත්වෙන අය නිසා. ඒ රටවලට අපි ගියාම අපිට එහෙම හිතෙන්න දේවල් වෙනවද නැද්ද කියලා කවුරුහරි රට රටවල සංචාරය කරන කෙනෙක් කියනවද? (නි)
සංචාරකයා කියන්නේ රට තොට බලබලා එහෙ මෙහෙ යන අයට. නැතුව මහලොකු සල්ලි කාරයෝ කියන තේරුමට නොවේ. වෙන රටක් බලන්න ගියාම අපිත් ඒ රටේ සංචරකොයෝ (කෞ)
ලංකාවේ විතරයි සුද්දන්ට වැඩි මුදලක් අපේ අයට අඩු මුදලක් සූ එක බලන්න . මොන තරම් ජඩ වැඩක් ද, වියෙට් නාමේ වත් නෑ මෙහෙම (අ)
ලකී වෙත , ඔවුන්ට ඕනේ විදියට ඔවුන් කපු බීපු දෙන්, හැබය් වැරදි වැඩ නොකර (අ)
ලකී ඔබ හරියටම හරි. අපේ රටේ සංචාරක සේවය ප්‍රවර්ධනය කරන්නේ ආදායම් උපයන්න මිසක්, පින් අතේ වැඩක් විදියට නෙවේ. අපේ රටට එන බහුතර විදේශ සංචාරකයො හිඟන්නො. පරිප්පුයි පානුයි කාල, අඟුපිලි වල ලැගලා යන්න එන පිරිසක් තමා වැඩිපුර එන්නේ. ඇත්තටම දකුණු පළාතේ, නැගෙනහිර පළාතෙ එහෙම හෝටල් වැඩිපුර ආදායමක් හම්බ කරන්නේ දේශීය සංචාරකයන්ගෙන්. (අ)
වුණ වැරැද්දට සමව දෙනවා වනුවට බනින එක හරිද ,කළුහම ,දුඹුරුපාට හම. මේ කට්ටිය ඇමරිකාව වගේ රටකට ගියාම පේමන්ට් එකෙන් හරි මිලයට ගන්නේ අන්තිම ගණන් අඩු එක අපේ රටේ මිනිසුන්ට මුදලේ වටිනාකම දන්නේ නැහැ. (ර)
ලකී, දිනේෂ්, නන්ද, සුද්දන් මෙහෙ එන්නේ KFC හරි මැක් ඩොනල්ඩ් කන්න නෙමෙයි . ඒ මිනිස්සුන්ට සාධාරණ විධියට සලකන්න ඕනේ . හැම තැනම මිල ප්‍රධර්ශනය කරන්න ඕනේ. එක දැන් ලංකාවේ නීතියක් අපේ අය කරන්නේ මුණ බලලා මිල නියම කරන එක. ඉන්දියන් අයට එක ගානක් , චීන අයට තව ගානක්, සුද්දන්ට තව ගානක්. අපිට තව ගානක්. (ර)
අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම විදේශිය සහ දෙසිය සංචාරකයන්ට මේ හෝටල් වලින් අවංක සේවයක් සපයා මුදලක් අය කළ යුතුය . විටින් විට රජය සංචාරකයින් මෙන් වෙස්වලා ගත් නිලධාරීන් යොදවා මෙම හෝටල් පරීක්ෂණයට ලක් කළ යුතුයි (ම)
ඉස්සර අපි ගාල්ල මාතර දිහා සුද්දන්ට සල්ලි මාරු කරලා දෙනවා.අපි නම් වැඩි ලාබ තියාගත්තේ නෑ. (බ)
අපේ රටට එන්නේ හිගන සුද්දෝ ....(ම)
මිල පැහැදිලිව දර්ශනය කිරීමට කාලය ඇවිත් නේද ? (ම)
සුදු ජාතිකයාගේ බිල සංචාරක මග පෙන්වන්න ගෙවන්න ගිය එක හරිම අනුවණ වැඩක් කියලියි මට නම් හිතෙන්නේ. මේ සංචාරකයෝ ලෝකේ කාලා වතුර බිලා ඉන්නේ. එයාල හිතන්නේ අපිට එයාලව පෙන්නේ අහිංසක උදවිය වගේ කියල එකී ඔය වගේ රවටන්න හදන්නේ අපිව. කෑම අනුබව කළොත් ඒකේ බීල ගෙවන්න ඕනේ. එයාට ඕන ගාන ගෙවන්න බෑනේ. කනෙන් රිංගන්න බලන්නේ සුදු හම පෙන්නලා, (බ)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (බ)
සුදු ජාතික අයව දැන් ලේසියෙන් රවටන්න බැහැ. අපේ අය ගාව තිබෙන ළුෑණු ගොරකා මදි දැන් ඒ අයව තම්බන්න.ඉඳි ආප්ප,කට සැර සම්බෝල එක්කම කන්න ඇති.පිට රටවල් වල තිබෙන ශ්‍රී ලාංකික ආපනශාලා වලින්, අපේ දේශීය කෑම වර්ග දැන් සුදු ජාතිකයන් අතර ඉතා ජනප්‍රිය වෙලා තියෙන්නේ.හැම සංචාරක මග පෙන්වන්නන්ම මෙසේ වනවා නම් කෝපමන හොඳද....? (ම)