(හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය)
එදා සෙනසුරාදා දිනයකි. සිද්ධිය නෙත ගැටුණේ හෙට්ටිපොළ සති පොළේදීය. කුරුණෑගල මාර්ගයේ සිට පැමිණි ටාටා බස් දෙකක් සාමාන්‍ය වේගයකින් හෙට්ටිපොළ නගරය පසුකරමින් හලාවත දෙසට ඇදෙන්නට විය.
බස් රථ දෙකෙහිම දෝංකාර දෙන සංගීත නාදය නිසාත් අත්පුඩි ශබ්දය නිසාත් මගදෙපසෙහි බඩු මිලදී ගනිමින් සිටි කීප දෙනෙක් බසය දෙස බැලූහ.
බස් රථ දෙකෙහිම තරුණ පිරිස සාජ්ජය පැවැත්වූවේ හිටගෙනය.
තරුණයන් අතරින්පතර තරුණ විය ඉක්මවූවන් කිහිප දෙනෙක් එලෙසින් සාජ්ජයට එක්වී සිටියහ. මේ අතර ඉදිරියෙන් ගමන් ගත් බස් රථයෙන් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් බස් රථයෙන් බිමට පැන්නේය. තමා ගමන් ගත් බස් රථයේ දී ලබාගත් සතුට අනෙක් බස් රථයෙන් ද ලබා ගැනීමට ඔහුට සිතෙන්නට ඇත.
බස් රථයෙන් පැන්න ඔහු බිම ඇදවැටිණි. බස් රථය සෙමින් ගමන් කළ නිසාවෙන් ඔහුට අනතුරක් නොවීය. වැඩ පෙන්වීමට ගොස් සිදුවූ අකරතැබ්බයෙන් ලැජ්ජාවට පත් ඔහු නැගිට කඩිමුඩියේ දිව ගොස් පිටුපසින් ආ බසයට නැග්ගේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට නොගැලපෙන වැඩක් වගේ (නදී)
දමනය නොකළ සිතේ මහිමය තමයි. රස පසුපස කොච්චර දිව්වත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. (ර)
ජීවිතය පරදුවට තබා ආශාවන් පසු පස හබා යාම. අන්තිමට ඉතින් අහෝ දුකකි. ඉරකි තිතකි. (ර)
බස් රථයේ දොරවල් වහගෙන යන්න නීතියක් තිබුනා නම්, ඔය බයිලා වලින් වැඩක් නැහැනේ. මොන කරුමෙකට හරි බොහෝ දෙනෙක්ගේ වයස මේරුවාට මොළය මෝරන්නේ නැහැනේ. ඒකට ඉතින් අපි මොකද කරන්නේ? (නි)
ඔය මැදිවයසේ අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. හැබැයි හිතාගෙන ඉන්නේ නම් මහා ලොකුවට. (නි)
මේ අයට මේක සුළු දෙයක් (දිල්)
කුමාරිට තවම තිත මතකයි. (ස)