(වැල්ලම්පිටිය - ශාන්ති සෙනෙවිරත්න)
”ශාස්ත‍්‍ර කියනවා, අත පොඞ්ඩක් බලමු නෝනා” කියමින් වෙළෙඳ සලකට ඇතුළු වූ කාන්තාවන් පිරිසක් එහි සේවිකාවන් දෙදෙනා බියට පත්කර භාණ්ඩ සොරාගැනීමට තැත්කිරීම නිසා ඔවුන්ට පොලීසියට යෑමට සිදුවූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
දහදෙනකුගෙන් පමණ සමන්විත මෙම කණ්ඩායම ප‍්‍රදේශයේ සැරිසරමින් ශාස්ත‍්‍ර කියමින් දවස ගෙවන අතරතුරේ මෙම වෙළඳ සැලටද ඇතුළු වී ඇත. එහි ඒ වන විට සිට ඇත්තේ තරුණ සේවිකාවන් දෙදෙනකු පමණක් වන බවද පැවසේ.
වෙළෙඳසැලට ඇතුළු වී ශාස්ත‍්‍ර අහනවාදැයි එක් කාන්තාවක් විමසන අතර තුර සෙසු අය බලෙන් වෙළෙඳ සැලට රිංගාගෙන භාණ්ඩ අතපත ගාමින් ඒවා නොපෙනෙන ලෙස මලූවලට දමාගෙන ඇත.
මේ බව දුටු සේවිකාවක් කෑගසා තිබෙන අතර පසුව ඒ අසලින් ගමන් කළ පිරිමි කිහිප දෙනෙක් සිද්ධිය දැක කාන්තා පිරිස වෙළෙඳ සැල තුුළ සිටියදී දොර වසා වහා පොලීසියට කතාකර ගෙන්වාගෙන ඔවුන් පොලීසියට බාරදීමට පියවර ගෙන තිබේ.
පසුව පොලීසියට ගෙන ගිය මෙම පිරිසට අවවාද කර නැතිබැරි කම් තිබුණ පලියට සොරකමේ නොයෙදෙනෙ ලෙසත් එසේ නැවත කර අසුවුවහොත් දෙන දඬුවම වෙනස් යැයි පවසා මුදාහැර ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම වැඩ! (නි)
වරුණ, ඔයත් මෙහෙම ගිය නේද? දැන් කෝ අර ඔයාට ගරු කරන උරුලෑවා. මෝඩ කතා කීපයක් කියමුද? (දී)
තමාට තමා ගැනවත් ශාස්තර කියන්න බැරි කොට කොහොමද අනිත් අයට ශාස්තර කියන්නේ? එක වෙන්න ඇති කරපු හොරකම අහුඋනේ. (දී)
අධ්‍යාපනය හමාර කරලා රැකියාවට ගියාම හමුවුනා විශ්‍රාම ගිය කාර්මික නිලධරයෙක්. එයා දුන්න අපුරු උපදෙස තමයි පාසලෙන් විශ්ව විද්‍යාලයෙන් ශාස්තරේ ඉගෙනගත්තට රැකියාවෙන් ඉහලටයන්න නම් සූත්තරේ ඉගෙන්ගන්නවෙනවා කියල. මේ වාර්තා වෙච්ච සිද්ධියෙන් පෙනේනේ ශාස්තරේ නොදැන සූත්තරෙන් විතරක් වැඩගන්න බැරි බව. (දී)
සාත්තර හරියන වෙලාවලුත් තියනවා. අපිත් සුත්තර දාපු වෙලාවලුත් නැතුවම නෙවෙයිනේ. එහෙම කෙනෙක් ඉන්නවනම් මට බනින්න. (දී)
රුවන් විතරක් නොවෙයි අපි කවුරුත් කැමතියි ඒ වැඩේට (දී)
රුවන් ඔයාට මාර ආසවක්නේ තියෙන්නේ (දී)
මමත් හරි ආසයි ඔය ඇහැට කනට පේන කෙල්ලන්ට කියල සාත්තර අහන්න. (දී)
මේ ගොල්ල ආයි මේ දේ කරනවා. නිදහස් කළ එක වැරදියි. උසාවි දාන්න තිබුනේ (නදී)
සාස්තර කියන අය හරිම කපටි අය. දවසක් දරුවෙක් තියාගෙන සාස්තර කියන කෙනෙකුට අනුකම්පා කරලා මුදල් දීපු මට බලෙන්ම සාස්තර කියල දෙවියන්ට මුදල් කැපකරන්න කියල මගේ පර්ස් එකම සුද්ද කලා. (ස)
හරි ආසා ඇති කෙල්ලෙක්ට කියලා සාස්තර අහගන්න. කාලෙකින් කාගෙන්වත් හොදට කාලා නෑ වගේ නේද? පුළුවන්නම් එන්න මම හොද සාස්තරයක් කියලා දෙන්නම්. බෙහෙත් තෙල් කුප්පියකුත් අරගෙන එන්න.(අ)
මෙයා නම් නියම වීරයෙක්! (නි)
ඕවා ඔහොම තමයි ශ්‍රියානි (නි)
නිමාලි මසාජ් කරනවද තෙල් කුප්පිය අරගෙන එන්න කිව්වේ (නදී)