අරණායකට නොදුරු එක්තරා ගමක රාත්‍රියේ කොළ පෑගීමේ අවස්ථාවකදී සිදුවූ කතාවක් අපට දැනගන්න ලැබිණි.
ගම්මුන් කී අන්දමට සිද්ධිය මෙසේය.
තවමත් ගම්මානවල වී අස්වැන්න පැසීමෙන් පසු ගම්මුන් අත්තන් ගොස් ගොයම් කපා සියල්ලෝම එකතුවී රාත‍්‍රියේ ගොයම් පෑගීම සිදුකරති. සේතන්ගේ අස්වැන්න පැසීමෙන් පසුද ගොයම් පෑගීම සඳහා සියල්ල සුදානම් වෙමින් පැවතිණි.
හරකුන් ලවා පැය කිහිපයක් මේ කටයුතු සිදුකරන හෙයින් කමතට අවශ්‍ය ආලෝකය ලබාදීමට සේතන් පැට්ටෝල් ලාම්පුවක් රැුගෙන කමතට පැමිණියේය. ගම්මුන් නම් කියන්නේ සේතන් තරමක් මෝඩ පහේ කෙනෙකු කියලයි.
සේතන් කොළ පෑගීමේ අවස්ථාවට ගෙන ආ පැට්ටෝර් ලාම්පුව එල්ලීමට තැනක් නැති නිසා එම ස්ථානයේ තිබූ පැත්තට නැමුණු ගස අල්ලාගත් ඔහු එය තමන් සිටින දෙසට නමා පාත් කිරීමෙන් පසු එහි කෙළවරේ සේතන් විසින් ලාම්පුව එල්ලා ගස අතහැරියේය.
එවිට දුන්නක් දිග හැරියාක් මෙන් ගස කෙළින් වී ලාම්පුව ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. එහි සිටි කයිතන් දැන් ඔය ලාම්පුව හොයා ගන්න ඕනෑ නම් මෙහෙම කරන්න ඕනෑ.
සේතන් ඔය ගහ පාත් කරන්නකෝ?
කයිතන් විසින් අසල තිබූ බුලත් තට්ටුවේ ගිරය ගෙන සේතන් විසින් නමන ලද ගසේ කෙළවරේ ගිරය එල්ලූවේය. කයිතන් උජාරුවෙන් මේ කටයුතුවල නිරත විය. ”ඔන්න දැන් හැමෝම බලාගනිල්ලා දැන් ගිරය ලාම්පුවේ වැදුණ ගමන් සද්දේ ඇහෙනවා.එතකොට හොයා ගන්න පුළුවන්.”
එහි සිටි සියල්ලෝ ද මුව අයා ඒ දෙස සැලකිලිමත්ව බලා සිටියදී උජාරුවෙන්ම තමන් කිරීමට යන හපන්කම පෙන්වීමට ගිරය එල්ලා ගස අතෑරියා පමණි. ලාම්පුවට වූ දේම එයට සිදුවූ අතර පසුදා ලාම්පුව සොයාගත් නමුත් අද වෙන තුරු ලාම්පුව සෙවීමට යැවූ ගිරය සොයා ගැනීමට නොහැකි වූ බව ගම්මු පවසති.
මෙම සිද්ධිය සිදුවී දසකයක් පමණ ගත වුවත් අදටත් එම ගම්මානයේ ”සේතන්ගේ ලාම්පුව සෙව්වා වගේ” කියන කතාව අදටත් සිනා මුසු මුහුණින් ගම්මුන් තවමත් සිහි ගන්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනකම නුවණ තියෙන අය වගේම, ඒක ටිකක් අඩු අයත් සිටින බව අප හැමෝම දැනගත යුතුවෙනවා. එවැනි අයට සමච්චල් කරන්න හොඳ නැහැ.කමතේ එක නුවණක්කාර පුද්ගලයෙක්වත් හිටියා නම් ලාම්පුව එල්ලන්න සේතන්ට පිහිට වෙන්න තිබුණානේ. (නි)
සෙලිනා 2015-07-28 06:06:14 ඇයි මේ උතුමන්ලා හැමදේටම දේශපාලනේ ගාව ගන්නේ ...? තියෙන කුහක කමට නේ. (නදී)
ඇයි මේ උතුමන්ලා හැමදේටම දේශපාලනේ ගාව ගන්නේ ...? (නදී)
[රාජකරුණා 2015-07-27 11:23:51 ඔය ලාම්පු කතාව සත්‍ය කතාවක් කුරුණෑගල මූණමලේ ගමේ ඔය සිද්දිය වෙලා තිබුණා ] අපි අහල තියෙන හැටියට මූණමලේ නෙවි එක වෙලා තියෙන්නේ. සේතන් මාමාට මැදමූලනදී ඕක වුනේ. එයා ගහේ අත්ත උඩ නැග්ගා, පස්සේ දුන්නක් දිග හැරියාක් මෙන් ගස කෙළින් වී, කුරුණෑගලට පැරෂුට් වුනාලු. ඔන්න ඕකයි ඇත්තම සිද්ධිය...(බ)
ඔය ලාම්පු කතාව සත්‍ය කතාවක් කුරුණෑගල මූණමලේ ගමේ ඔය සිද්දිය වෙලා තිබුණා (ම).
අර ජනවාරි 08 වැනි දා විසික්වෙච්ච ලාම්පුව හොයන්න්න දැන් ගිරය ඇවිල්ලා (නදී)
ඔය කියන ගම්පියස්සෙම තරුණ ගැටවරයෙක් තම අනාගත සහකාරියගේ මාපියන් බැහැදැකීමට ගොස් අඳුර වැටී ඇති හෙයින් එම නිවසේ රාත්‍රිය පහන් කරන මෙන් ඔහුට කියා ඇත්තේ අනාගත නැන්දම්මාය. අනාගත බෑනාට ඇති භක්තියටම අලුත් පැදුරක් ගෙන අර පිල උඩින් එලාගෙන නිදියගන්නයි අවසර ලද අනාගත බැණා ඒ රෝල් කර තිබුණු අලුත් පැදුර පිල උඩ තබා එක පැත්තකින් දිගහරින විට අනික් පැත්ත හැකිලෙන වාරයක් ගානේ අනික් හැකිලෙන පැත්ත දිහරිමින් නිදියගන්න පැදුර එළුව මේ බෑණන්දියාව උදේ පාන්දරින් දුටු අනාගත නැන්දම්මා.....හැදිච්ච කොලුවෙක් නිදියපු පැදුර අකුලල තියන්නයි හදන්නේ සිතුනු සැනින්.. අනේ පුතේ මේ තේ එක බීපන් පැදුර කොයි වෙලේ අකුලල තියන්න බැරිද ඇසුණු මේ කොලුවාට රතුකට්ට පැන මම නිදියගන්න තවමත් මේ කෙහෙල්මල් පැදුර එලනවායි ඇසුණු නැන්දම්මට තරු පෙනුනේ රාත්‍රිය පුරා සිදුවී ඇති දේ වැටහීමෙනි (නදී)
මමත් මේ කතාව මම කුඩාකාලේ කිරි අම්මගෙන් කියල දැනගෙන තියෙන විදියට ප්‍රසිද්ධ තුම්පනේ කියන ප්‍රදේශයෙන් ගැමියෙකු විසින් කල කමතේ ගැමි මෝඩ කමක් හැටියට ප්‍රසිද්ධ උෟවකි. (නදී)
බන්දුල මහත්තයා කියන විදිහට මමත් මේ කතාව මීට දසක තුනකට විතර කලින් අපේ ගමේ හිටපු වැඩි හිටියෙක්ගෙන් අහලා තියෙනවා ඒ වැඩිහිටියා කීවේ අපේ ගමට අල්ලපු ගමේ උදවිය හරිම මොඩයි එයාලා මෙහෙම වැඩ කරනවා කියලා, (ම)
මම මේ කතාව දැනට අවුරුදු තිහකට විතර කලිනුත් අහල තියෙනවා මීරිගම පැත්තේ උනා කියලා. ඒ කොහොම උනත් මේක බොහොම උපහාසයෙන් පිරුණු කතාවක්. නමුත් ප්‍රංශයේ නන්දලාල් මහත්මයා කියනවා විදියේ අපහාසයක් හෝ සමච්චලයක් නම් මෙතන නෑ කියලයි මට හිතෙන්නේ. අපේ මුතුන්මිත්තන්ගේ මේ වගේ අහිංසක මෝඩ කම් තිබුනා කියලා අපි හැමෝම දන්නවනේ. ඔය ඉතින් එක කතාවක් විතරයිනේ. ඔය වගේ කතා සිය ගානක් අපේ ව්‍යවහාරයේ තියෙනවනේ. අනික දැන් වුනත් බලන්නකෝ අපේ සමහරු කරන මෝඩ වැඩ, ඒ කොච්චර බුද්ධිමත්තු එපා කියද්දීද. (නදී)
කලකට පස්සේ නියම කතාවක් (නදී)
ඇයි සේතන් මීගමුවෙන් උයන්න ගෙනාපු කකුළුවෝ පැනලා ගිහිල්ලා, කොහෙන් ගියත් කටුනායක එයාර්පෝර්ට් හන්දියෙන් යන්න ඕනෑ කියලා එතන රැකගෙන හිටියලු. (නි)
ඔය ගමේම තමයි අර පොසොන් එකට වෙලේ තොරණ ගහන්නේ.තොරණ ගහලා ලයිට් දාපු දවසේ වැස්සලු. දැන් වතුරේ තව තොරණක් පේනවනේ.සේතන් කිව්වලු තොරණ් දෙකක් වැඩක් නැහැ ලයිට් බිල් දෙකක්නේ, උඩ තොරණ ගලවමු කියලා. ගලවනකොට සේතන් කිව්වලු යට තොරණේ ලයිට් ගියා කොල්ලනේ, යමල්ලා බල්බ් එනවා ඇති පාවෙලා කියලා (නි)
ඇයි වී වපුරන කෙනාගේ අඩි හිටින්නේ නැතිවෙන්න වපුරන්න ඕනෑ කියලා කෙනෙක් කිව්වලු, වපුරන කෙනාව මැස්සක තියලා වී වපුරමු කියලා. (නි)
ලංකාදීපයත් හිනායන කතා දානවා. නියමයි! තව දෙන්න මේ වගේ කතා. ස්තුතියි ලංකාදීපයට! (නි)
පිටබැද්දර ඡයා, ඔයා ඒ ගැන දන්නේ ඔයත් ඒ ගමේද ? (නදී)
හොඳ කතාවක්. මෙහෙම ඒවා දිගටම ලියන්න (නි)
මේ සිද්ධියේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙවන් රස කතා කියමින් කමතේ වැඩකළ හැටි මට සිහිවෙනවා.(නදී)
මේ කතාවම කුලියාපිටියේ කනුගල කියන ගමෙත් වෙලා තියෙනවා ! අදටත් විස්වාසයක් තියෙනවා මේ ගමේ ඉන්නේ මෝඩ මනුස්සයෝ කියල. (ස)