(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
විදෙස් කාන්තාවක තමාගේ මිතුරියක යැයි සිය බිරියට පෙන්වීමට ගිය කැමරා ශිල්පියකුට අලි අමාරුවක වැටීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
විදෙස් යුවළකි. මෙරටට ආවේ ඊයේ පෙරේදාය. ලැගුම් ගත්තේ ඉඳුරුවේය. ලැගුම්ගත් විලා එක අවට වෙසෙන අහිංසක ජනතාව කොරෝනා ව්‍යසනයෙන් විඳින අනේකවිද දුක්ඛදෝමනස්සයන් ඔවුහු දුටුවහ.
ඔවුන් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් තොගයක් බෙදාදීමට මේ විදෙස් යුවළ කටයුතු කළෝය. එදින සුදු මහත්තයාගේ උපන් දිනය දාය. එදින පවුල්වලට වියළි ආහාර පාර්සල් පිරිනැමිණ. එය සිහිවටනයක් ලෙස සනිටුහන් කර ගැනීම සඳහා කැමරා ශිල්පියකුටද ආරාධනා කළහ. වියළි ආහාර පාර්සල් බෙදාදීම නිමාවිය.
අනතුරුව පැවතියේ පොඩි පහේ පාටියකි. පාටිය පොඩිවුවත් එයට සැර බීම ජාති හොඳ හොඳ කෑම ජාති එක්කර තිබිණි. මේ සඳහා ආරාධනා ලැබූවේ දහයකට අඩු පිරිසකි. ඒ අතර මේ කැමරා ශිල්පියාද සිටියේය.
සුදු යුවළගේ සුදු මිතුරියක්ද ඊට එක්වී සිටියාය. ඇය ඒ අවස්ථාවේ පැමිණ සිටි සියලු දෙනා සමගම ඉතාම කුළුපගව හැසුරුණාය. කැමරා ශිල්පියාටද ඒ හිතවත්කම ඇයගෙන් ලැබුණි. කැමරා ශිල්පියාට ඉංග්‍රීසි බැරිවුණත් ඔහු අංග චලනවලින් ඇය සමග සුළු කිට්ටු බවක් ඇති කරගෙන සිටියේය.
රෑබෝවෙමින් තිබිණි. සැර බීම බෝතල්ද හිස්වෙමින් පැවතිණි. බැදපු මස් රස බැලූ කැමරා ශිල්පියාට බීමද සැරටම හිටියේය තමාට විදෙස් මිතුරියක් සිටින බව සිය බිරියට පෙන්වීම හොඳ යැයි ඔහුට සිතෙන්නේ මේ අල්ලපනල්ලේය. ඇය සමග එකට සෙල්පි ඡායා රූපයක් ගෙන එය ඔප්පු කළ යුතු යයි ඔහු සිතුවේය. එය ක්‍රියාවට නැංවීමට ඔහු සූදානම් විය. අර සුදු කාන්තාවට නොදන්නා ඉංග්‍රීසි බසින් කතා කරන්නේ ඒ අනුවය. මේ සඳහා පාටිය පැවති එළිමහනේ සිට විලා එක ඇතුළ පෙන්න පෙන්නා මේ සුදු කතට එයට යමු යයි ඔහු ආරාධනා කළේය.
සුදු නෝනා එය වැරදියට තේරුම් ගත්තාය. තමාට මේ හාදයා කතා කරන්නේ අකටයුත්තකටැයි ඇය සිතුවාය. ඒ නිසාම ඇය තමා සමග සම්බන්ධකම් පවත්වන ලංකාවේ ප්‍රේමවන්තයාට මේ බව කීවාය. ඔහුට යකා නැග්ගේය. තමාගේ විදෙස් කතට අනිසි යෝජනාවක් කර ඇතැයි කියමින් ඔහු කැමරා ශිල්පියාට නෙලන්න පැන්නේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒ අවස්ථාවේ රැඳී සිටියවුන් එය වළක්වාලුවද එතන සිටි පිරිස් ඔහු පිටුපස දොරෙන්ම නිවෙසට යැවීමට කටයුතු කළහ. රාත්‍රී කෑම වේලද නැතිව ඔහුට එන්නට සිදුවිය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුදු කත එක්ක සෙල්ෆි ගහන්න ගිහින් අම්බානක කන්න වෙලා